ඕස්ට්‍රේලියාවේ 2025 වසරේ සිට ක්‍රියාත්මක වීමට නියමිත අන්තර්ජාතික ශිෂ්‍යයින් සඳහා වන සීමා පිලිබඳ තොරතුරු

Confident University Student

A front-view shot of a young university student standing proud with a smile, he is wearing casual clothing and looking at the camera. Credit: SolStock/Getty Images

2025 වසරේ සිට ජාත්‍යන්තර අධ්‍යාපන හා පුහුණු ක්ෂේත්‍රයට ජාතික සැලසුම් මට්ටමේ සීමාවක් ක්‍රියාත්මක වන බව ඕස්ට්‍රේලියානු රජය නිවේදනය කර ඇත.


 නව  ශිෂ්‍ය සීමා සැලසුම් ඔබට බලපාන්නේ කෙසේද ?
2025 වසරේ සිට ජාත්‍යන්තර අධ්‍යාපන හා පුහුණු ක්ෂේත්‍රයට ජාතික මට්ටමේ නව ශිෂ්‍ය සීමාවක් ක්‍රියාත්මක වන බව ඕස්ට්‍රේලියානු රජය නිවේදනය කර ඇත.

ඕස්ට්‍රේලියාවේ නව ජාත්‍යන්තර ශිෂ්‍ය සීමා ගැන ඔබ මිට පෙර අසා ඇති.
2024 අගෝස්තු 27 වන දින, ඕස්ට්‍රේලියානු රජය ජාතික සැලසුම් මට්ටම (NPL) ලෙස හැඳින්වෙන සීමාවක් මඟින් සෑම වසරකම ජාත්‍යන්තර සිසුන්ට මෙරට අධ්‍යාපනය ලබා දීම සදහා සීමාවන් පැනවීමට නිවේදනය කල බව www.studyaustralia.gov.au වෙබ් අඩවියේ සදහන් වේ.
අන්තර්ජාතික සිසුන් හට මෙරට අධ්‍යාපනය ලබාදීම ඕස්ට්‍රේලියාව ඉදිරියටත් සිදුකරනු ඇත. 2025 වර්ශයේ ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල සඳහා නවක සිසුන්ගේ අරම්භය 2023 වර්ශයේ පැවති මට්ටමට අනුව සකසනු ඇති බව මෙම වෙබ් අඩවියේ සදහන් වේ.

————————————————————————————————————————-
SBS සිංහල ගුවන් විදුලි සේවය,
සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා  --- පෙරවරු 11 සිට



රූපවාහිනියේ channel 38 or 302 (SBS Radio 2)
රූපවාහිනියේ channel 305 (SBS South Asian)

————————————————————————————————————————-

ජාතික මට්ටමින් නව ශිෂ්‍ය සීමා සැලසුම් පැනවිය යුත්තේ ඇයි ?
ඕස්ට්‍රේලියාව ගෝලීය වශයෙන් ඉහළම අධ්‍යයන මට්ටමක් පවතින රටක් වන අතර මෑත වසරවලදී ඕස්ට්‍රේලියාවේ අධ්‍යයන කටයුතු සිදුකිරීම සදහා තෝරා ගන්නා සිසුන් සංඛ්‍යාවේ විශාල වර්ධනයක් දක්නට ලැබේ.
නව ජාතික සැලසුම් මට්ටමින් ශිෂ්‍ය සීම පැනවීම මගින් ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය සහ පුහුණුව සපයන්නන්ට මෙම ශිෂ්‍ය සංඛ්‍යාවේ වර්ධනය කළමනාකරණය කිරීමට උපකාරී වනු ඇත. සම්පත් දායකයින්ට උසස් තත්ත්වයේ වැඩසටහන් අඛණ්ඩව ලබා දීමටත්, විස්තීරණ ශිෂ්‍ය උපකාරක සේවා පිරිනැමීමටත්, ඔවුන් තෝරාගත් වෘත්තියේ අනාගත රැකියා සඳහා සිසුන් වඩාත් හොඳින් සූදානම් කිරීමටත් එය උපකාර වනු ඇත.

