ඔබ ජාත්‍යන්තර සිසුවෙක් හෝ casual worker කෙනෙක් හෝ අඩු ආදායම් ලාභියෙක් නම් ඔස්ට්‍රේලියාවේ නිවෙසක් කුලියට ගන්නේ කෙසේද? (SBS සිංහල/වාර්තා)

Renting

ผู้เชี่ยวชาญเผยหลายพันครัวเรือนทั่วประเทศเผชิญกับความเครียดเรื่องค่าเช่าขั้นรุนแรง และมีความเสี่ยงที่จะกลายเป็นคนไร้บ้าน Source: Getty Images

ඔස්ට්‍රේලියාවේ නිවෙසක් කුලියට ගැනීමේදී කුලී හිමියන් හෝ දේපළ වෙළෙඳාම් ඒජන්තවරුන් විවිධ ලිපි ලේඛන සහ සාක්ෂි ඉල්ලා සිටියි.

ඔබගේ ආර්ථික ශක්තිමත් භාවය පිළිබඳ දැනගැනීමට ආදායම් පිළිබඳ විස්තර එහිදී විශේෂිත වේ.

විවිධ ප්‍රාන්ත අනුව නිවෙසක් කුලියට ගැනීමේදී ඉල්ලා සිටින ලිපි ලේඛන සහ සාක්ෂි වල ඇත්තේ සුළු වෙනස්කම්ය.


 

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”


 

ස්ථිර ආදායම් මාර්ගයක් සහිත වුවන්ට එහිදී ප්‍රශ්නයක් නොවන නමුත් ප්‍රථම වරට නිවෙසක් කුලියට ගැනීමට අපේක්ෂා කරන ජාත්‍යන්තර සිසුන්ට, Casual workers හෙවත් අනියම් සේවකයින්ට සහ අඩු ආදායම් ලාභීන්ට එය තරමක් අභියෝගාත්මක කටයුත්තකි.

නමුත් දේපළ වෙළෙඳාම් පිළිබඳ ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම වෙබ් අඩවියක් වන Domain වෙබ් අඩවිය ප්‍රථම වරට නිවෙසක් කුලියට ගැනීමට අපේක්ෂා කරන ඉහත පිරිස් වෙත පහත උපදෙස් ලබා දෙයි.
Renting
Source: AAP

ඔබ casual worker කෙනෙක් නම් නිවෙසක් කුලියට ගන්නේ කෙසේද?

ඔබ casual worker කෙනෙක් නම් ඔබට ස්ථාවර සහ ඒකාකාරී අදායමක් නොතිබීමේ සම්භාවිතාව ඉතා ඉහළය.

එහිදී ඔබ නිවෙසක් කුලියට ගැනීමේදී අදාළ කුලී නිවසේ අයිතිකරුට හෝ දේපළ වෙළෙඳාම් ඒජන්තවරයාට පහත ලිපි ලේඛන සහ සාක්ෂි අවශ්‍ය වේ.

  • තමන්ගේ casual රැකියාවේ මෑත කාලීනව ලබපු වැටුප් ඇතුළත් බැංකු ගිණුම් ප්‍රකාශනයක්.
  • වාර්ෂික ආදායම දැක්වෙන මෑත නුදුරේදීම ලබාගත් tax return එක.
  • ඔබගේ සේවාස්ථානයෙන් ඔබගේ ආදායම සහ චරිතය සහතික කරන ලද ලිපියක්.
  • ඔබ මීට පෙර කුලී ගෙවූ ගෙවීම් සටහන් වුණු විස්තර.
එමෙන්ම ඔබට යම් මොහොතක නිවාස කුලිය ගෙවා ගත නොහැකි වූ විට ඔබ වෙනුවෙන් එය ගෙවිය හැකි ඇපකරුවන් දෙදනෙකු ද නම් කිරීමට හැකිනම් වඩාත් යෝග්‍ය වේ.
Renting
Source: Press Association

ඔබ ජාත්‍යන්තර සිසුවෙක් නම් නිවෙසක් කුලියට ගන්නේ කෙසේද?

