ඕස්ට්‍රේලියාවේ මුහුදුවෙරලක සංචාරය කරන විට ඔබේ අතිනුත් මේ වැරදි සිදුවෙන්න පුළුවන්

2025-01-17_15-17-33.jpg

Australia's beaches are at their busiest during summer months when people are looking to cool off and relax. Source: Getty / Education Images/Universal Images Group

ග්‍රීස්ම ඍතුව ආරම්භ වීමත් සමග මුහුදු වෙරල වෙත යාමට බොහෝ ඕස්ට්‍රේලියානුවන් කටයුතු කරනවා. නමුත් ඕස්ට්‍රේලියානු වෙරල තීර වලදී ඔබ පිළිපැදිය යුතු අචාරධර්ම පිළිබඳව ඔබ දැනුවත්ද?


LISTEN TO
Drivers license Interview Final image

ඕස්ට්‍රේලියාවේ සුදුසුකම් ලත් මෝටර් රථ රියදුරෙක් වීමට නම් දැනගතයුතු වැදගත් තොරතුරු මෙන්න

SBS Sinhala

14/01/202509:35
වෙනත් රටවල මෙන් ඕස්ට්‍රේලියාවේ පුද්ගලික වෙරලතීර නොමැති අතර සියලුම වෙරල තීර පොදු වෙරල තීර වේ. මේ හේතුවෙන් වෙරළතීර වෙත සංචාරයේ යෙදීමේදී වඩාත් යහපත් අත්දැකීමක් ලබාගැනීම සඳහා ඔබ විසින් සිදුකල යුතු සහ නොකළයුතු දේ පිළිබඳව පෙර දැනුවත් වී සිටීම වැදගත් වනවා. වෙරල තීර වල පවතින මෙවැනි ආචාරධර්ම ගැන තොරතුරු වෙරල ආශ්‍රිත නිරන්තර සංචාරයේ යෙදෙන පිරිස් වලින් විමසා සිටීමට SBS මාධ්‍ය ආයතනය කටයුතු කරනු ලැබුවා.

අවශ්‍ය ප්‍රමාණයට වඩා ඉඩ ලබා ගැනීම සිදු නොකලයුතුයි

වෙරතීරයට යන ඇතැම් පිරිස් කූඩාරම් හෝ විශාල ප්‍රමාණයේ කුඩා රැගෙන යාම සිදුකරනවා. මෙවැනි අවස්තාවලදී ඔබ වෙනුවෙන් වෙරළතීරයේ වෙන්කරගන්නා ඉඩ ප්‍රමාණය පිළිබඳව ඔබ සැලකිලිමත් විය යුතු වනවා. විශේෂයෙන්ම උෂ්ණාධික ඇතැම් දින වලදී වෙරළතීරය ජනතාවගෙන් පිරී ඉතිරී යන බැවින් ඇතැම් පුද්ගලයින් විශාල ඉඩ ප්‍රමාණයක් වෙන්කර ගැනීම අන්අයගේ නිදහසට බාධා කිරීමක් වනවා.

ඝෝෂාකාරී සංගීතය වාදනය කිරීම සිදු නොකලයුතුයි

මුහුදු වෙරළේ සංචාරය කරන ඇතැමුන් අන් යට බාධා වන අයුරින් සංගීත වාදනය කිරීමට පෙළඹෙනවා. මෙයද වෙරල තීර වල සංචාරය කරන බොහෝ පිරිසක් විසින් ප්‍රතික්ෂේප කරන කටයුත්තක් වී තිබෙනවා. සංගීතය වාදනය කිරීමට අවශ්‍යනම් ඒ සඳහා ඉයර්ෆෝන්/ හෙඩ්ෆොර්න් පැලඳීමට ඔබ හැකියාව තිබෙනවා. කිසිවිටෙකත් අන් අයට බාධා වන අයුරින් ගෝශාකාරී සංගීතය වාදනය නොකළයුතු වනවා.

මුහුදු වෙරළේ මත්පැන් පානය සහ දුම්පානයට අවසර තිබෙනවාද?

ජීවිත ආරක්ෂකයින් මුර සංචාරයේ යෙදෙන වෙරල තීර වල වෙරළතීරයේ කොඩි සටහන් කර තිබෙන අතර එම ප්‍රදේශය තුල දුම්පානය තහනම් වේ. කෙසේ උවත් එක් එක් ප්‍රාන්තය අනුව මේ සඳහා බලපාන නීති වෙනස් වේ. ඕස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රාන්තවල මත්පැන් පානය සඳහා තහනම් පනවා තිබෙනවා. නිව්සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඇල්කොහොල් භාවිතාව තහනම් බවට සඳහන් කොට නොමැතිනම් එම ස්ථාන වල ඇල්කොහොල් භාවිතාවට අවසර ඇත. කෙසේ උවත් මත්පැන් භාවිතාකර මුහුදේ නාමටයාම අනතුරුදායක විය හැකි බැවින් ඒ පිළිබඳව ඉතා සැලකිලිමත් විය යුතු වනවා.

සුනඛයින් මුහුදු වෙරළට ගෙනයා හැකිද?

සුනඛයින් මුහුදුවෙරලට ගෙනයාම සම්බන්දයෙන් විවිද සීමා පවතිනවා. විශේෂයෙන්ම වසරේ ඇතැම් කාලවලදී පමණක් සුනඛයින්ව මුහුදුවෙරලට රැගෙනයාමට ඇතැම් ප්‍රාන්ත අවසර ලබා දී තිබෙනවා. ඇතැම් වෙරල තීර වල සුනඛයින් රැගෙනයාමට අදාළ විශේෂ වේලාවන් වෙන්කර තිබෙනවා. මීට අමතරව සුනඛයින් රැගෙනයාම සඳහාම වෙන්වුණු වෙරල තීරද පවතිනවා.මෙම වෙරළතීර අධීක්ෂණය සඳහා සම්පූර්ණ වගකීම අදාළ ප්‍රදේශයේ කවුන්සිලය වෙත පැවරෙන අතර මේ සම්බන්දව නීති ක්‍රියාත්මක කිරීම ඔවුන් සතු වගකීමක් වනවා.

ජීවිත ආරක්ෂාව පිලිබඳ අවධානය යොමුකිරීම ඔබේ ප්‍රමුඛතම කාර්යය වේ

මේ වසරේ ග්‍රීස්ම කාලයේ ආරම්භයේ සිට මේවන තෙක් දියේ ගිලීම හේතුවෙන් ඔස්ට්‍රේලියාව තුල ජීවිතක්ෂයට පත්වූ පිරිස 40ක් පමණ වන බව Royal Life Saving Australia ආයතනයේ දත්ත වලට අනුව පෙනී යනවා. මුහුදු වෙරළේ සංචාරය කිරීමට යාමේදී ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකළයුතු වනවා. පිහිනීම සඳහා සුදුසු ස්ථාන හැඳින්වීමට භාවිතා කරන රතු සහ කහ පති කොඩි සවිකර ඇති අතර එම ස්ථාන වල පමණක් පිහිනීමට යාම ජීවිත ආරක්ෂාව සලසා ගැනීමට ඉතා වැදගත් වනවා. දියනෑමට යාමේදී ජීවිත ආරක්ෂකයින් සිටින මුහුදුවෙරල වෙත යාම සහ එහි ඇති සංඥා පුවරු වෙත අවධානය යොමු කිරීම ඉතා වැදගත් වනවා.

********************************************************************************



ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.



********************************************************************************

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service