අඩු ආදායම් ලාභී පුද්ගලයින්ට ඔස්ට්‍රේලියාවේ නිවාස කුලිය දැරිය නොහැකි මට්ටමකට පැමිණෙමින් තිබෙන බවට අනතුරු ඇඟවීමක්. (SBS සිංහල/වාර්තා)

Rent affordability

Source: Getty Images

කුලී නිවෙසක් ලබාගැනීමට ඔස්ට්‍රේලියාවේ අඩු ආදායම් ලාභීන්ට තිබෙන හැකියාව පෙරටත් වඩා පහළ ගොස් ඇති බව වාර්තා වේ.


 

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -


 

ඔස්ට්‍රේලියාවේ කුලී නිවාස ක්ෂේත්‍රය පිළිබඳ Anglicare Australia සිදුකළ 10 වන වාර්ෂික සමීක්ෂණයේදී මේ බව අනාවරණය වී තිබේ.
"returning the bond for tenants is not impossible, but the house must be in good condition when vacated"
Source: Wikimedia

ඔස්ට්‍රේලියාවේ අඩු ආදායම් ලාභීන් සහ කුලී නිවාස

පසුගිය මාර්තු 23 වන දින වන විට ඔස්ට්‍රේලියාව පුරා නිවාස 69,485 කට වඩා කුලියට දීම පිණිස ප්‍රචාරය කර තිබු බව Anglicare Australia සමීක්ෂණය වාර්තා කරයි.

නමුත් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් ලබාදෙන Newstart සුබ සාධන දීමනාව ලබන තනි පුද්ගලයෙකුට එම නිවාස වලින් නිවාස දෙකකට පමණක් කුලී ගෙවිය හැකි මට්ටමක පැවතුණු බව ඔවුන් පෙන්වා දෙයි.

ඒ අනුව ඔස්ට්‍රේලියාවේ අඩු අදායම් ලාභීන් හට කුලී නිවෙසක් ලබාගැනීමට තිබෙන හැකියාව පෙරටත් වඩා පහළ ගොස් ඇති බව ඔවුන් වාර්තා කරයි.

ඔස්ට්‍රේලියාවේ නිවාස ක්ෂේත්‍රය යම් පසුබෑමකට ලක්වෙලා ඇති බවත් එනිසාම එහි අවදානම අඩු අදායම ලාභීන් වැනි ඉතා අවදානම් සහගත පුද්ගලයින්ට පෙරට වඩා දැඩිව බලපාමින් පවතින බවත් Anglicare Australia හි විධායක අධ්‍යක්ෂ Kasy Chambers, SBS පුවත් සේවයට පැවසුවාය.
Rent affordability
Source: AAP

Rent affordability

නිවාස කුලිය නිවැසියන්ගේ ආදායමෙන් 30% කට වඩා අඩුවෙන් ඇති අවස්ථාව ඔස්ට්‍රේලියාවේ rent affordability හෙවත් දැරිය හැකි නිවාස කුලිය ලෙස Anglicare Australia ආයතනය හඳුන්වයි.

නිවාස කුලිය 30% ට වඩා ඉහළ අවස්ථා එම නිවැසියන් මුල්‍ය පීඩනයන්ගෙන් පෙළීමට වැඩි සම්භාවිතාවක් දක්වන බව ඔවුන් පැහැදිලි කරයි.

ඔස්ට්‍රේලියාවේ අඩු අදායම් ලාභීන් යයි සැලකෙන පුද්ගලයින්ගෙන් 2.2% ක් කුලී නිවාස වල නිවාස කුලිය දැරිය හැකි මට්ටමේ පසුවන බව Anglicare Australia  හි මෙම 10 වන ජාතික සම්කීක්ෂණයේදී අනාවරණය වී තිබේ.

එමෙන්ම විශ්‍රාමික වැටුප් ලබන පුද්ගලයින්ගෙන් හෝ Disability Support විශ්‍රාමිකයින්ගෙන් 0.5% ක්ද කුලී නිවාස වල නිවාස කුලිය දැරිය හැකි මට්ටමේ පසුවන බව හෙළිවී තිබේ.

දැරිය හැකි මට්ටමේ කුලී නිවාස වල විශාල හිඟයක් පවතින බවත් එය නිවාස ගැටලුව ඉහළ නංවන වාර්තාගත හේතුවක් වන බවත් Anglicare Australia හි විධායක අධ්‍යක්ෂ Kasy Chambers, SBS පුවත් සේවයට පැවසුවාය.

මේ වන විට අඩු ආදායම් ලාභී නිවැසියන්ගෙන් 44% ක ප්‍රතිශතයක් නිවාස ප්‍රශ්නයෙන් පීඩා විඳින බව ත් එය 2008 වසර වන පැවතියේ 35% ක මට්ටමක බවත් Anglicare Australia හි නවතම වාර්තාව අනාවරණය කරයි.
Rent affordability
Source: Press Association

ඔස්ට්‍රේලියාවේ Newstart දීමනාව

මේ වන විට තනි පුද්ගලයෙකු හට Newstart දීමනාව ලෙස සතියකට $270 ක මුදලක් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයෙන් පිරි නැමෙන අතර එය දිනකට $40 පමණ මුදලකි.

නමුත් එම මුදල සෑහීමකට පත්විය හැකි මට්ටමේ නොවන බව බොහෝ Newstart දීමනා ලබන පුද්ගලයින් මැසිවිලි නගමින් සිටියි.

මේ අතර හෙට (18/05) පැවැත්වෙන ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයෙන් කම්කරු පක්ෂය ජයගතහොත් Newstart දීමනාව සංශෝධනය කිරීමට අවධානය යොමු කරන බව කම්කරු පක්ෂය පොරොන්දු වී ඇත.

එමෙන්ම ඔස්ට්‍රේලියාවේ Newstart දීමනාව සතියකට $75 කින් ඉහළ දැමිය යුතු බවට Australian Council of Social Service හි ප්‍රධාන විධායිකා Cassandra Goldie, SBS පුවත් සේවයට පැවසුවාය.
Rent affordability
Source: SBS Sinhala

Share
Published 17 May 2019 10:54am
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service