ඔබත් සමගම සංචාරයේ යෙදෙන අපිරිසිදු රහස ගැන දැනුවත් වෙමු

Phone dirty iamge.jpg

The vast majority of Australians have a mobile phone and experts are warning harmful bacteria are being carried on unclean surfaces. Source: SBS News

අන්තර්ජාතික සංචාරකයින්ගේ දුරකථනවල වලින් ප්රතිජීවක සදහා ප්රතිරෝධී බැක්ටීරියා සහ හානිකර රෝග කාරක ඕස්ට්රේලියාවට ඇතුළු වන බව ක්ෂුද්‍ර ජීවීන්ගේ DNA විශ්ලේෂණයේදීී සොයාගෙන ඇත.


ඔබත් සමගම සංචාරයේ යෙදෙන අපිරිසිදු රහස ගැන දැනුවත් වෙමු

අන්තර්ජාතික සංචාරකයින්ගේ දුරකථනවල වලින් ප්රතිජීවක සදහා ප්රතිරෝධී බැක්ටීරියා සහ හානිකර රෝග කාරක ඕස්ට්රේලියාවට ඇතුළු වන බව ක්ෂුද්‍ර ජීවීන්ගේ DNA විශ්ලෙශනයදී සොයාගෙන ඇත.
ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 90 කටම පමණ ජංගම දුරකථනයක් හිමි අතර ලොව පුරා Smart ජංගම දුරකථන බිලියන හතක් පමණ ඇති බව ඕස්ට්‍රේලියාවේ Deloitte ආයතනය විසින් කරන ලද පර්යේෂණයකට අනුව පෙන්වා දී ඇත.
සාමාන්‍යයෙන් ඕස්ට්‍රේලියානුවන් ඔවුන්ගේ එදිනෙදා වැඩකටයුතු සදහා , විනෝදාස්වාදය සහ සන්නිවේදනය සඳහා දිනකට පැය පහක් පමණ තම දුරකථන භාවිත කරන අතර මෙම සංඛ්‍යාව ඉහළ යමින් පවතී.
2023 ජනවාරි සිට ඔක්තෝබර් දක්වා කාලය තුළ ඕස්ට්‍රේලියාවට සංචාරකයින් මිලියන 6.8 ක් පැමිණි බවට ඇස්තමේන්තු කර තිබේ මෙලෙස පැමිණි පුද්ගලයන්ගෙ ජංගම දුරකථන හරහා ක්ෂුද්‍ර ජීවීන් මිලියන 749.2 ක් ඕස්ට්‍රේලියාවට ඇතුළු වු බවද 2022 වර්ෂයේදී සිදුකල අධ්‍යනයකින් පුරෝකථනය කොට තිබෙනවා .
දුරකථනවල ඇති බැක්ටීරියා පුද්ගලික සෞඛ්‍යයට පමණක් නොව, ඒවා ශාක හා සත්ත්ව විශේෂවලට අවදානමක් විය හැකිය.

මේ සදහා අදහස් දැක්වූ කුවීන්ස්ලන්ත විශ්ව විද්‍යාලයේ ආචාර්ය Lotti Tajouri පවසා සිටියේ
අපගේ ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම සහ විනශකරී විශබීජ පැතිරීම අවම කිරීම ආර්ථිකයට පමණක් නොව අපගේ ජාතික ආරක්ෂාව සඳහා ඉතා වැදගත් වන බවයි
“SBS ප්‍රවෘත්ති අංශය මගින් ජෛව ආරක්ෂාව පිළිබඳ වගකීම දරන කෘෂිකර්ම, ධීවර හා වන විද්‍යා දෙපාර්තමේන්තුව සම්බන්ධ කර ගෙන කරන ලද විමසීමක් සිදු කලා.

දැනට පවතින ජෛව ආරක්ෂණ පියවර අමතරව ඕස්ට්‍රේලියාවට පැමිණීමෙන් පසු ජාත්‍යන්තර සංචාරකයින්ගේ දුරකථන වලද අපවිත්‍ර තත්වය නැතිකළ බවට පැහැදිලි නිර්නයකයක් ඉදිරිපත් කළ යුතුය බව සදහන් කර තිබේ.

