2018 වසරේ ලොව කාර්යබහුලම ගුවන් මාර්ග අතරේ මෙල්බර්න් - සිඩ්නි ගුවන් මාර්ගය දෙවැනි තැනට. (SBS සිංහල/වාර්තා)

World's busiest airline flight routes in 2018

Source: Flickr

ගෝලීයකරණය හමුවේ ලෝකය කුඩා වෙමින් පවතියි.

එනිසාම ගොඩබිමෙන් ගමන් යාම මෙන්ම ගුවනින් ගමන් යාමද වත්මන් ලෝකයේ වැඩි වෙමින් පවතියි.


 

SBS සිංහල සේවය සඳුදාඅඟහරුවාදාබ්‍රහස්පතින්දාසිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - 


 

අද වන විට ගුවන් ගමන් වල ශීග්‍ර වර්ධනයක් පෙන්නුම් කරන අතර ජාත්‍යන්තර ගුවන් ගමන් මෙන්ම රටවල තුළ ක්‍රියාත්මක දේශීය ගුවන් ගමන් ද එකලෙස කාර්යබහුල වෙමින් පවතියි.
World's busiest airline flight routes in 2018
Source: Pixabay

ලොව කාර්යබහුලතම ගුවන් මාර්ග

2018 වසරේ ලොව කාර්යබහුලතම ගුවන් මාර්ග 10, ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සංචාරක වෙබ් අඩවියක් වන traveller වෙබ් අඩවිය පසුගියදා අනාවරණය කළේය.

ඒ සඳහා ලෝකයේ ප්‍රධාන ගුවන් මාර්ග සියල්ලම සලකා බැලුණු අතර 2018 වසරේදී ඒ ඒ ගමනානන්ත අතර ක්‍රියාත්මක වුණු ගුවන් ගමන් වාර සංඛ්‍යාව සැලකිල්ලට ගැනුණි.

නමුත් ලොව කාර්යබහුලතම ගුවන් මාර්ගය ලෙස ඔවුන්ට හමුවූ පිළිතුර පුදුම කරවන සුළු එකකි.
බොහෝ දෙනෙකු මවිත කරවමින් 2018 වසරේ ලොව කාර්යබහුලතම ගුවන් මාර්ගය ලෙස වාර්තා වුයේ දකුණු කොරියාවේ Seoul අගනුවර පිහිටා ඇති Gimpo ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සහ දකුණු කොරියාවේ Jeju ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අතර ක්‍රියාත්මක ගුවන් මාර්ගය වේ.

2018 වසරේදී එම ගුවන් තොටුපොළ ද්විත්වය අතර ගුවන් ගමන් වාර 76,460 ක් ක්‍රියාත්මක වී ඇත.

මෙම ලයිස්තුවේ දෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ මෙල්බර්න් - සිඩ්නි ගුවන් මාර්ගය වන අතර 2018 වසරේදී එම ගුවන් තොටුපොළ ද්විත්වය අතර ගුවන් ගමන් වාර 54,102 ක් ක්‍රියාත්මක වී තිබේ.

ලොව තුන්වන කාර්යබහුලතම ගුවන් මාර්ගය ලෙස වාර්තා වන්නේ ඉන්දියාවේ මුම්බායි සහ දිල්ලි අතර ගුවන් මාර්ගය වන අතර 2018 වසරේදී එම ගමනාන්ත දෙක අතර ගුවන් ගමන් 45,188 ක්‍රියාත්මක වී තිබේ.
World's busiest airline flight routes in 2018
Source: Flickr

2018 වසරේ ලොව කාර්යබහුලතම ගුවන් මාර්ග 10

01. දකුණු කොරියාවේ Jeju සහ Seoul  : ගුවන් ගමන් වාර 79,460

02. ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් - සිඩ්නි : ගුවන් ගමන් වාර 54,102

03. ඉන්දියාවේ මුම්බායි - දිල්ලි :  ගුවන් ගමන් වාර 45,188

04. බ්‍රසීලයේ Sao Paulo - Rio de Janeiro : ගුවන් ගමන් වාර 39,747

05. ජපානයේ Fukuoka -Tokyo : ගුවන් ගමන් වාර 39,406

06. වියට්නාමයේ Hanoi - Ho Chi Minh City : ගුවන් ගමන් වාර 39,291

07. ජපානයේ Sapporo -Tokyo : ගුවන් ගමන් වාර 39,271

08. ඉන්දුනීසියාවේ Jakarta - Surabaya : ගුවන් ගමන් වාර 37,762

09. ඇමෙරිකාවේ Los Angeles - San Francisco : ගුවන් ගමන් වාර 35,365

10. සෞදි අරාබියාවේ Jeddah - Riyadh : ගුවන් ගමන් වාර 35,149
World's busiest airline flight routes in 2018
Source: Flickr

2018 වසරේ ලොව කාර්යබහුලතම ජාත්‍යන්තර ගුවන් මාර්ග 10

01. Kuala Lumpur - Singapore: 30,187

02. Hong Kong - Taipei: 28,447

03. Jakarta - Singapore: 27,046

04. Hong Kong - Shanghai: 20,678

05. Jakarta - Kuala Lumpur: 19,741

06. Seoul - Osaka: 19,711

07. New York La Guardia - Toronto: 17,038

08. Hong Kong - Seoul Incheon: 15,770

09. Bangkok - Singapore: 14,698

10. Dubai - Kuwait: 14,581

----------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදාඅඟහරුවාදාබ්‍රහස්පතින්දාසිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - 

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - 

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

----------------------------------------------------------------------------------------------------

Share
Published 9 April 2019 11:25pm
By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service