ඕස්ට්‍රේලියාවේ Long COVID රෝග විනිශ්චය අනුපාතය ඉහල කාණ්ඩ ගැන අලුත් හෙළිදරව්වක්

A woman with blonde hair lying down on the couch wrapped in blankets.

Middle-aged women in higher socioeconomic brackets with preexisting conditions are more likely to be diagnosed with Long COVID. Source: Getty / The Washington Post

Long COVID තත්වය සම්බන්ධයෙන් පවුල් වෛද්‍යවරුන් රෝග විනිශ්චය කිරීමට බොහෝ දුරට ඉඩ ඇති පුද්ගල කණ්ඩායම් පිළිබඳව නවතම අධ්‍යයනයකින් සොයාගෙන තිබේ. කෙසේ නමුත් එම කාණ්ඩයම් එම රෝගී තත්වය වර්ධනය කිරීමට බොහෝ දුරට ඉඩ නොමැති බවට වාර්තා වේ.


Long COVID තත්වය සම්බන්ධයෙන් පවුල් වෛද්‍යවරුන් රෝග විනිශ්චය කිරීමට බොහෝ දුරට ඉඩ ඇති පුද්ගලයින්ගේ කණ්ඩායම් වශයෙන් කාන්තාවන්, මැදි වයසේ අය සහ ධනවත් අය සිටින බව නව අධ්‍යයනයකින් හෙළිව තිබේ.

නමුත් ඔවුන් එයින් පීඩා විඳීමට බොහෝ දුරට ඉඩ ඇති බව සඳහන් කල නොහැකි බව වාර්තා වේ.

මේ හේතුවෙන් එම වාර්තාවේ කතුවරුන් මෙම විශේෂිත කණ්ඩායම් වලට රෝග විනිශ්චය සඳහා ඇති බාධක ගැන සැලකිලිමත් වේ.

The Australian Institute of Health and Welfare (AIHW) හෙවත් ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය හා සුභසාධන ආයතනය ඇස්තමේන්තු කර ඇත්තේ COVID රෝගීන්ගෙන් 10% ක් දක්වා වූ පිරිසකට Long COVID තත්වය වර්ධනය වනු ඇති බවයි.

COVID-19 සහිත බොහෝ පුද්ගලයන් සති කිහිපයක් ඇතුළත සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් වන අතර, ඇතැමුන් එහි දිගු කාලීන බලපෑම් අත්විඳී.

මෙම Long COVID තත්වය සම්බන්ධයෙන් ගෝලීයමය වශයෙන් පිළිගත් නිර්වචනයක් තවමත් නොමැති නමුත් පොදු රෝග ලක්ෂණ අතර හුස්ම හිරවීම, කැස්ස, පපුවේ වේදනාව, තෙහෙට්ටුව, brain fog තත්වය, කරකැවිල්ල, උදර වේදනාව, ඔක්කාරය සහ ඉන්ද්‍රිය හානි පවා ඇතුළත් විය හැකියි.

Macquarie විශ්ව විද්‍යාලයේ මෑත කාලීන අධ්‍යයනයකින් හෙළි වූයේ විශේෂයෙන් මානසික සෞඛ්‍ය තත්වයන්, ඇදුම සහ emphysema වැනි තත්වයන් ඇති පිරිස මෙන්ම පිළිකා සහ ආතරයිටිස් වැනි මාංශ පේශි තත්වයන් ඇති පිරිස Long COVID තත්වය සම්බන්ධයෙන් රෝග විනිශ්චය කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි.

මේ සඳහා වික්ටෝරියා ප්‍රාන්තයේ සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ වෛද්‍ය වාර්තා මිලියන හතක් සමීක්ෂණය කොට තිබේ.

ඒ අනුව වයස අවුරුදු 40 සිට 59 දක්වා කාන්තාවන් සහ ඉහළ සමාජ ආර්ථික තත්ත්‍වයක් ඇති පිරිස අනෙකුත් කණ්ඩායම් වලට වඩා Long COVID තත්වය සම්බන්ධයෙන් රෝග විනිශ්චය අනුපාතයක් ඇති බව සොයා ගෙන තිබේ.

Long COVID රෝග විනිශ්චය සඳහා ඇති බාධා


මෙහිදී Long COVID රෝග විනිශ්චය කිරීමේ ක්‍රියාවලිය ප්‍රධාන කරුණක් වේ.