ඔබගේ දුරකතනය කොතරම් අපිරිසිදුද යන්න පිලිබදව ඔබ දැනුවත්ද ?
වැසිකිලියට ගිය පසු අත් සේදීම හෝ සනීපාරක්ෂාව සලසා ගැනීම සිදී නොකිරීම වැනි පුද්ගල සනීපාරක්ෂාව දුර්වල වීමේ ඇතුළු හේතු ගණනාවක් නිසා දුරකථන නිතර අපිරිසිදු විය හැක.
වැසිකිලියේ වාඩි වී සිටින අතර තම දුරකථන භාවිතා කරන විට මෙය විශේෂයෙන් හානිකර විය හැකිය.
දූෂිත පෘෂ්ඨයන් පොදු වැසිලිකිලි තුළ විෂබීජ සම්ප්‍රේෂණයට හේතුවක් ලෙස පුළුල් අධ්‍යයනයන් මගින් සොයාගෙන ඇත.

පරිසර විද්‍යාඥ මහාචාර්ය Erica Donner පවසන්නේ පොදු වැසිකිලි තුළ මලමුත්‍ර , සම සම්බන්ධ බැක්ටීරියා පාංශු බැක්ටීරියා සහ ශ්වසන වෛරස් විශාල පරාසයක් හඳුනාගෙන ඇති අතර ඒවා සම්ප්‍රේෂණය වීමේ අවදානමක් ඇති බවයි.

අපි දැන් බලමු සනීපාරක්ෂාව පිළිබඳ විවිධ ආකල්ප
බැක්ටීරියා සහ රෝග කාරක සම්ප්‍රේෂණය කිරීමේදී පුද්ගලික සනීපාරක්ෂාව පිළිබඳ පුරුදු වඩා වැදගත් වේ.
එක්සත් රාජධානියේ රෝහල්වලවැසිකිල් පිරිසිදුකම පිළිබඳ අධ්‍යයනයකින් හෙළි වූයේ පිරිමි නානකාමරවල කාන්තා වැසිකිලි වඩා විෂබීජ අඩංගු වන බවයි.

අත් සනීපාරක්ෂාව පිළිබඳ සිදුකරන ලද සමීක්ෂණවලින් පිරිමින්ට වඩා කාන්තාවන් නාන කාමර භාවිතයෙන් පසු දෑත් පිරිසිදු කරන බව හෙළිව තිබෙන බව ක්ෂුද්‍රජීව විද්‍යාව පිළිබද විද්‍යාඥ Stephanie Dancer පවසයි.

ඔබගේ දුරකථනය පිරිසිදුව තබා ගැනීමට ඔබ කුමක් කල යුතුද?
ඇමරිකා එක්සත් ජනපදයේ රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථාන විසින් දුරකථන සනීපාරක්ෂාව වැඩි දියුණු කළ හැකි ක්‍රම ලැයිස්තුවක් සකසා ඇත.

  • ඔබේ නිවසින් පිටත සිටින විට, ඔබේ දුරකථනය ඔබේ සාක්කුවේ, පසුම්බියේ හෝ මෝටර් රථයේ තබා ගැනීම
  •  සාප්පු යාමේදී, අවශ්‍ය භාණ්ඩ ලැයිස්තුව දුරකතනයෙ සටහන් කර නොගෙන ලිඛිත  ලැයිස්තුවක් භාවිතා කිරීම.
  •  ගෙවීම් සඳහා ජංගම දුරකතනයේ payID වැනි ක්‍රම භාවිතා නොකර ක්‍රෙඩිට් කාඩ්පතක් භාවිතා කිරීම.
  • පොදු ස්ථානවල සිටීමෙන් පසු, ඔබ ඔබේ දෑත් සෝදා පිරිසිදු කළ පසු පමණක් දුරකථනය ස්පර්ශ කිරීම
  • ඇමතුම් ගැනීමේදී  දුරකථනය  මුහුණ ට ස්පර්ශ වීම  සිදු නොවන පරිදි hands-free උපාංගයක් භාවිත කිරීම
    ********************************************************************************
    ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.

    *********************************************************************************

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service