ඕස්ට්‍රේලියාවේ සේවකයින්ට බලපාන නව නීති සංශෝදනයක් ගැන වෘත්තීය සමිති වලින් අනතුරු ඇඟවීමක්

2024-10-22_17-53-40.png

Unions demand that political parties rule out any reduction to workers' rights ahead of the looming federal election. Source: Getty / burroblando

රැකියා ස්ථාන සඳහා වන නීති සංශෝධනය හරහා මිලියනයක් පමණ වන සේවකන්ගේ ප්‍රධාන අයිතීන් අහිමි වීමක් සිදුවන බව ඕස්ට්‍රේලියානු වෘත්තීය සමිති කවුන්සිලය (ACTU) අනතුරු අඟවා සිටිනවා. අසාධාරණ ලෙස සේවයෙන් පහකිරීම්වලට එරෙහිව සේවකයින්ට ආරක්ෂාව ලබාගැනීමේ හැකියාව මෙන්ම, කොන්ත්‍රාත් පදනමේ සිට ස්ථිර රැකියා අවස්ථා ලබාගැනීමට ඇති හැකියාව වැනි අයිතීන් මේ හරහා බලපෑමට ලක්වන බව ඔවුන් පෙන්වා දෙනවා.


LISTEN TO
Agecare Nurse_21102024 image

ඕස්ට්‍රේලියාවේ වැඩිහිටි සුරකුම් මධ්‍යස්ථානයක හෙදියක වීම පිළිබද වැදගත් තොරතුරු මෙන්න

SBS Sinhala

21/10/202407:23
මිලියනයක් පමණ වන ඕස්ට්‍රේලියානු සේවකයින්ට බලපාන මෙම නීති සංශෝධන පිළිබඳව ඕස්ට්‍රේලියානු වෘත්තීය සමිති කවුන්සිලය ජනතාවට අනතුරු අඟවා සිටිනවා.

කුඩා ව්‍යාපාර පිලිබඳ නිර්වචනය වෙනස් කිරීමට අවධානය යොමුවී තිබෙනවා. මේ හරහා සේවකයින් 15කට වඩා අඩු සේවක ප්‍රමාණයක් ඇති ව්‍යාපාර කුඩා ව්‍යාපාර ලෙස හඳුන්වනු ලැබුවා. නමුත් එහි සේවක ප්‍රමාණය 15 සිට 25 දක්වා ඉහල නැංවීමට කටයුතු කළහොත් ඒ හරහා වර්තමානයේ මධ්‍යම පරිමානයේ ව්‍යාපාරවල සේවකයින් ට බලපාන ඇතැම් නීති බල නොපාන තත්වයක් ඇතිවනවා.
ඇතැම් කළමනාකරුවන් විසින් සේවකයින් අයතා ලෙස සේවයෙන් පහකිරීම සඳහා මෙම නව නීති යොදාගනු ඇති බවට ඕස්ට්‍රේලියානු වෘත්තීය සමිති කවුන්සිලයේ ලේකම් Sally McManus පවසා සිටිනවා
මේ හරහා සේවකයින් අසාධාරණ ලෙස සේවයෙන් පහ කිරීම් සඳහා වැඩි ඉඩක් ලැබෙන අතර කොන්ත්‍රාත් පදනමේ සිට ස්ථිර රැකියා සඳහා යොමුවීමේ අඩු හැකියාවක් එම සේවකයින්ට පවතිනවා.

ඇතැම් කළමනාකරුවන් විසින් සේවකයින් අයතා ලෙස සේවයෙන් පහකිරීම සඳහා මෙම නව නීති යොදාගනු ඇති බවට ඕස්ට්‍රේලියානු වෘත්තීය සමිති කවුන්සිලයේ ලේකම් Sally McManus පෙන්වා දෙනවා. මෙම වෙනස්කම් ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණයට පෙර සිදු නොකරන ලෙස ඇය දේශපාලන පක්ෂ වලින් ඉල්ලා සිටිනවා.

non-compete clauses ලෙස හඳුන්වන සේවක කොන්ට්‍රත්තුවේ ඇති නීති පිළිබඳවද මෙහිදී අවධානය යොමුවී තිබෙනවා. මෙම නීති හරහා සේවකයින් තම සේවා ස්ථානයට හා තරඟකාරීත්වයක් ඇති වෙනස් සේවා ස්ථානයක් වෙත යාම වලකාලීමේ හැකියාව පවතිනවා.

මේ හරහා ඇතිවන බලාපෑම සම්බන්දයෙන් e 61 ආයතනය විසින් සමීක්ෂණයක් සිදුකර තිබෙනවා. එහි සොයා ගැනීම් පහත පරිදි වේ.

  • මෙහිදී මෙම කොන්දේසි වලට යටත්ව සිටින සේවකයින් එසේ නොමැති සේවකයින්ට වඩා 4%ක් අඩුවෙන් වැටුප් ලබන බවද වාර්තා වනවා.
  • සේවකයින් ඉහල වැටුප් ලබන රැකියා අවස්ථා කෙරෙහි යොමුවීම අවම වන බැවින් එය නව රැකියා උත්පාදනය සහ ආර්ථික වර්ධනයටද බලපෑමක් සිදුකරයි.
  • වසර 5කට පසුව මෙම සේවකයින්ගේ වැටුප් වෙනත් සේවකයින් හා සංසන්දනය කිරීමේදී 10%කින් පමණ අඩු බවද වාර්තා වේ.
මෙවැනි කොන්දේසි හරහා වැටුප් වැඩිකිරීම් සඳහා ඉල්ලීම් කිරීමට සේවකයින්ට ඇති අයිතිය අවම වන බව මෙම අධ්‍යයනයේ පර්යේෂණ කළමනා කාර Ewan Rankin පෙන්වා දෙනවා.

********************************************************************************


ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.



*********************************************************************************

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service