ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර වල නිවාස වෙන්දේසි වෙළෙඳපොළේ සාධනීය නැග්මක්. (SBS සිංහල/වාර්තා)

Australian Housing Market

Home for Sale by Auction. For Sale sign with auctioneers gavel and a chrome house key fob, with house key. Copy space. Source: Getty Images

පසුගිය මැයි 18 වන දින පැවති ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයෙන් අනතුරුව ඔස්ට්‍රේලියාවේ නිවාස හා දේපළ වෙළෙඳ පොළ යම් සාධනීය ගමන් මගකට පිවිස ඇතැයි බොහෝ දේපළ විශේෂඥයින් පවසයි.

ඒ අනුව ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර වල නිවාස වෙන්දේසි වලදීද යම් නැග්මක් දක්නට ලැබෙමින් පවතින බව වාර්තා වේ.
Australian Housing Market
Source: AAP

සිඩ්නි සහ මෙල්බර්න් නිවාස වෙන්දේසි

ගෙවී ගිය සති අන්තයේදී සිඩ්නි සහ මෙල්බර්න් auction clearance rates 60% කට ඉහළින් පැවතුනු බව වාර්තා වේ.

ඕස්ට්‍රේලියාව පුරාම වෙන්දේසි කිරීම සඳහා නිවාස 2,041 ක් වෙළෙඳපොළට විවෘත කර තිබූ බව CoreLogic ආයතනයේ දත්ත පෙන්වා දෙයි.

මහ මැතිවරණයෙන් පසුව එම ප්‍රමාණය 917 කින් ඉහළ ගොස් ඇති නමුත් පසුගිය වසරේ මේ කාලයෙදී එම අගය 2,297 ක් බව වාර්තා විය.

ඒ අනුව පසුගිය සති අන්තය වන විට සිඩ්නි කලාපයේ auction clearance rate හෙවත් වෙන්දේසි වූ නිවාස ප්‍රතිශතය 69.9% ක් විය.

එමෙන්ම මෙල්බර්න් කලාපයේ වෙන්දේසි වූ නිවාස ප්‍රතිශතය 62.9% ක් විය.
Australian Housing Market
Source: AAP

බ්‍රිස්බේන් සහ පර්ත් කලාප

බ්‍රිස්බේන් කලාපයේ වෙන්දේසි වූ නිවාස ප්‍රතිශතය 37% ක් වූ බව CoreLogic ආයතනයේ නවතම දත්ත පෙන්වා දෙයි.

එමෙන්ම CoreLogic ආයතනයේ නවතම දත්ත වලට අනුව පර්ත් කලාපයේ වෙන්දේසි වූ නිවාස ප්‍රතිශතය 30.8% ක් විය.
Australian Housing Market
Source: AAP

නිවාස වෙන්දේසිවල අනාගත තත්ත්වය

පසුගිය ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයෙන් ලිබරල් සන්ධාන රජය නැවත බලයට පත්වීම නිසා නිවාස වෙළෙඳපොළ පිළිබඳ සුබවාදී දැක්මක් ඇතිකරගත හැකි බව බොහෝ දේපළ විශේෂඥයින් පවසයි.

විශේෂයෙන්ම කම්කරු පක්ෂය යෝජනා කළ negative gearing සහ capital gains tax වල සංශෝධන නව රජය යටතේ ක්‍රියාත්මක නොවීම මේ සඳහා බලපාන ප්‍රධාන සාධකය බවට පත්ව ඇතැයි Westpac ආර්ථික විද්‍යාඥ Matthew Hassan පැවසීය.

ඒ අතරේ ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව පොලී අනුපාතික පහළ දැමීමද මීට ප්‍රබල පිටිවහලක් වනු ඇතැයි ඔහු පෙන්වා දෙයි.
Australian Housing Market
Source: AAP

First-home buyers සහන

ලිබරල් සන්ධානය විසින් මැතිවරණයට පෙර First-home buyers හෙවත් පළමු නිවාසය මිලට ගන්නන් හට ලබා දුන් පොරොන්දුව නිසා ඔස්ට්‍රේලියාවේ නිවාස වෙළෙඳපොළේ ක්‍රියාකාරීත්වය ඉහළ යනු ඇතැයි වාර්තා වේ.

තරුණ ඔස්ට්‍රේලියානුවාසීන්ට නිවාසයක් මිලට ගැනීමේදී ආර්ථික පහසුකම් සැලසීම ලිබරල් සන්ධානයේ ප්‍රධාන මැතිවරණ පොරොන්දුවක් විය.

ඒ අනුව ලිබරල් රජයක් නැවත බලයට පත්වුවහොත් පළමු නිවාසය මිලට ගන්නන් හට නිවාස ණයක් ලබාගැනීමේදී මූලික තැන්පතුව ලෙස මුදල් ගෙවිය යුත්තේ අදාළ නිවසේ වටිනාකමින් 5% ක් පමණක් වෙයි.

ඔස්ට්‍රේලියාවේ වතමන් නිවාස ණය ක්‍රමයේ ඇති දැඩි නීති සහ මුල්‍ය ක්‍රමයන් මධ්‍යයේ මෙය පළමු නිවාසය මිලට ගන්නන් හට විශාල සහනයක් බව අගමැති මොරිසන් මැතිවරණයට පෙර පැවසීය.
Australian Housing Market
Source: SBS Sinhala

Share
Published 5 June 2019 11:34am
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service