COVID-19 මෙන් නොව, Long COVID සඳහා පිළිගත් පරීක්ෂණයක් නොමැති අතර ඒ වෙනුවට, විධිමත් Long COVID රෝග විනිශ්චයක් නිකුත් කළ හැකි එකම පිරිස පවුල් වෛද්‍යවරුන් වනවා.

ඕස්ට්‍රේලියානු රජය bulk billing සඳහා දිරි දීමනා තුන් ගුණයකින් ඉහල දැමුවද මෙම තත්වයට ගොදුරු වූ පිරිසට වෛද්‍යවරයා හමුවීමට කිහිප වතාවක් යාමට සිදු විය හැකියි.

කාන්තාවන් පිරිමින්ට වඩා Long COVID වලින් පෙළෙන බව ඇතැම් සාක්ෂි පෙන්වා දෙයි.

නමුත් වාර්තාවේ සම-කර්තෘ Andrew Georgiou පෙන්වා දෙන්නේ පවුල් වෛද්‍යවරුන් හමුවීමට පැමිණීමට පිරිමින්ට වඩා කාන්තාවන් වැඩි සම්භාවිතාවක් තිබීම මත මෙම සාක්ෂි ස්ථිර නොවිය හැකි බවයි.

Macquarie විශ්ව විද්‍යාලයේ රෝග විනිශ්චය තොරතුරු පිළිබඳ මහාචාර්යවරයෙකු වන Georgiou පවසන්නේ අනෙකුත් සාධක Long COVID හි අවදානම පිලිබඳ තත්වය අඩු කරන බවයි.

COVID සමඟ ජීවත් වන පුද්ගලයින් රෝග ලක්ෂණ හඳුනාගෙන වුවද වාර්තා නොකිරීම හෝ සෞඛ්‍ය සේවා සඳහා ප්‍රමාණවත් ප්‍රවේශයක් නොතිබීම සිදු විය හැකි බවත් Georgiou පවසයි.

මේ හේතු මත COVID පිළිබඳව අඩු වාර්තා කිරීමක් සහ COVID පැතිරීම පිළිබඳව නිවැරදි සංඛ්‍යා නොමැතිවීමත් සිදු වේ.

Long COVID අවදානමට ලක්විය හැකි කණ්ඩායම්වලට ඒ සඳහා අවශ්‍ය රැකවරණය නොලැබීම දැකිය හැක.

මිනිසුන්ට ගමන් කිරීමට සිදුවන දුර හෝ පිරිවැය හේතුවෙන් ඔවුන්ට Long COVID සඳහා අවශ්‍ය රැකවරණය නොලැබීම සිදුවිය හැක.

මෙම නව වාර්තාව ඉහළ සමාජ ආර්ථික තත්ත්වය සහ Long COVID රෝග විනිශ්චය අතර සම්බන්ධයක් පෙන්නුම් කරන අතර, Long COVID අඩු සමාජ ආර්ථික කණ්ඩායම්වලට සහ ඇතැම් වාර්ගික හෝ වෘත්තීන්හි පුද්ගලයින්ට බලපාන බව පෙන්නුම් කරන තවත් වාර්තා කිහිපයක් තිබේ.

වෙනස් කළ යුත්තේ කුමක්ද?


Long COVID සහිත පුද්ගලයින්ට ප්‍රතිකාර කිරීමේ ක්‍රමය වැඩිදියුණු කළ යුතු බව Georgiou පවසයි.

Long COVID සහිත පුද්ගලයින්ට සහය වීමට සහ ඔවුන්ගේ රෝග කළමනාකරණය කිරීමට එහි ව්‍යුහයන් තිබිය යුතු බවත් ඔහු පවසයි.

එමෙන්ම මිනිසුන්ට සවන් දෙන බවට වග බලා ගැනීමටත් දරිද්‍රතාවය හෝ දුරස්ථභාවය නිසා Long COVID සඳහා ප්‍රතිකාර නොලබන පිරිස අවම කිරීමට කටයුතු කල යුතු බවත් ඔහු පෙන්වා දෙයි.

Long COVID සම්බන්ධයෙන් වන සත්කාර ආකෘතිය පිළිබඳව නැවත සිතා බැලිය යුතු බවත් ඔහු අවසන් වශයෙන් කියා සිටී.

********************************************************************************


ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.


*********************************************************************************

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service