මැයි 18 – 27 අතර Facebook දැමූ ඔබේ posts වලට තවත් කරදරයක්. (SBS සිංහල/වාර්තා)

ඡායාරූප වැනි දෑ අලුත් විදියකින් post කිරීමේ ක්‍රමයක් අත්හදා බැලීමේදී මෙම වරද සිදුවූ බව ඔවුන් සඳහන් කරයි.

Facebook admits it made some private posts public for up to 14 million users.

Source: SBS

Facebook භාවිතා කරන්නන්ගේ දත්ත ලොව මහා පරිමාණ ව්‍යාපාර සහ ආයතන වලට අලෙවි කිරීම සම්බන්ධව Facebook ආයතනයට මේ දිනවල ලොව සිව් දෙසින් චෝදනා එල්ල වෙමින් පවතියි.

Facebook භාවිතා කරන ඔස්ට්‍රේලියානුවන්ගේ දත්ත චීනයේ මහාපරිමාණ තාක්ෂණික ආයතනයක් වන Huawei සමාගම වෙත ලබා  දී ඇති බව පසුගියදා අනාවරණය විය.


 

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”


 

ඒ සමගම ඒ පිළිබඳ Facebook ආයතනයේ ප්‍රධාන විධායක Mark Zuckerberg ඔස්ට්‍රේලියාවට ගෙන්වා කරුණු විමසීමට තමන්  සහය දක්වන බව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් ඊයේ (07/06) පැවසීය.

මේ අතරේ Facebook ආයතනයට තවත් දැවැන්ත චෝදනාවක් එල්ල වෙමින් පවතියි.

Facebook මුහුණ දුන් අලුත්ම කරදරය.

ඇතැම් Facebook භාවිතා කරන්නන් තම Facebook ගිණුමේ පුද්ගලිකව හෝ තම යහළුවන්ට පමණක් බැලීමට සීමා කරමින් post කරනු ලබන සටහන් පොදුවේ සැමටම බැලීමට හැකිවන සේ ස්වයංක්‍රීයව post වීමේ සිදු වීමක් පිළිබඳව පුදගලිකත්වය පිළිබඳ Facebook හි ප්‍රධාන නිලධාරිනී Erin Egan නිවේදනයක් නිකුත් කරමින් පැවසුවාය.

එම ප්‍රමාණය මිලියන 14 ක් පමණ වන බව වාර්තා වේ.

පසුගිය මැයි 18 – 27 අතර කාලයේදී මෙම ගැටළුව සිදුවී ඇති බව Facebook ආයතනය පවසයි.

ඡායාරූප වැනි දෑ අලුත් විදියකින් post කිරීමේ ක්‍රමයක් අත්හදා බැලීමේදී මෙම වරද සිදුවූ බව ඔවුන් සඳහන් කරයි.

එනම් එක්තරා පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට පමණක් සීමා කරමින් Facebook භාවිතා කරන්නන් යොමු කරන post, ඒ වෙනුවට පොදුවේ සැමටම (public) පෙනෙන පරිදි හුවමාරු වී තිබේ.
Facebook admits it made some private posts public for up to 14 million users.
Source: SBS

වැරැද්ද නිවැරදි කිරීම

මෙම වැරැද්ද පසුගිය මැයි 22 වන දින නිවැරදි කළ බවත් ඉහත කාලය අතරතුර දැමු සියලු post වෙනස් කිරීමට නොහකි බවත් Facebook ආයතනය දැන්ව සිටියි.

නමුත් මෙම ගැටලුවට මුහුණ දුන් Facebook භාවිතා කරන්නන්ව ඒ පිළිබඳව දැනුවත් කළ බවද Facebook ආයතනය වැඩි දුරටත් දන්වා සිටියි.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------



Share
Published 8 June 2018 5:03pm
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service