මේ සම්බන්ධතවත් වැදගත් දත්ත මොනවාද?
2025 කැලැන්ඩර වර්ෂය සඳහා නව ජාත්‍යන්තර සිසුන් 270,000ක් සදහා අධ්‍යයන කටයුතු සැපයීමට සැලසුම් කරන අතර මෙම ජාතික සැලසුම් මට්ටමේ සීමාවන් 2025 ජනවාරි 1 සිට අදාළ වන බව සදහන් වේ.
මෙයට ඇතුළත් කිරීම් හෝ දීමනා ඇතුළත් නොවේ. එය පාඨමාලාවක් ආරම්භ කරන ජාත්‍යන්තර සිසුන්ගේ සැබෑ සංඛ්‍යාවයි. ශිෂ්‍යයෙකු දැනට අධ්‍යාපනය ලබන ආයතනයේ ම 2025 වර්ශය සදහා දෙවන පාඨමාලාවක් ආරම්භ කරන්නේ නම් එය එම වසරේ සැලසුම් සීමාව යටතේ ගණන් නොගනු ඇත.

2025 ජනවාරි 1 සිට, නව ආරම්භ කිරීම් උසස් අධ්‍යාපන ආයතන සහ වෘත්තීය අධ්‍යාපනය සහ පුහුණුව ලබා දෙන ආයතන අතර බෙදී යනු ඇත.

රාජ්‍ය විශ්වවිද්‍යාල වල අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීම් 145,000ක් පමණ සැලසුම් කර ඇත.

• පුද්ගලික විශ්ව විද්‍යාල සහ විශ්ව විද්‍යාල නොවන උසස් අධ්‍යාපනය ලබාදෙන ආයතන / NUHEP සදහා අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීම් 30,000ක් ලබා දීමට සැලසුම් කර ඇත.

• වෘත්තීය අධ්‍යාපනය සහ පුහුණුව ලබා දෙන ආයතන සදහා අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීම් 95,000 ක් ලබා දීමට සැලසුම් කර ඇත.

මෙම තත්වය අදාල නොවන්නේ  කාටද?

වත්මන් අන්තර්ජාතික සිසුන්ට  මෙම වෙනස්කම්වලට බලපෑමක් සිදු නොවනු ඇත.

ජාතික සැලසුම් මට්ටමේ සීමාවන්ම ගින් බලපෑමට ලක් නොවන අනෙකුත් ශිෂ්‍ය කණ්ඩායම්වලට ඇතුළත් වන්නේ:
• ඔස්ට්‍රේලියානු අන්තර් ජාතික අධ්‍යාපනයක් හෝ ලොව පුරා සිටින ඕස්ට්‍රේලියානු අධ්‍යාපන ආයතනයක හෝ හවුල්කාර අධ්‍යාපන ආයතනයකට ඇතුළත් වූ ජාත්‍යන්තර සිසුන්
• ඕස්ට්‍රේලියාවේ ඉගනුම ලබන පාසල් සිසුන්
• පර්යේෂණ සිදුකරමින් උසස් උපාධිය හදාරන සිසුන්
• වෙනත් අධ්‍යනයක් වෙනුවෙන් ඉංග්‍රීසි භාෂාව හදාරන අන්තර්ජාතික සිසුන්
• විදේශයන්හි අධ්‍යයනය කරන, ශිෂ්‍ය ප්‍රධාන නොලත් සහ හුවමාරු ගණයට අයත් වන සිසුන්
• ඕස්ට්‍රේලියානු රජයෙන් පිරිනමන ලද පුර්ණ ශිෂ්‍යත්ව ලැබූ හෝ පවුද්ගලික අධ්‍යාපන ආයතන වලින් ශිෂ්‍යත්ව ලැබූ සිසුන්
• Pacific සහ Timor-Leste ප්‍රදේශ වලින් පැමිණෙන සිසුන්
Australia’s global campus offering ඕස්ට්‍රේලියාව පුරා විවිධ ස්ථානවල පිහිටි විශ්වවිද්‍යාල හි අධ්‍යාපනය සඳහා විකල්ප, මාර්ගගත වැඩසටහන්, අන්තර්ජාතික මාර්ග සහ twinning programs සහ ලොව පුරා ඕස්ට්‍රේලියානු සහ හවුල්කාර සැපයුම්කරුවන්ගේ විශ්වවිද්‍යාල යන තොරතුරු පිලිබදව සලකා ලබා දෙන බව මෙම වෙබ් අඩවියේ තවදුරත් සදහන් වේ.
********************************************************************************
ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.
*********************************************************************************

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service