ඔස්ට්‍රේලියානු පුරවැසිභාව ලැයිස්තුවේ ශ්‍රී ලංකාව පළමු 10 ට. (SBS සිංහල/වාර්තා)

ඔස්ට්‍රේලියාවේ වලංගු වීසා මත වසර 4 ක් ජීවත්වූ සහ ඔස්ට්‍රේලියානු ස්ථිර පදිංචිය ලබා මාස 12 ක් ජීවත්වූ වයස අවුරුදු 18 කට වැඩි පුද්ගලයින්ට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය සඳහා අයදුම් කළ හැකිවේ.

Australian Citizenship Day

Source: AAP

ඔස්ට්‍රේලියානු පුරවැසිභාව දිනය

ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය දිනය සෑම වසරකම සැප්තැම්බර් මස 17 වන දිනට යෙදී තිබේ.

ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබන පුද්ගලයින්ට එම ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය නිල වශයෙන් පිරිනැමීම වසරේ අවස්ථාවන් කිහිපයකදී  සිදු කෙරෙන අතර සෑම වසරකම සැප්තැම්බර් මස 17 වන දිනට යෙදෙන ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය දිනය ද ඉන් එක් අවස්ථාවකි.


SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”


ඔස්ට්‍රේලියානු පුරවැසිභාව දිනයේ ඉතිහාසය

ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තු වෙබ් අඩවියට අනුව ඔස්ට්‍රේලියානු පුරවැසිභාව දිනය ප්‍රථමයෙන්ම සමරා ඇත්තේ 2001 වසරේදීය.

ඔස්ට්‍රේලියාවේ ජන සමාජය අතර ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිළිබඳ දැනුවත් භාවයක් ඇති කිරීමේ සහ ඔස්ට්‍රේලියානු පුරවැසිභාවයේ ඇති වටිනාකම් පැහැදිලි කිරීමේ අරමුණු ඇතිව මෙලෙස ඔස්ට්‍රේලියානු පුරවැසිභාව දිනය නමින් දිනයක් ඔස්ට්‍රේලියානු රජය නම් කරන්නට යෙදුණි.
1948 දී සම්මත කරගත්  Nationality and Citizenship Act හෙවත් ජාතිකත්වය සහ පුරවැසිභාවය පිළිබඳ පනත Australian Citizenship Act හෙවත් ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිළිබඳ පනත ලෙස 1973 සැප්තැම්බර් 17 වන දින වෙනස් කිරීම නිමිතිකොටගෙන ඔස්ට්‍රේලියානු පුරවැසිභාව දිනය සෑම වසරකම සැප්තැම්බර් 17 වන දින සමරනු ලබයි.

මේ අනුව මංගල ඔස්ට්‍රේලියානු පුරවැසිභාව දිනය 2001 වසරේ සැප්තැම්බර් 17 වන දින කැන්බරා නුවරදී සමරනු ලැබීය.
Australian Citizenship Day
Source: AAP

සැමරුම් අවස්ථා

ඔස්ට්‍රේලියානු පුරවැසිභාව දිනය නිමිතිකොටගෙන ඔස්ට්‍රේලියාවේ බොහෝ නගර සභා ඔස්ට්‍රේලියානු පුරවැසිභාව දින උළෙලවල් සංවිධානය කෙරෙන අතර ඒවායේදී ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමිකරගත් පුද්ගලයින්ට ඔවුන්ගේ ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය නිල වශයෙන් පිරිනැමීම සිදු කෙරේ.

එමෙන්ම පාසල්, ප්‍රජා සංවිධාන සහ විවිධ රාජ්‍ය ආයතන වලද අද දිනයේදී ඔස්ට්‍රේලියානු පුරවැසිභාව දිනය විවිධ අයුරින් සමරනු ලබයි.
Australian Citizenship Day
Source: AAP

ඔස්ට්‍රේලියානු පුරවැසියකු වීම

ඔස්ට්‍රේලියාවේ වලංගු වීසා මත වසර 4 ක් ජීවත්වූ සහ ඔස්ට්‍රේලියානු ස්ථිර පදිංචිය ලබා මාස 12 ක් ජීවත්වූ වයස අවුරුදු 18 කට වැඩි පුද්ගලයින්ට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය සඳහා අයදුම් කළ හැකිවේ.

