ඔස්ට්‍රේලියානු මහ මැතිවරණය : කවුරුත් නොසිතූ ලෙස ලිබරල් සන්ධානයට ආශ්චර්යවත් ජයග්‍රහණයක්. (SBS සිංහල/වාර්තා)

Australian Federal Election

Source: AAP

ඊයේ (18/05) පැවති ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයෙන් බලයේ සිටි ලිබරල් සන්ධානය නැවතත් ජයග්‍රහණය කර තිබේ.

ඒ අනුව නොකඩවා තුන්වරටත් ලිබරල් සන්ධානය ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ බලය හිමි කරගැනීමට සමත්වී ඇති අතර Scott Morrison නැවතත් ඔස්ට්‍රේලියානු අග්‍රමාත්‍යවරයා ලෙස තේරී පත්විය.

මෙතෙක් දිනා ඇති පාර්ලිමේන්තු ආසන

මේ වන විට සමස්ත ඡන්ද ප්‍රමාණයෙන් 74.7% ක් ගණනය කර අවසන් බව වාර්තා වේ.

ඒ අනුව මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල වලට අනුව මෙවර ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ ආසන 151 න් මේ වන විට ආසන 74 ක් දිනාගැනීමට ලිබරල් සන්ධානය සමත්වී ඇති අතර කම්කරු පක්ෂය පාර්ලිමේන්තු ආසන 66 ක් දිනා සිටී.

ග්‍රීන්ස් පක්ෂය එක් පාර්ලිමේන්තු ආසනයක්ද ස්වාධීන අපේක්ෂකයින් පාර්ලිමේන්තු ආසන 5 ක්ද මේ වන විට දිනා සිටී.

ඒ අනුව තවත් පාර්ලිමේන්තු ආසන 5 ක අවසන් තීන්දුව ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ.
Australian Federal Election
Source: AAP

ජයග්‍රහණය ආශ්චර්යක්.

තමන් සැමවිටම ආශ්චර්යන් විශ්වාස කරන බව ලිබරල් සන්ධානයේ මැතිවරණ ජයග්‍රහණය තහවුරු කරමින් අගමැති Scott Morrison තම පාක්ෂිකයින් හමුවේ ඊයේ රාත්‍රියේදී පැවසීය.

කම්කරු පක්ෂයට නොසිතු පරාජයක් අත් කරදෙමින් මෙම ලැබූ ජය තමන් නිසාවත් ලිබරල් පක්ෂය නිසාවත් නොව ජනතාව ඉදිරියෙන් තැබූ ඔවුන් අපේක්ෂා කළ රජය නිසා බව අගමැති මොරිසන් එහිදී වැඩි දුරටත් පැවසීය.

එමෙන්ම මෙවර මැතිවරණයෙන් පසුව ලිබරල් පක්ෂයේ සිටින ප්‍රවීණ දේශපාලකයින් කිහිප දෙනෙකුම පාර්ලිමේන්තුවෙන් සමුගැනීම නිසා නව කැබිනට් මණ්ඩලයක් පත් කිරීමටද තමන් සූදානම් බව ඔහු පැහැදිලි කළේය.

Julie Bishop, Christopher Pyne, Kelly O'Dywer, Michael Keenan, Craig Laundy යන පුද්ගලයින් මෙවර මැතිවරණයත් සමගම දේශපාලනයෙන් සමුගැනීමට නියමිතය.
Australian Federal Election
Labor supporters watch the television broadcast in Melbourne. Source: Getty Images

කම්කරු පක්ෂයට නොසිතු පරාජයක්.

මෙවර ඔස්ට්‍රේලියානු මහ මැතිවරණය ඉතා විශිෂ්ඨ ලෙස කම්කරු පක්ෂය විසින් ජයගනු ඇතැයි බොහෝ දෙනෙකුගේ අපේක්ෂාව විය.

ඔස්ට්‍රේලියානු දේශපාලනය පිළිබඳ සිදුකළ සියලු මත විමසුම් සහ සමීක්ෂණ වලින්ද පෙන්නුම් කර සිටියේ කම්කරු පක්ෂය ට මෙවර මැතිවරණය ජයග්‍රහණය කිරීමට වැඩි ඉඩක් ඇති බවය.

නමුත් නොසිතූ ලෙස ලිබරල් සන්ධානය වෙත වාසනාව කැරකුණු බැවින් කම්කරු පක්ෂය නොකඩවා තුන්වන වරටත් ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයකදී පරාජයට පත් විය.
Australian Federal Election
Bill Shorten concedes defeat alongside wife Chloe. Source: AAP

කම්කරු පක්ෂ නායකයා ඉල්ලා අස්වෙයි.

මෙවර මැතිවරණයේ පරාජයත් සමග කම්කරු පක්ෂ නායක බිල් ශෝටන් ඉල්ලා අස්වීමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව ඉදිරියේදී කම්කරු පක්ෂය සඳහා නව නායකෙයකු පත් කරගැනීමට කම්කරු පාක්ෂිකයින්ට සිදුවනු ඇත.

ලිබරල් සන්ධානයේ ජයග්‍රහනයට තමන් සුබ පතන අතරම අගමැති ස්කොට් මොරිසන් හටද තම සුබ ප්‍රාර්ථනා එක් කරන බවත් ඔහු ඊයේ රාත්‍රියේ පැවති විශේෂ කතාවේදී පැවසීය.

කම්කරු පාක්ෂිකයින් මෙවෙලේ ඉතා ශෝක ජනක අවස්ථාවකට පත්ව සිටින බව තමන් දන්නා බවත් කම්කරු පක්ෂය වෙනුවෙන් ඔවුන්ගේ මහගු කැපවීම තමන් ඉතා ඉහළින් අගයන බවත් කම්කරු පක්ෂ නායක  බිල් ශෝටන් එහිදී වැඩි දුරටත් පැවසීය.
Australian Federal Election
Source: SBS Sinhala



Share
Published 19 May 2019 9:45am
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service