නිවෙසක් කුලියට නොදීමට ඔබ ජාත්‍යන්තර සිසුවෙක් වීම හෝ වයසින් අඩු පුද්ගලෙයකු වීම හෝ  ඔස්ට්‍රේලියානු නීතිය අනුව සාධාරණ හේතු නොවන බව සඳහන්.

ඔබට අදාළ නිවසේ කුලී මුදල ගෙවීමට හැකියාවක් ඇත්නම් ඔබට ඒ සඳහා අවස්ථාව හිමිවිය යුතුය.

එහිදී ඔබ නිවෙසක් කුලියට ගැනීමේදී අදාළ කුලී නිවසේ අයිතිකරුට හෝ දේපළ වෙළෙඳාම් ඒජන්තවරයාට පහත ලිපි ලේඛන සහ සාක්ෂි අවශ්‍ය වේ.

  • තමන් රැකියාවක් කරනවානම් මෑතකදී ලබාගත් එහි වැටුප් පත් 3ක්.
  • නුදෙරේදීම ලබාගත් බැංකු ගිණුම් ප්‍රකාශනයක්.
  • ඔබට ආර්ථික වශයෙන් අනුග්‍රහය දක්වන යම් මාර්ගයක් වේනම් එහි විස්තර.
  • වාර්ෂික ආදායම දැක්වෙන මෑත නුදුරේදීම ලබාගත් tax return එක.
  • ඔබගේ සේවාස්ථානයෙන් ඔබගේ ආදායම සහ චරිතය සහතික කරන ලද ලිපියක්.
එමෙන්ම ඔබට යම් මොහොතක නිවාස කුලිය ගෙවා ගත නොහැකි වූ විට ඔබ වෙනුවෙන් එය ගෙවිය හැකි ඇපකරුවන් දෙදනෙකු ද නම් කිරීමට හැකිනම් වඩාත් යෝග්‍ය වේ.
Renting
Source: Wikimedia

ඔබ අඩු ආදායම් ලාභියෙක් නම් නිවෙසක් කුලියට ගන්නේ කෙසේද?

අඩු ආදායම් ලාභියෙකු තමන්ගේ මාසික ආදායමෙන් නිවාස කුලිය 30% කට වඩා අඩු නිවාසයක් තෝරාගැනීම වඩා යෝග්‍ය වේ.

මන්ද නැතිනම් ඔබේ අයදුම්පත ප්‍රතික්ෂේප වීමේ සම්භාවිතාව ඉහළය.

අඩු ආදායම් ලාභියෙක් ලෙස ඔබ නිවෙසක් කුලියට ගැනීමේදී අදාළ කුලී නිවසේ අයිතිකරුට හෝ දේපළ වෙළෙඳාම් ඒජන්තවරයාට පහත ලිපි ලේඛන සහ සාක්ෂි අවශ්‍ය වේ.

  • තමන්ගේ රැකියාවේ මෑතකදී ලබාගත් වැටුප් පත් 3ක්.
  • Centrelink එකෙන් ලැබෙන දීමනා වල විස්තරයක්.
  • නුදෙරේදීම ලබාගත් බැංකු ගිණුම් ප්‍රකාශනයක්.
  • වාර්ෂික ආදායම දැක්වෙන මෑත නුදුරේදීම ලබාගත් tax return එක.
  • ඔබගේ සේවාස්ථානයෙන් ඔබගේ ආදායම සහ චරිතය සහතික කරන ලද ලිපියක්.
එමෙන්ම ඔස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක National Rental Affordability Scheme (NRAS) යටතේ අඩු ආදායම් ලාභීන්ට දැරිය හැකි මට්ටමේ කුලී නිවාස ලබා දීමේ වැඩසටහනක් ක්‍රියත්මක වේ.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

Share
Published 16 January 2019 4:50pm
By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service