'කාලීන' විශේෂාංගය: ඉදිරියේදී ප්‍රජාවෙන් කිසිදු කොරෝනා ආසාදිතයකු වාර්තා නොවීමේ ඉඩකඩ අඩු බව අගමැති පවසයි

اسکات موریسون نخست وزیر استرالیا

اسکات موریسون نخست وزیر استرالیا Source: AAP

පවතින තත්වය හමුවේ ඉදිරියේදී ප්‍රජාවෙන් ආසාදිතයින් කිසිවකු වාර්තා නොවීමේ ඉඩකඩ අඩු බව ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා සඳහන් කිරීම සහ කොරෝනා එන්නත් ඉලක්ක කරා ලඟා වුවත් lockdown තත්වය ඉවත් කල හැකිද යන්න සම්බන්ධයෙන් ඇතැම් ප්‍රාන්ත ප්‍රශ්න කිරීම පිළිබඳව තොරතුරු රැගත් අගෝස්තු 23 වන සඳුදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.


 Highlights

  • කොරෝනා වෛරසයට එරෙහිව එන්නත් ලබා දීමේ ප්‍රතිෂතය 70% සිට 80% දක්වා සිදු කෙරුනද lockdown තත්වය ඉවත් කල හැකිද යන්න සම්බන්ධයෙන් ඇතැම් ප්‍රාන්ත ප්‍රශ්න කිරීම
  • මේ වනවිට පවතින Delta වෛරස ප්‍රබේදය හේතුවෙන් ඕස්ට්‍රේලියානු ප්‍රජාව තුල ආසාදිතයින් කිසිවකු වාර්තා නොවීමේ ඉඩකඩ අඩු බව ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා සඳහන් කිරීම
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ අද උදැසන සිට බලපැවැත්වෙන නව කොරෝනා සීමා
  • කොරෝනා එන්නත් ලබාගන්නා රාජ්‍ය සේවකයින් හට වැටුප් සහිත ලෙඩ නිවාඩු ලබාදීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය කටයුතු කිරීම

එන්නත් ලබාදීමේ ප්‍රතිශතය 70% සිට 80% දක්වා සිදු කෙරුනද lockdown තත්වය ඉවත් කල හැකිද යන්න සම්බන්ධයෙන් ඇතැම් ප්‍රාන්ත ප්‍රශ්න කිරීම

දෛනිකව වාර්තා වන ආසාදිතයින් සංක්‍යාව සම්බන්ධයෙන් අවධානය යොමු නොකොට එන්නත් ලබාදීමේ ප්‍රතිශතය 70% සිට 80% දක්වා වුවහොත් මේ වනවිට ඇතැම් ප්‍රාන්ත වල පවතින lockdown තත්වය ඉවත් කිරෙමට හැකියාවක් පවතී යන ඕස්ට්‍රේලියානු අගමැතිවරයාගේ මතය ඕස්ට්‍රේලියානු ප්‍රධාන වෛද්‍ය නිලධාරී මහාචාර්ය Paul Kelly ද අනුමත කොට තිබේ.

කෙසේ නමුත් මේ වනවිට Doherty ආයතනය මගින් සපයා ඇති සැලැස්ම මගින් අනතුරු අඟවා තිබෙන්නේ ප්‍රජාවෙන් අඩු ආසාදිතයින් පිරිසක් වාර්තා වීම මත පමණක් lockdown තත්වය ඉවත් කල හැකි බව යි. මේ හේතුවෙන් ඇතැම් ප්‍රාන්ත ප්‍රශ්න කොට සිටින්නේ මෙලෙස වැඩිහිටි පිරිසට සම්පුර්ණ එන්නත් ලබාදීම මගින් පමණක් lockdown තත්වය ඉවත් කල හැකිද යන්න ලෙසයි.

කෙසේ නමුත් ඕස්ට්‍රේලියානු ප්‍රධාන වෛද්‍ය නිලධාරී මහාචාර්ය Paul Kelly පවසන්නේ මේ වනවිට පවතින ආසාදිතයින් සම්බන්ධයෙන් අවධානය යොමු කොට Doherty ආයතනය මෙම සතියේදී ඔවුන්ගේ COVID-19 සඳහා වන ආකෘතියක් සකස් කරන බවයි.

මෙම ආයතනය මීට පෙර එලි දැක්වූ COVID-19 සඳහා වන ආකෘතීන් වලට අනුව එන්නත්කරණය 70% සිට% දක්වා ලබාදුන් පසු ප්‍රජාවට කොරෝනා තත්වයට පෙර සිටි ජීවන තත්වයට බොහෝ දුරකට සමාන ජීවිතයක් ගෙවීමට හැකියාව පවතින බව සඳහන් විය.

නමුත් මේ සම්බන්ධයෙන් විවිධ දේශපාලඥන් විවිධ මත සඳහන් කරන අතර ඔවුන් පෙන්වා දෙන්නේ මෙහි මුල් සැලැස්ම ප්‍රජාවෙන් අඩු ආසාදිතයින් පිරිසක් වාර්තා වීම මත පමණක් රඳා පවතින බවයි.

කෙසේ නමුත් Doherty ආයතනය සමග පසුගිය සිකුරාදා දින සාකච්චා කල අතර මෙම ආකෘතිය සංශෝධනය කල හැකි බව මීට පිළිතුරු වශයෙන් මහාචාර්ය Paul Kelly පවසයි.

