ඔස්ට්‍රේලියාවේ HECS-HELP අධ්‍යාපන ණය මුදල් නැවත ගෙවීමේ සීමාව සංශෝධනය කෙරේ. (SBS සිංහල/වාර්තා)

HECS-HELP

Source: Flickr

ලබන මාසයේ සිට බොහෝ ඔස්ට්‍රේලියානුවාසී විශ්ව විද්‍යාල උපාධිධාරීන් හට තමන් රජයෙන් ලබාගත් අධ්‍යාපන ණය මුදල් ඉක්මණින් ගෙවීමට සිදුවනු ඇතැයි වාර්තා වේ.


 

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - 


 

ඒ අනුව අපේක්ෂිත කාලයට වඩා ඉක්මණින් එම ණය මුදල් ගෙවා අවසන් කර දමීමමට ඔවුන් හට සිදුවනු ඇත.
International students
Source: Supplied

HECS-HELP ණය නැවත ගෙවීම

එළඹෙන ජූලි 01 වන දින සිට HECS-HELP ණය මුදලේ repayment threshold හෙවත් නැවත ගෙවීමේ සීමාව ආදායම් බදු වලට පෙර $45,881 ක් ලෙස පහත හෙළනු ඇත.

පසුගිය වසර දෙක තුළ මෙලෙස HECS-HELP ණය මුදලේ නැවත ගෙවීමේ සීමාව පහත දැමු දෙවැනි අවස්ථාව ලෙස මෙය වාර්තා වේ.

2017/18 මුල්‍ය වර්ෂයේදී $55,814 ලෙස තිබූ එම සීමාව 2018/19 දී $51,957 ලෙස පහත දැමුණි.

HECS-HELP ණය මුදල් ලබා ඇති $44,999 - $51,957 අතර අඩු ආදායම් ලාභී පුද්ගලයින්ට තම ආදායමෙන් 1% ක් ගෙවිය යුතු වෙයි.

ඒ අනුව සාමන්‍යයෙන් එවැනි මට්ටමේ සිටින පුද්ගලයෙකුගේ වාර්ෂික ආදායම $45,000 නම් ඔහුට හෝ ඇයට සතියකට $8.60 ක් පමණ නැවත ගෙවිය යුතු වේ.

ඊට අමතරව $44,999 - $51,957 ඇරඹෙන සෑම ආදායම් මට්ටමකම (every income bracket) අයත් HECS-HELP ණය මුදල් ලබා ඇති පුද්ගලයින්ට ඒ සඳහා නැවත ගෙවීමේ ප්‍රතිශතය 1% බැගින් ඉහළ යනු ඇත.

වාර්ෂිකව $131,989 ට වඩා ආදායමක් ලබන පුද්ගලයින්ට තම ආදායමෙන් 10% ක් ගෙවිය යුතු වෙයි.

මෙලෙස HECS-HELP ණය මුදලේ නැවත ගෙවීමේ සීමාව පහත දැමීමෙන් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයට 2020-21 වන තෙක් ඩොලර් මිලියන 345.7 ක ඉතිරියක් සිදුවනු ඇතැයිද සඳහන්.
HECS-HELP
Source: AAP

මෙය ඔබට බලපාන්නේ කෙසේද?

ඔබ ඔස්ට්‍රේලියාවේ HECS-HELP ණය මුදලක් ලබා තම උසස් අධ්‍යාපන කටයුතු නිමකර හෝ තවමත් අධ්‍යාපන කටයුතු සිදුකරමින් රැකියාවක් කරනවානම් ඔබ එම අධ්‍යාපන ණය මුදල යම් මට්ටමකින් ගෙවිය යුතුය.

එළඹෙන ජූලි 01 වන දින සිට ඔස්ට්‍රේලියාවේ අවම වැටුප ඉහළ දැමීමට ගත් තීරණයත් සමග HECS-HELP ණය මුදල ලබා සිටින බොහෝ අඩු ආදායම් ලාභීන්ටද මෙම නැවත ගෙවීමට හසුවීමට බොහෝ දුරට ඉඩ ඇති බව වාර්තා වේ.

උදාහරණයක් ලෙස මෙම අවම වැටුප ඉහළ දැමීමත් සමග 5 වන මට්ටමේ සිටින වෙළෙඳ සහයකවරයෙකුගේ වාර්ෂික වැටුප $45,292 ක් වෙයි.

එමෙන්ම HECS-HELP ණය මුදල ලබා අධ්‍යාපනය ලබන ගමන්ම රැකියාවක නිරත පුද්ගලයින්ට මෙම සංශෝධනය දැඩිව බලපාන බව සඳහන්.

විශේෂයෙන්ම අඩු ආදායමක් සහිත රැකියාවක් කරන ඉහළ පාඨ මාලා ගාස්තු සහිත පාඨ මාලාවන් හදාරන සිසුන්ට මෙය දැඩිව බලපායි.

මෙලෙස HECS-HELP ණය මුදලේ නැවත ගෙවීමේ සීමාව පහත දමනවාට අමතරව ඇතැම් සිසුන් හට එම ණය මුදල හරහා ලබාගත හැකි මුදල් ප්‍රමාණයද ඉහළ දැමීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කර තිබේ.

ඒ අනුව 2019/20 නව මුල්‍ය වර්ෂය ආරම්භ වෙත්ම medicine, dentistry සහ veterinary science යන පාඨ මාලාවන් හදාරන සිසුන් හට ලබාගත හැකි ණය සීමාව $133,552 සිට $150,000  දක්වා ඉහළ දැමෙයි.

අනෙක් සියලු ක්ෂේත්‍ර සඳහා ලබා දෙන ණය සීමාව $104,440 මට්ටමේ ම පසුවෙයි.
HECS-HELP
Source: SBS Sinhala

Share
Published 10 June 2019 2:14pm
By Madhura Seneviratne
Source: The Feed

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service