ඕස්ට්‍රේලියාවේ බිත්තර වලට මොකද උනේ?

2025-01-21_14-52-19.jpg

Empty egg shelves at a Woolworths store in Melbourne on Saturday. Source: SBS News / Shivé Prema

ඕස්ට්‍රේලියාවේ බොහෝ සුපිරි වෙළඳසැල් වල මේ දිනවල බිත්තර සොයාගැනීමට අපහසු තත්වයක් ඇතිවී තිබෙනවා. පසුගිය කාලය පුරාවටම මෙම තත්වය ක්‍රමක් ක්‍රමයෙන් වර්ධනය වී ඇති අතර සුපිරි වෙළඳසැල් රාක්ක බිත්තර නොමැතිව හිස් වී තිබෙනු බොහෝ පාරිභෝගිකයින් අත්දැක තිබෙනවා. මේ සඳහා හේතු කිහිපයක් බලපා තිබෙනවා.


LISTEN TO
Backpain P2.mp3 image

නිතර ඇතිවන කොන්දේ අමාරු නොසලකා හැරියොත් තත්වය වඩාත් බරපතල වෙන්න පුළුවන්

SBS Sinhala

20/01/202511:16
බිත්තර හිඟයක් ඕස්ට්‍රේලියාවේ පවතින බවට මේ වනවිට බොහෝ පාරිභෝගිකයින් අත්දැකීමෙන් දන්නවා. සුපිරි වෙළඳසල් වල බොහෝ විට බිත්තර සොයා ගැනීම අපහසු වී තිබෙනවා. මේ තත්වයට ප්‍රධාන හේතු කිහිපයක් බලපෑ තිබෙනවා.

බිත්තර හිඟයට බලපෑ හේතු මොනවාද?

මේ සම්බන්දයෙන් ප්‍රධාන සාදක කිහිපයක් බලපෑ ඇති බව ඔස්ට්‍රේලියාව පුරා සිටින බිත්තර ගොවීන් වෙනුවෙන් පෙනී සිටින ජාතික සංවිධානය වන Egg Farmers of Australia ආයතනය පෙන්වා දෙනවා.

කුරුළු උණ හේතුවෙන් ඇති වූ බලපෑම

පසුගිය වසරේ කුරුළු උන හේතුවෙන් කිකිළියන් විශාල ප්‍රමාණයක් මරාදැමීමට සිදුවූ අතර මෙහි බලපෑම තවදුරටත් බිත්තර නිෂ්පාදනය කෙරෙහි ඇතිවී තිබෙනවා. කෙසේ උවත් මේ වන විට එම බිත්තර ගොවිපල බොහොමයක් අලුත් කිකිළියන් තම ගොවිපල සඳහා ලබා ගෙන තිබෙන බව Egg Farmers of Australia ආයතනයේ ප්‍රධාන විධායක Melinda Hashimoto පවසා සිටිනවා.

උත්සව සමයේ ඇති වූ ඉහල ඉල්ලුම

පසුගිය උත්සව සමය සහ පාසල් නිවාඩු කාලය හේතුවෙන් බිත්තර සඳහා ඔස්ට්‍රේලියාව තුල අධික ඉල්ලුමක් පැවතුනු බවත් මේ හේතුවෙන් බිත්තර තොග ඉතා සීග්‍රයෙන් අවසන් වූ බවත් Melinda Hashimoto පවසා සිටිනවා.

බිත්තර වෙළඳ පොළ තුල සිදුවන වෙනස්කම්

සත්ව හිංසනය සඳහාවන නව නීති හේතුවෙන් කූඩූ කරන ලද කිකිලියන්ගෙන් ලබා ගන්නා බිත්තර (Caged eggs) නිෂ්පාදනයෙන් 2036 වනවිට ගොවිපලවල් සම්පූර්ණයෙන් ඉවත්වීමට කටයුතු කරමින් සිටිනවා. මේ සඳහා අවශ්‍ය වෙනස්කම් ගොවිපල තුල සිදුකිරීමට යම් කාලයක් ගතවන අතර එම වෙනස්කම් සිදුකරන ගොවිපලවල් වල බිත්තර නිෂ්පාදනය ඉතා අඩු මට්ටමක පවතින බව වාර්තා වනවා.

මේ අවස්ථාවේ පහසුවෙන් බිත්තර ලබාගත හැක්කේ කුමන වෙළඳසැල් වලින්ද?

ප්‍රධාන සුපිරි වෙළඳසැල් බොහෝවිට Caged Eggs වෙනුවට free-range හෝ barn-laid බිත්තර සඳහා ප්‍රමුඛතාවල ලබාදීමට කටයුතු කරනවා. මේ හේතුවෙන් මේ වනවිට ඔවුන් මෙම බිත්තර හිඟයට වැඩි වශයෙන් මුහුණ දෙන බවත් ප්‍රාදේශීයව ඇති කුඩා එළවලු හෝ පලතුරු අලෙවිකරණ වෙළඳසැල් හරහා පහසුවෙන් බිත්තර ලබාගැනීමට හැකි වනු ඇති බවත් Melinda Hashimoto පවසා සිටිනවා.

බිත්තර නිෂ්පාදනය යථා තත්වයට පත්වන්නේ කවදාද?

මේ වසර තුලදී බිත්තර නිෂ්පාදනය විශාල වශයෙන් ඉහල යනු ඇති බව Melinda Hashimoto අපේක්ෂා කරනවා. කෙසේඋවත් වර්තමානයේ පවතින බිත්තර හිඟය මුළුමනින්ම තුරන් වීමට මාස හයක පමණ කාලයක් ගතවනු ඇතිබවද Melinda Hashimoto පවසා සිටිනවා.

********************************************************************************



ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.




********************************************************************************

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service