මේ නත්තල් අලුත් අවුරුදු සතියේ නාන්න යන අයට, ඕස්ට්‍රේලියානු ජීවිතාරක්‍ෂකයින්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

People swimming in the water and relaxing in the sand at a beach.

Beachgoers are seen at Bondi Beach in Sydney, Tuesday, December 17, 2024. Heatwave baking Australia's south-east to be quelled by a cool change sweeping the region on Tuesday, with storms set to race through Victoria and NSW. (AAP Image/Mick Tsikas) NO ARCHIVING, Source: AAP / Mick Tsikas

මෙම වසරේ ගිම්හාන සමයේදී දියේ ගිලීමෙන් ජීවිත 18ක් දැනටමත් අහිමි වී තිබේ. එමෙන්ම මෙම උත්සව සමයේ එම සංඛ්‍යාව තියුනු ලෙස ඉහළ යා හැකි බවට ජීවිතාරක්ෂකයින් අනතුරු අඟවා සිටී.


ඕස්ට්‍රේලියාවේ ගිම්හාන සාමය ආරම්භ වී මේ වනවිට මසකටත් අඩු කාලයක් ගතව තිබේ.

පසුගිය වසරේ එම කාලය හා සසඳන විට ඕස්ට්‍රේලියාවේ දියේ ගිලී මියයෑම් සම්බන්ධයෙන් වන සිදුවීම් ඉහල ගොස් තිබේ.

එය 2023 දී මරණ 14ක් වශයෙන් වාර්තා වූ අතර මෙම වසරේදී එය මරණ 18ක් දක්වා ඉහල ගොස් තිබේ.

නත්තල් දිනය සහ අලුත් අවුරුදු දිනය අතර සතියක කාලය දියේ ගිලි මියයාමේ සිදුවීම් වාර්තා වන මාරාන්තික කාලය බව Royal Life Saving Australia පවසයි.

පුද්ගලයින් පවුලේ අය සහ මිතුරන් සමඟ විවේක ගැනීමට සහ විනෝද වීමට වෙරළ, ගංගා, වේලි, විල් සහ තටාක වෙත මෙම කාලය තුලදී යන අතර සාමාන්‍යයෙන් සෑම වසරකම ජීවිත 15 ක් පමණ අහිමි වේ.



එමෙන්ම බොහෝ පිරිස නුහුරු නුපුරුදු ස්ථාන නැරඹීමට යාම හෝ ජලය අසල විනෝද වීම සිදු කරන අතර මෙවැනි අවස්ථා වලදී අනතුරු අවදානම ඉහල වන බව ප්‍රධාන විධායක Justin Scarr කියා සිටී.

එමෙන්ම මෙම කාලය අධික අවදානමක් සහිත කාලය වන අතර පසුගිය ගිම්හානයේදී ඔස්ට්‍රේලියාව පුරා දියේ ගිලී මිය යාමේ සිදුවීම් වලින් 26% ක් නත්තල් සහ අලුත් අවුරුදු අතර කාලය සිදු වූ බව Justin පවසයි. එය දිනකට පුද්ගලයින් තිදෙනෙකු දියේ ගිලීමක් වහ්සයෙන් දැක්විය හැක.

නත්තල් දින සහ බොක්සිං දිනයේදී දියේ ගිලි මියයාමේ සිදුවීම් වැඩි වශයෙන් වාර්තා වන අතර රජයේ නිවාඩු දිනවලදීත් මෙම සිදුවීම් වැඩි වශයෙන් වාර්තා වේ.

Justin කියා සිටින්නේ උත්සව සමය යනු විවේකය සහ සැමරුම් සඳහා කාලය වන නමුත් එය ජලය අවට සිටීමේ අවදානම්ම කාලය වන බවයි.

මේ හේතුවෙන් ජලය අසල වඩාත් සුපරීක්ෂාකාරීව සිටිය යුතු බවත් Justin කියා සිටී.

මෙම ගිම්හානයේදී ජලය අසල ගත යුතු පූර්වාරක්ෂාවන් මොනවාද?


ඕස්ට්‍රේලියාව පුරා heatwaves සහ ඉහළ උෂ්ණත්වයන් පුරෝකථනය කර ඇති හෙයින්, වැඩි පිරිසක් විවේකය තුලදී ජල මාර්ග වෙත යාමට ඉඩ තිබේ.

මේ හේතුවෙන් අවදානම තවත් ඉහළ යයි.

ජල තටාක ගංගා, වෙරළ සහ විල් අසල මිනිසුන් රැස්වන අතර දහවල් වේලාවන් විශේෂයෙන් අනතුරුදායක වේ.

මේ හේතුවෙන් මෙම නත්තලේදී ජලය අසල සිටියදී වැදගත් පූර්වාරක්ෂාවන් ගන්නා ලෙස Justin සියලු දෙනාගෙන් ඉල්ලා සිටී.

එමෙන්ම කිසිසේත්ම ඔබේ පිහිනුම් හැකියාවන් අධිතක්සේරු නොකරණ ලෙසත් ජලය අසලදී ළමුන්ව නිතරම අධීක්ෂණය කිරීම, මත්පැන් බීමෙන් වැලකීම, කාලගුණ අනාවැකිය පරීක්ෂා කිරීම, අවශ්‍ය විට ජීවිතාරක්ෂක කබා පැළඳීම සහ සැලසුම් වෙනස් කිරීමට සූදානම් වීම සිදු කරන ලෙසත් බලධාරීන් කියා සිටී.

මෙම කාලය තුළ දියේ ගිලී මිය යාමෙන් හතරෙන් එකක් මත්පැන් සම්බන්ධ බවත්, වෙරළ, ගංගා, වැව් සහ ගෙවතු තටාක ඇතුළු සියලුම ජල පරිසරයන්හි මරණ සිදුවිය හැකි බවත් වාර්තා වී තිබේ.

මිනිසුන්ට ඔවුන්ගේ වටපිටාව නුහුරු වීම හේතුවෙන් සංචාරයක හෝ නිවාඩුවක පළමු දිනය බොහෝ විට අනතුරුදායක විය හැකි වේ.

දියේ ගිලීම හේතුවෙන් වූ මරණ සම්බන්ධයෙන් ගත කල, එම මරණ වලින් 40% කට වඩා වැඩි ප්‍රමාණයක් නිවසේ සිට කිලෝමීටර් 50 ක් හෝ ඊට වැඩි දුරකින් සිදුව තිබේ.

නිවාඩු කාලය තුළ දියේ ගිලී මිය ගිය පුද්ගලයන්ගෙන් 40%ක් පමණ ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණික ප්‍රජාවේ පිරිස වේ.

එමෙන්ම 2023 දී සිදු වූ මරණවලින් 30% කට වඩා වැඩි ප්‍රමාණයක් එකවර එක් අයෙකුට වඩා දියේ ගිලී මිය ගිය සිදුවීම් වශයෙන් වාර්තා වේ.

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service