'කාලීන තොරතුරු' විශේෂාංගය : තම ප්‍රාන්තයට තවමත් දැඩි lockdown අවශ්‍ය නැති බව NSW අගමැතිනිය පවසයි

Gladys Berejiklian says harsher lockdown not needed in NSW

NSW Chief Health Officer Dr Kerry Chant (middle left ) and NSW Premier Gladys Berejiklian (right) arrive for a COVID-19 press conference update. Source: AAP

NSW ප්‍රාන්තයට දැඩි කොරෝනා සීමා අවශ්‍ය බවට වන යෝජනා ප්‍රාන්ත අග්‍රාමාත්‍යවරිය ප්‍රතික්ෂේප කිරීම සහ ළමුන් හට කොරෝන එන්නත ලබාදීම සම්බන්ධයෙන් සැලකිලිමත් වීම පිළිබඳව තොරතුරු රැගත් අගෝස්තු 19 වන බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.


NSW ප්‍රාන්තය

NSW ප්‍රාන්තයට දැඩි කොරෝනා සීමා අවශ්‍ය බවට වන යෝජනා ප්‍රාන්ත අග්‍රාමාත්‍යවරිය වන Gladys Berejiklian ප්‍රතික්ෂේප කොට සිටී.

පසුගිය පැය 24ක කාලය තුලදී NSW ප්‍රාන්තයෙන් නව කොරෝන ආසාදිතයින් 681 දෙනෙකු වාර්තා වීම සිදු විය .

එමෙන්ම ඊයේ දිනයේදී ප්‍රාන්තයෙන් කොරෝනා ආසාදිතයින් 633 දෙනෙකු වාර්තා වූ අතර ප්‍රාන්ත අග්‍රාමාත්‍යවරිය සඳහන් කොට සිටින්නේ පවතින lockdown නීති දැඩි සහ නිසි සුදුසු වන බවයි.

සිඩ්නි හි නිරිතදිග සහ බටහිර ප්‍රදේශ වලින් වාර්තා වන කොරෝනා සම්ප්‍රේෂණ සම්බන්ධයෙන් වඩාත් සැලකිලිමත් වන අතර ඊයේ වාර්තා වූ අසදිතයින්ගෙන් 550 දෙනෙකු පමණ එම ප්‍රදේශ වලින් වාර්තා වී තිබේ.

මේ වනවිට කොරෝනා ආසාදිතයින් 460 දෙනෙකුට වැඩි පිරිසක් ප්‍රාන්තයේ රෝහල් තුල ප්‍රතිකාර ලබන අතර ආසාදිතයින් 70 අදික පිරිසක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

එමෙන්ම එමගින් ආසාදිතයින් 25 දෙනෙකු පමණ ventilator යන්ත්‍ර ආධාරයෙන් පසුවේ.

වෛරසය වැළඳුනු සෑම පුද්ගලයකුම පාහේ තවත් පුද්ගලයකු හට වෛරසය සම්ප්‍රේෂණය කරන බවට මේ වනවිට පවතින දත්ත මගින් හඳුනාගෙන තිබේ.

NSW ප්‍රාන්ත වැසියන් අදාළ කොරෝනා නීතීන්ට අනුකුලව කටයුතු කිරීමට පෙලඹවීම අපහසු තත්වයක පවතින බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අග්‍රාමාත්‍යවරිය සඳහන් කරනවා

ඇය පවසන්නේ පුද්ගලයින් එක දිනකදී පමණක් පුද්ගලයින් 448 දෙනෙකු පමණ නිසි හේතුවක් නොමැතිව සිය නිවෙස් වලින් බැහැරට ගොස් ඇති බවට හඳුනාගෙන ඇති බවයි.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත විපක්ෂ නායක Chris Minns පවසන්නේ, නිර්දේශ කරන්නේ නම් දැඩි අගුලු lockdown තත්වයක් සඳහා කම්කරු පක්ෂය සහාය වන බවයි.

එමෙන්ම ඔහු සඳහන් කොට සිටින්නේ සෞඛ්‍ය අංශ වලින් ලබාදෙන දත්ත අනුව ප්‍රාන්ත රජය කටයුතු කරන අතර එම ක්‍රියාදාමය ඉතා අසීරු බවද පිළිගන්නා බවයි.

කෙසේ නමුත් ප්‍රාන්තයෙන් වාර්තා වන ඉහල අසාදිත පිරිස අඩු කිරීමට lockdown තත්වය දැඩි කිරීමට තීරණය කළහොත් ඒ සඳහා සහාය දක්වන බව Chris Minns වැඩිදුරටත් පවසයි.

වික්ටෝරියා ප්‍රාන්තය

මෙල්බර්න්හි ගිනිකොන දිග ප්‍රදේශයේ ගණිකා වෘත්තියේ යෙදෙන්නියක් පසුගිය 17 වන දින හඳුනාගත් කොරෝනා ආසාදිතයින් අතර සිටින බව හඳුනාගෙන තිබේ.

එම කාන්තාවගේ සමීප සම්බන්ධතාවයක්ද කොරෝනා වෛරසයට ධනාත්මක වී ඇති බවට හඳුනාගෙන ඇති නමුත් ඇය ජීවත් වන නිවාස සංකීර්ණයේ පුද්ගලයින්ගෙන් 75% දෙනෙකු මේ වනවිට වෛරසයට සෘණාත්මක ප්‍රතිපල පෙන්වා තිබේ.

දරුවන් හට කොරෝනා එන්නත ලබාදීම

දරුවන් හට කොරෝනා එන්නත් ලබාදීමේ කාලය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් අවශ්‍ය බව විපක්ෂය සඳහන් කොට සිටී.

මේ සම්බන්දයෙන් ඕස්ට්‍රේලියානු අගමැතිවරයා සඳහන් කොට සිටින්නේ වයස අවුරුදු 12ත් 15ත් අතර සියලුම දරුවන්ට එන්නත ලබාදීම පිළිබඳව වන තීරණයක් ඉක්මනින් බලාපොරොත්තු වන බවයි.

කෙසේ නමුත් මේ පිළිබඳව වැඩි විස්තරයක් දෙමාපියන් හට අවශ්‍ය වන බව කම්කරු පක්ෂ සෞඛ්‍ය ප්‍රකාශක Mark Butler පවසයි.


Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service