එහිදී ඔබට Australian citizenship test හෙවත් ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිළිබඳ පරීක්ෂණයකට මුහුණ දීමට සිදුවේ.

ඔස්ට්‍රේලියානු වටිනාකම්, සම්ප්‍රදායන්, ඉතිහාසය සහ ජාතික සංකේත යන කරුණු එම පරීක්ෂණයේ අන්තර්ගත වෙයි.

එහිදී ඔබට බහුවරණ ප්‍රශ්න 20 ක් ලැබෙන අතර සමත්වීමට නම් ඒවායින් අවම 15 කට නිවැරදි පිළිතුරු සැපයිය යුතු වේ.
එමෙන්ම ඔස්ට්‍රේලියාවේ උපත ලබන දරුවන්ට ඔස්ට්‍රේලියානු පුරවැසියෙකු වීම සඳහා ඔවුන්ගේ කැමැත්ත මත අවස්ථාව සැලසේ.

එමෙන්ම තමාගේ සහකරු හෝ සහකාරිය ඔස්ට්‍රේලියානු පුරවැසියෙකු නම් ඔබට  ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය සඳහා අයදුම් කළ හැකිවේ.
Australian Citizenship Day
Source: AAP

ඔස්ට්‍රේලියානු පුරවැසියකු වීමේ වාසි

  • වයස අවුරුදු 18 ට වඩා වැඩි නම් ඔස්ට්‍රේලියාව තුළ ඔබට ඡන්දය භාවිත කිරීමට හැකිවීම.
  • වයස අවුරුදු 18 ට වඩා වැඩි නම් ඔබට ඔස්ට්‍රේලියානු දේශපාලනයට පිවිසීමට හැකිවීම.
  • ඔස්ට්‍රේලියානු අධිකරණ පද්ධතියේ ඇතැම් නඩු විභාග සඳහා ජූරි සභිකයෙකු ලෙස සහභාගී වීමට අවස්ථාව ලැබේ.
  • ඔස්ට්‍රේලියානු ත්‍රිවිධ හමුදාවට සම්බන්ධ වීමට හැකිවීම.
  • රටවල් 160 කට අධික සංඛ්‍යාවකට  වීසා නොමැතිව ගමන් කළ හැකි ඔස්ට්‍රේලියානු ගුවන් ගමන් බලපත්‍රයකට හිමිකම් කීමට හැකිවීම.
  • පරම්පරාවෙන් ඔබේ දරුවන්ටද ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය උරුම කර දීමට හැකි වීම.
  • ඔස්ට්‍රේලියාවේ හෝ නවසීලන්තයේ වාසය කිරීමට හැකිවීම.
Australian Citizenship Day
Source: AAP

ඔස්ට්‍රේලියානු පුරවැසිභාව ලැයිස්තුවේ ශ්‍රී ලංකාවත් ඉදිරියෙන්

පසුගිය වසරේදී පුද්ගලයින් 137,750 ක් ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමිකරගෙන ඇති අතර එම ලැයිස්තුවේ 6 වන ස්ථානය අත් කරගැනීමට ශ්‍රී ලංකාවට හැකිවී තිබේ.

ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තු වෙබ් අඩවියට අනුව ශ්‍රී ලාංකිකයින් 4,487 දෙනෙකු පසුගිය වසරේදී ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබා තිබේ.
Australian Citizenship Day
Number of people who were conferred as Australian citizens in last year, according to their former nationality. Source: Department of Home Affairs
--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

Share
Published 17 September 2018 9:28am
By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service