ඔහු වැඩි දුරටත් පෙන්වා දෙන්නේ එන්නත්කරණය සඳහා වන ඉලක්ක සපුරාගැනීමෙන් අනතුරුව වෛරසයෙන් රෝගී වීම සහ මියයාම අඩු වන බවයි.

Delta වෛරස ප්‍රබේදය හේතුවෙන් ඕස්ට්‍රේලියානු සමාජය තුල ආසාදිතයින් කිසිවකු වාර්තා නොවීමේ ඉඩකඩ නොපවතින බව ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා සඳහන් කරයි

ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශය , සිය ප්‍රාන්ත වැසියන්ගෙන් 70% සිට 80% දක්වා වන ප්‍රතිශතයකට එන්නත ලබාදීමෙන් අනතුරුව පවතින lockdown සීමා ඉවත් කරන බවට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අග්‍රාමාත්‍යවරිය වන Gladys Berejiklian ගේ මතයට සහය දැක්වීමක් බව පෙනී යයි.

කෙසේ නමුත් ප්‍රජාව අතුරින් ආසාදිතයින් කිසිවෙකු වාර්තා නොවීම දක්වා ප්‍රාන්ත රැගෙන යාමට හැකියාව පවතින බව බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්ත අග්‍රාමාත්‍ය Mark McGowan පවසයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් Doherty ආයතනයේ වසංගත රෝග විද්‍යා අධ්‍යක්ෂ මහාචාර්ය Jodie McVernon Sky News වෙත පවසා ඇත්තේ මේ වනවිට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සහ සෙසු ප්‍රාන්ත වල උද්ගතව ඇති තත්වය අනුව එවැනි උපායමාර්ගයක් සඳහා යාම දුෂ්කර වන බවයි.

මේ හේතුවෙන් මේ වනවිට පවතින තත්වය සම්බන්ධයෙන් සහ ඉන් ඉදිරියට යාම සඳහා වන විකල්පයන් සම්බන්ධයෙන් ජනතාව අවධානය යොමු කල යුතු බවද ඇය පෙන්වා දෙයි.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ නව නීති

අද (23) උදෑසන 12.01 සිට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තුල නව කොරෝනා නීති ක්‍රියාත්මක වේ.

මේ අනුව මේ වනවිට දැඩි අවදානමක් පවතින ප්‍රදේශ ලෙස හඳුනාගෙන ඇති පළාත් පාලන ප්‍රදේශ 12 තුල රාත්‍රී 9 සිට අලුයම 5 දක්වා අතර කාලය තුල ඇඳිරිනීතිය ක්‍රියාත්මක වේ.

ඒ අනුව අවසර ලත් සේවකයෙකු හට හෝ හදිසි අවශ්‍යතාවයක් මත පමණක් එම කාලය තුල නිවසි බැහැරට යාමට අවසර හිමි වේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය පුරා මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය වන අතර ව්‍යායාම කිරීමේදී පමණක් හැර අනෙකුත් සෑම අවස්ථාවකදීම මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය වේ.

එමෙන්ම මේ වනවිට අවදානමක් පවතින බවට හඳුනාගෙන ඇති පළාත් පාලන ප්‍රදේශ 12 තුල සිටින පිරිසට එක් දිනකදී ව්‍යායාම සඳහා වන කාලය පැයක් දක්වා සීමා කොට තිබේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ තත්වය

පසුගිය පැය 24 කාලය තුලදී වික්ටෝරියා ප්‍රාන්තයෙන් නව කොරෝනා ආසාදිතයින් 71 දෙනෙකු වාර්තා වේ. එමෙගින් ආසාදිතයින් 49 දෙනෙකු මේ වනවිට හඳුනාගෙන ඇති කොරෝනා දාමයන්ට සම්බන්ධතා පවතී.

මෙම අසාදිත සංක්‍යාව මෙවර කොරෝනා රැල්ලෙන් ප්‍රාන්තය තුල වාර්තා වූ ඉහලම සංක්‍යාව වශයෙන්ද සැලකේ.

එමෙන්ම කොරෝනා එන්නත් ලබාගන්නා රාජ්‍ය සේවකයින් හට වැටුප් සහිත ලෙඩ නිවාඩු ලබාදීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය කටයුතු කොට තිබේ.

මේ සඳහා හෙද නිලධාරීන්, ගුරුවරුන්, ගිලන්රථ සේවකයින් සහ ගිනි නිවන භටයින් ද ඇතුලත් වේ.

එමෙන්ම අද සිට ක්‍රියාත්මක වන පරිදි නේවාසික වැඩිහිටි සත්කාර හා ආබාධිත සත්කාරක සේවකයින් හට වික්ටෝරියා ප්‍රාන්තයේ පිහිටි එන්නත් මධ්‍යස්ථාන වලදී, වයස් භේදයකින් තොරව තමන් කැමති එන්නත ලබා ගැනීමටද හැකියාව පවතී.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රාන්ත සෞක්‍ය අමාත්‍ය Martin Foley පවසන්නේ තවමත් එන්නත් ලබා නොගත් සේවකයින් ඒ සඳහා ඉදිරියට පැමිණෙන ලෙසයි.


Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service