ප්‍රමාණවත් තරමේ නින්දක් නොලැබීම පිළිබඳ පළවූ නවතම වාර්තාව මෙන්න. (SBS සිංහල/වාර්තා)

සංවර්ධිත රටවල පුද්ගලයින් ප්‍රමාණවත් තරමේ නින්දක් නොලැබීමේ ප්‍රවණතාව ක්‍රමිකව වර්ධනය වී ඇති බවත් එම සංඛ්‍යාව ප්‍රතිශතයක් ලෙස 20-30% ක් ලෙස දැක්වෙන බවත් වාර්තා වේ.

inadequate sleep

Source: Getty Images

කාර්මික රටවල් වල පුද්ගලයින් ප්‍රමාණවත් තරමේ නින්දක් නොලැබීමෙන් ඩොලර් බිලියන ගණනක ආර්ථික පාඩුවක් සිදුවන බව RAND Corporation ආයතනයේ පර්යේෂකයින් සොයාගෙන තිබේ.

සේවකයින් ප්‍රමාණවත් තරමේ නින්දක් නොලැබීම හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ වසරකට සිදුවන ආර්ථික පාඩුව ඩොලර් බිලියන 400 ක් පමණ වන බවත් එය වැඩකරන දින මිලියන 1.23 ක පාඩුවක් බවත් ගණන් බලා ඇත.

මෙලෙස සේවකයින් ප්‍රමාණවත් තරමේ නින්දක් නොලැබීම හේතුවෙන් දැඩි ලෙස අලාභ අත්කරගන්නා ලොව දෙවැනි රට ලෙස ජපානය හැඳින්වේ.

තම සේවකයින්ට ප්‍රමාණවත් තරමේ නින්දක් නොලැබීම හේතුවෙන් ජපානයට වසරකට ඩොලර් බිලියන 138 ක් පමණ පාඩු වන බව වාර්තා වේ.
inadequate sleep
Source: AAP

ප්‍රමාණවත් තරමේ නින්දක් නොලැබීම

සංවර්ධිත රටවල පුද්ගලයින් ප්‍රමාණවත් තරමේ නින්දක් නොලැබීමේ ප්‍රවණතාව ක්‍රමිකව වර්ධනය වී ඇති බවත් එම සංඛ්‍යාව ප්‍රතිශතයක් ලෙස 20-30% ක් ලෙස දැක්වෙන බවත් වාර්තා වේ.

ප්‍රමාණවත් තරමේ නින්දක් නොලැබීම හේතුවෙන් සේවා ස්ථානයේදී ආරක්ෂාවට මෙන්ම ඵලදායිතාවටද ඉමහත් බලපෑමක් සිදු කරන බව බටහිර ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාලයේ මහාචාර්ය වෛද්‍ය David Hillman පවසයි.

එමෙන්ම සේවා ස්ථානයේ දරුණු අනතුරු ඇතිවීමේ වැඩි සම්භාවිතාවක් ද මේ හේතුවෙන් ඇති බව ඔහු පෙන්වා දෙයි.
inadequate sleep
Source: SBS

ප්‍රමාණවත් තරමේ නින්දක පැය ගණන

සාමාන්‍ය වැඩිහිටියෙකු දිනකට පැය 8 ක්වත් නිදාගත යුතු බව ඔස්ට්‍රේලියාවේ www.healthdirect.gov.au වෙබ් අඩවිය වාර්තා කරයි.

ළමුන්ට සහ යෞවන පුද්ගලයින්ට ඊට වඩා වැඩි ප්‍රමාණයක් නිර්දේශ කර ඇත.

නමුත් අද ඇති තරගකාරී සමාජ රටාව තුළ අවම වශයෙන් පැය 6 ක හෝ 7 ක නින්දක්වත් අවශ්‍ය බව වෛද්‍යවරු පවසයි.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

Share
Published 4 September 2018 12:01pm
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service