LISTEN TO

ඕස්ට්‍රේලියානු පුරවසිභාවයේ ඇති වැදගත්කම ගැන මෙල්බර්න් ශ්‍රී ලාංකික ප්‍රජාව SBS සිංහලට දැක්වූ අදහස්
SBS Sinhala
17/09/202411:11
වයස අවුරුදු 18ට අඩු තරුණ ළමුන් ඉලක්ක කර අන්තර්ජාලය හරහා සිදුවන වංචා වල ප්‍රමාණය හතර ගුණයකින් පමණ ඉහල ගොස් ඇතිබව Westpac ආයතනයේ නවතම වාර්තාවකින් හෙළිවී තිබෙනවා. තරුණ ළමුන් ගෙන් 97% ක් පමණ දිනකට පැය 3කට වඩා සමාජමාධ්‍ය භාවිතාව සිදුකරන බව මෙහිදී දත්ත හරහා හෙළිවී තිබෙනවා. මෙම තරුණ ළමුන් සෑම 4 දෙනෙකුගෙන් එක අයෙක්ම අන්තර්ජාල වංචාකරුවන්ට ගොදුරු වන බවද මෙහිදී හෙළිවී තිබෙනවා.
වයස අවුරුදු 8ත් 10ත් අතර සෑම ළමුන් 4දෙනෙකුගෙන් එක් අයෙක්ම සමාජමාධ්‍ය භාවිතාකරන බව අන්තර්ජාල ආරක්ෂාව සම්බන්ද කොමසාරිස් වරයාගේ පර්යේෂණ හරහා හෙළිවී තිබෙනවා
මෙහිදී වයස අවුරුදු 13ත් 17ත් අතර ළමුන් සිටින දෙමාපියන් 1000ක ගේ සහභාගීත්වයෙන් මෙම සමීක්ෂණය සිදුකර තිබෙනවා. එහිදී බොහෝ විට අන්තර්ජාලය හරහා භාණ්ඩ හෝ සේවා මිලදී ගැනීමේදී මේ ආකාරයේ වංචාවලට තරුණ ළමුන් හසුවන බව සොයාගෙන තිබෙනවා. අන්තර්ජාලයේ පවතින වෙළඳපොළවල් සහ ව්‍යාජ වෙබ් අඩවි හරහා බොහෝ විට මෙම වංචනික ක්‍රියා සිදුවන බව Westpac බැංකුවේ මූල්‍ය අපරාධ සහ වංචා වැළැක්වීමේ අංශයේ සාමාන්‍යාධිකාරී ක්‍රිස් විටින්හැම් පවසා සිටිනවා.
ප්‍රසංග සඳහා වන ටිකකට්පත් හෝ සුඛෝපභෝගී භාණ්ඩ හෝ ඇඳුම් සඳහා ඉතා ඉහල වට්ටම් ලබාදෙන මුවාවෙන් වංචා කරුවන් තරුණ ළමුන් වංචා සඳහා ගොදුරු කරගැනීම සිදුකරන බව වාර්තා වනවා. මෙහිදී නිරුවත් වීඩියෝ සහ චායාරූප ළමුන්ගෙන් ලබාගෙන ඉන්පසුව නිරන්තරයෙන් කප්පම් ඉල්ලා සිටීමද සිදුවන බව වාර්තා වනවා. මෙහිදී කුඩා මුදල් ප්‍රමාණයන් නිරන්තරයෙන් කප්පම් ලෙස ඉල්ලා සිටින බව වාර්තා වනවා.
මීට අමතරව මෙම වංචනිකයින් තරුණ ලමුන් ලෙස සමාජමාධ්‍ය අවකාශයේ පෙනී සිටිමින් තරුණ ඕස්ට්‍රේලියානු ළමුන් සමග කුළුපග වී ඔවුන්ගේ පුද්ගලික තොරතුරු සොරාගැනීම සිදුකරන බව Chris Whittingham පෙන්වා දෙනවා. මෙහිදී තමන් විසින් සමාජ මාධ්‍ය හරහා අන්තර්ජාලයට මුදාහරින තොරතුරු පිළිබඳව දැඩි අවධානයකින් පසුවිය යුතු බව ඔහු වැඩිදුරටත් පවසා සිටිනවා.
මෙහිදී ඔබගේ පාසල, ඔබ සිදුකරන ක්‍රීඩා හෝ ඔබ ජීවත් වන ප්‍රදේශය ඇතුළු ඔබ පිලිබඳ ඕනෑම තොරතුරක් භාවිතා කර ඔබ ලෙස පෙනී සිටිමින් වංචා කටයුතු වල යෙදීමට වංචා කරුවන් ක්‍රියා කරන බව Chris Whittingham පෙන්වා දෙනවා. මීට අමතරව ව්‍යාපාර හෝ රාජ්‍ය ආයතන ලෙස පෙනී සිටිමින් තරුණ ළමයින් වන්චානිකයින් විසින් ගොදුරු කරගන්නා බවද වාර්තා වනවා

මෙහිදී දෙමාපියන් සඳහා විශාල කාර්යභාරයක් පැවරෙනවා. තරුණ ළමයින් සමාජ මාද්‍ය භාවිතාවේදී දෙමාපියන් විසින් ඒ සම්බන්දයෙන් දැඩි අවධානයකින් පසුවිය යුතු බව Westpac ආයතනය පෙන්වා දෙනවා. අන්තර්ජාලය තුල ඔබේ දරුවා ඇසුරුකරන පුද්ගලයින් පිළිබඳව නිරන්තර අවධානයකින් පසුවීම මෙහිදී ඉතා වැදගත් වනවා.
සමාජ මාධ්‍ය භාවිතාවට වයස් සීමා පැනවීම සම්බන්දයෙන්ද විශේෂ අවධානයක් යොමුවී තිබෙනවා. වයස අවුරුදු 16ට වඩා වැඩි අය සඳහා පමණක් සමාජ මාධ්‍ය භාවිතාවට ඉඩ ලබා දියයුතු බවට සමීක්ෂණයට සහභාගී වූ දෙමාපියන්ගෙන් අඩක් පමණ දෙනා විස්වාස කරන බව හෙළිවී තිබෙනවා. සමාජමාධ්‍ය භාවිතාවට වයස අවුරුදු 13ට වඩා වැඩිවිය යුතු බවට සමාජ මාධ්‍ය ජාලා තුල නීති පවතිනවා. කෙසේ උවත් වයස අවුරුදු 8ත් 10ත් අතර සෑම ළමුන් 4දෙනෙකුගෙන් එක් අයෙක්ම සමාජමාධ්‍ය භාවිතාකරන බව අන්තර්ජාල ආරක්ෂාව සම්බන්ද කොමසාරිස් වරයාගේ පර්යේෂණ හරහා හෙළිවී තිබෙනවා.
බාල වයස්කාර ළමුන් විසින් සිදුකරන සමාජමාධ්‍ය භාවිතාව වැලක්වීමට ගෙනතිබෙන පියවර සම්බන්දයෙන් අන්තර්ජාල ආරක්ෂාව පිලිබඳ කොමසාරිස්වරයා සමාජමාධ්‍ය ආයතන ප්‍රශ්න කිරීමටද කටයුතු කර තිබෙනවා.
********************************************************************************
ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.
*********************************************************************************
- SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර පිළිබඳ විස්තර
- SBS සිංහල වෙබ් අඩවියට පිවිසෙන්න
- SBS සිංහල Facebook පිටුවට පිවිසෙන්න