ඕස්ට්‍රේලියාවේ ශල්‍යකර්ම සඳහා රජයේ රෝහල් පොරොත්තු ලේඛණයේ සිටින රෝගීන්ගේ ගණන ඉහල යයි

2024-12-10_18-27-18.png

The number of patients undergoing elective surgery in public hospitals is rising. Source: Getty / Pramote Polyamate

ඔස්ට්‍රේලියාව තුල ශල්‍යකර්ම සඳහා පොරොත්තු ලේඛනයේ රැඳී සිටින පිරිසේ ප්‍රමාණය ඉහල ගොස් ඇති බව වාර්තා වනවා. රජයේ රෝහල් වල වැඩි වශයෙන් සිදුකෙරෙන මෙවැනි ‘elective surgery’ ශල්‍යකර්ම සඳහා දිගු කාලයක් බලාසිටීමට බොහෝ රෝගීන්ට සිදුවී ඇති බව නවතම වාර්තාවක් හරහා හෙළිවී තිබෙනවා.


LISTEN TO
sinhala_friday_pod_eating_disorder.mp3 image

ඕස්ට්‍රේලියානු පිරිමි අඩුවෙන් වාර්තා කරන අබාධයකින් බැට කෑ, ලාංකික පසුබිමක් සහිත තරිඳුගේ කතාව

SBS Sinhala

06/12/202409:09
ඔස්ට්‍රේලියාව තුල ශල්‍යකර්ම සඳහා පොරොත්තු ලේඛනයේ රැඳී සිටින පිරිසේ ප්‍රමාණය වාර්තාගත ලෙස ඉහල ගොස් ඇති බව Australian Institute of Health and Welfare ආයතනයේ නවතම දත්ත හරහා හෙළිවී තිබෙනවා. 2023-2024 මූල්‍ය වර්ෂයේ ශල්‍යකර්ම සඳහා පොරොත්තු ලේඛනයේ රැඳී සිටින පිරිසේ ප්‍රමාණය 771,600 ලෙස වාර්තා වනවා. මෙය පසුගිය වසරට සාපේක්ෂව 5%ක වැඩි වීමක් වනවා.
දණහිස් ශල්‍යකර්ම සඳහා පොරොත්තු ලේඛනයේ රැඳී සිටිය යුතු කාලය දින 265ක් පමණ වන අතර උගුරේ සිදුකරන tonsillectomy ශල්‍යකර්ම සඳහා පොරොත්තු ලේඛනයේ රැඳී සිටිය යුතු කාලය දින 187ක් පමණ වේ
කොවිඩ් 19 වසංගත කාලයේ මෙම තත්වය වර්ධනය වීමක් සිදුවී ඇති අතර වර්තමානය වනවිට ශල්‍යකර්ම සඳහා රැඳී සිටිය යුතු කාලය වසංගත කාලයට සාපේක්ෂව යම් අඩුවීමක් සිදුවී තිබෙනවා. කෙසේ උවත් ඇතැම් ශල්‍යකර්ම සඳහා රැඳී සිටිය යුතු කාලයේ වැඩිවීමක් දක්නට ඇති බවද Australian Institute of Health and Welfare ආයතනය පෙන්වා දෙනවා.

2023-2024 වසරේ පොරොත්තු ලේඛන වල සිටි පිරිස් අතරින් 20%ක් පමණ දෙනා උදර ආශ්‍රිත සහ පියයුරු ආශ්‍රිත ශල්‍යකර්ම සඳහා යොමුවී ඇති බව වාර්තා වනවා. මෙම පිරිසෙන් සියයට 15 ක් මුත්‍රාශය, මුත්‍රා මාර්ගය සහ වකුගඩු වැනි මුත්‍රා පද්ධතියේ අවයවවල ශල්‍යකර්ම සඳහා වූ අතර සියයට 14 ක් ඇස් සහ දෘෂ්ටි ස්නායුවල සිදුකරන අක්ෂි සැත්කම් සඳහා පොරොත්තු ලේඛනයේ සිට ඇති බව වාර්තා වනවා.

11%ක් පමණ දෙනා ඇසේ සුද ඉවත්කිරීමේ ශල්‍යකර්ම සඳහා පොරොත්තු ලේඛන වල සිට ඇති බව වාර්තා වනවා.

මෙවැනි ශල්‍යකර්ම (elective surgery) සඳහා පොරොත්තු ලේඛනයේ රැඳී සිටින කාලය කොපමණද ?

2023-24 කාලය තුල පොරොත්තු ලේඛනයේ රැඳී සිටි පිරිසෙන් 50%ක් පමණ දෙනා වසර දින 46ක් ඇතුලත ශල්‍ය කාර්ම සඳහා යොමු වී ඇති බව වාර්තා වනවා. මෙය පසුගිය වසරේ දින 49ක් ලෙස වාර්තා වී ඇති අතර 2019-2020 කාලයේ මෙම අගය දින 39ක් ලෙස වාර්තා වී තිබෙනවා.

කෙසේ උවත් දණහිස් ශල්‍යකර්ම සඳහා පොරොත්තු ලේඛනයේ රැඳී සිටිය යුතු කාලය පසුගිය වසරේ දින 308ක් ලෙස වාර්තා වූ අතර 2023/2024 වසරේ එම අගය දින 265 දක්වා අඩු වී තිබෙනවා.

මෙහිදී උගුරේ සිදුකරන tonsillectomy ශල්‍යකර්මය සඳහා පොරොත්තු ලේඛනයේ සිටින කාලය මේවසරේ දින 187ක් දක්වා වැඩිවී තිබෙනවා.

********************************************************************************



ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.



*********************************************************************************

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service