වසර 25 කට පසුව ඔස්ට්‍රේලියාවේ හිටපු අගමැති Tony Abbott ගේ මැතිවරණ ආසනය ස්වාධීන අපේක්ෂිකාවකට පරදියි.

Former prime minister Tony Abbott has lost his electorate of Warringah to independent Zali Steggall

Source: AAP

ඊයේ (18/05) පැවති ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයෙන් ඔස්ට්‍රේලියාවේ හිටපු අගමැතිවරයෙකු වූ Tony Abbott ගේ Warringah ආසනය කැපී පෙනෙන පරාජයකට පත්ව තිබේ.

Tony Abbott ගේ Warringah ආසනය වසර 25 ක් පුරාවට ලිබරල් සන්ධානයේ බලකොටුවක්ව තිබූ අතර මෙවර එය පරාජය වුයේ ස්වාධීන අපේක්ෂිකා Zali Steggall හටය.

තමන් පරාජය පිළිගන්නා බවත් නිහඬව සිටිනවාට වඩා පරාජය වීම ගෞරවයක් බවද Tony Abbott ඊයේ රාත්‍රියේ තම පාක්ෂිකයින් හමුවේ පැවසීය.

1994 සිට මේ දක්වා Tony Abbott විසින් Warringah ආසනය නියෝජනය කළ අතර ඉන් අනතුරුව එය ලිබරල් පක්ෂයෙන් ගිලිහුණු ප්‍රථම අවස්ථාව මෙය වේ.

2013 සිට 2015 දක්වා ඔස්ට්‍රේලියාවේ 28 වන අග්‍රාමාත්‍යවරයා ලෙසද Tony Abbott කටයුතු කළේය.

Share
Published 19 May 2019 6:24pm
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service