නිවසක මිළේ සාමාන්‍යය ඩොලර් මිලියනය ඉක්මවාගොස් ඇති ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත මෙන්න

2024-10-10_19-55-18.png

The number of million-dollar suburbs across Australia is growing. Source: AAP / Sam Mooy

ඕස්ට්‍රේලියාවේ සමහර ප්‍රාන්ත වල නිවාස මිල ඉතා විශාල ලෙස ඉහල ගොස් තිබෙනවා. ඇතැම් ප්‍රාන්ත වල නිවසක මිලෙහි සාමාන්‍ය ඩොලර් මිලියනය ඉක්මවා ගොස් ඇති බව වාර්තා වනවා.


LISTEN TO
 realstate interview with Lahiru - 10 Oct image

ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ වැඩි මිලකට නිවසක් විකුණගන්න නම් මේ කරුණු ටික ඔබට වැදගත් වේවි

SBS Sinhala

10/10/202406:19
CoreLogic ආයතනය විසින් ඕස්ට්‍රේලියාවේ උප නගර 4,772 ක නිවාස මිලගණන් සම්බන්දයෙන් අධ්‍යයනයක් සිදුකර තිබෙනවා. මෙහිදී එම ප්‍රදේශ වලින් තුනෙන් එකක පමණ නිවසක මිලෙහි සාමාන්‍යය ඩොලර් මිලියනය ඉක්මවා ගොස් ඇති බව වාර්තා වනවා. ඒ අනුව මෙම උප නගර 4,772 අතරින් උප නගර 1,257ක නිවාස මිලෙහි සාමාන්‍යය ඩොලර් මිලියනය ඉක්මවා ගොස් තිබෙනවා. වසරකට පෙර උප නගර 1,057ක පමණක් මෙම තත්වය වාර්තා වී තිබෙනවා.
සිඩ්නිනුවර ඕස්ට්‍රේලියාවේ මිල අධිකම නිවාස ඒකක ඇති නගර 5ක් ඇති බව වාර්තා වනවා.
මීට අමතරව ඩොලර් මිලියනය ඉක්මවූ කුඩා නිවාස ඒකක වල ප්‍රමාණයද ඉහල යමින් පවතින බව වාර්තා වනවා. කුඩා නිවාස ඒකකයක සාමාන්‍ය මිල ඩොලර් මිලියනය ඉක්මවූ උපනගර සංඛ්‍යාව පසුගිය වසරක කාලය තුල 122 සිට 140 දක්වා ඉහල ගොස් තිබෙනවා.

කුඩා නිවාස සහ මහල් නිවාස මිල පසුගිය වසර පුරාවට සියයට 5.1 කින් සහ පසුගිය මාස තුන තුළ සියයට 1.1 කින් ඉහළ ගොස් තිබෙන බව CoreLogic ආයතනයේ ආර්ථික විද්‍යාඥ Kaytlin Ezzy පවසා සිටිනවා.

Sydney නගරයේ උප නගර 314ක් CoreLogic ආයතනය විසින් අධ්‍යයනය කර තිබෙන අතර ඉන් උප නගර 107ක නිවසක සාමාන්‍ය මිල ඩොලර් මිලියනය ඉක්මවා ගොස් ඇති බව වාර්තා වනවා. මෙම උප නගර අතරින් 4ක් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රාදේශීය ප්‍රදේශ වල පැවතීම විශේෂ වනවා.

මෙහිදී මෙල්බර්න් නගරයේ උප නගර 256ක් අධ්‍යයනය කර ඇති අතර ඉන් 11ක නිවසක සාමාන්‍ය මිල ඩොලර් මිලියනය ඉක්මවා ගොස් ඇති බව වාර්තා වනවා.

මීට අමතරව කුවීන්ස්ලන්තයේ ප්‍රාදේශීය ප්‍රදේශ 13ක නිවසක සාමාන්‍ය මිල ඩොලර් මිලියනය ඉක්මවා ගොස් ඇති බව වාර්තා වනවා.
2024-10-10_19-55-54.png
ඩොලර් මිලියනය ඉක්මවන කුඩා නිවාස ඒකක ඇති ප්‍රධාන නගර අතර ප්‍රමුඛස්තානය සිඩ්නි නගරයට හිමිවනවා. සිඩ්නිනුවර ඕස්ට්‍රේලියාවේ මිල අධිකම නිවාස ඒකක ඇති නගර 5ක් ඇති බව වාර්තා වනවා.

Darling Point හි නිවාස ඒකකයක මධ්‍ය අගය ආසන්න වශයෙන් ඩොලර් මිලියන 2.5 ක් වන අතර Barangaroo, Kirribilli, Millers Point සහ Milson Point උප නගර වලද ද නිවාස ඒකකයක මධ්‍ය අගය ඩොලර් මිලියන 2 සීමාව ඉක්මවා යනවා.

මෙල්බර්න් නුවර Ashburton ප්‍රදේශයේ නිවාස ඒකකයක මිලෙහි සාමාන්‍යය ඩොලර් මිලියන 1.23 ඉක්මවන බව වාර්තා වනවා. මෙල්බර්න් නගරයේ Beaumaris, Brighton and Black Rock යන උප නගර වලද නිවාස ඒකකයක මිලෙහි සාමාන්‍යය ඩොලර් මිලියන 1.1 ඉක්මවා ගොස් තිබෙනවා.
2024-10-10_19-56-37.png

කුඩා නිවාස ඒකක මිල ඉහල යාමට බලපෑ හේතු මොනවාද ?

ඉහල පොලී අනුපාත හේතුවෙන් විශාල නිවාස වල මිල දරාගත නොහැකි තත්වයකට පත්වී ඇති අතර මේ හේතුවෙන් බොහෝ පිරිස් කුඩා නිවාස ඒකක මිලදීගැනීමට යොමුවන බව දක්නට ලැබෙනවා. මීට අමතරව කොවිඩ් 19 වසංගත කාලයෙන් පසුව නිවාස ඉදිකිරීම් සඳහා යන පිරිවැය ඉහල යාමද මේ තත්වයට බලපා තිබේ තිබෙනවා. මීට අමතරව නව නිවාස ඉදිකිරීමේ ප්‍රමාණය අඩුවීමද නිවාස ඒකක මිල ගණන් ඉහල යාමට හේතු වී තිබෙනවා.

********************************************************************************










ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.











*********************************************************************************


Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service