ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර අතරින් මහජනතාව මහත් අපහසුතාවට පත්වන නගරය මෙන්න. (SBS සිංහල/වාර්තා)

Sydney

Source: SBS

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර අතරින් මහජනතාව මහත් අපහසුතාවට පත්වන නගරය ලෙස සිඩ්නි නගරය හැඳින්වෙන බව වාර්තා වේ.

ජන ජීවිතයට අත්‍යවශ්‍ය අංග සහ සේවාවන් ජනයාට බොහෝ දුරින් පිහිටීම හේතුවෙන් මේ තත්ත්වය උද්ගතවී ඇති බව The Roar වෙබ් අඩවිය වාර්තා කරයි.
Sydney
Source: SBS

සිඩ්නි ජීවන තත්ත්වය

The Roar වෙබ් අඩවිය වාර්තා කරන පරිදි සිඩ්නි ගුවන් තොටුපොලෙන් සාමාන්‍ය දුම්රිය ටිකට් පතක් මිලට ගැනීමට නොහැකිවේ.

මධ්‍යම රාත්‍රියෙන් පසුව බීම වර්ගයක් මිලට ගැනීමට නොහැකිවේ.

සිඩ්නි නුවරින් හෝ ඒ අවටින් හෝ සාමාන්‍ය පුද්ගලයෙකුට නිවසක් මිලට ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබේ.

කලාවට සහ ක්‍රීඩාවට දොර කවුළු වැසෙමින් පවතින අතර දේපළ වෙළෙඳාම් සහ ව්‍යාපාරික ක්ෂේත්‍ර වලට දොරටු විවෘත වෙමින් පවතී.

ජීවන වියදම ඉහළ යමින් පැවතීම සහ ඉහත කරුණු හේතුවෙන් බහුතරයක් සිඩ්නි ජනයා පීඩා විඳිමින් සිටියි.
Sydney
Source: SBS

දේශපාලන කඹ ඇදිල්ල

නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය මේ වන විට බාරවී ඇත්තේ ලිබරල් පක්ෂයටය.

වාර්තා වන ආකාරයට සිඩ්නි නුවර ප්‍රධාන ගැටළු වලට ඔවුන්ට ස්ථිරසාර විසඳුම් සොයා දීමට තවමත් නොහැකිවී ඇත.

සිඩ්නි නුවර ආශ්‍රිතව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ නගරබද කලාප වල ජනගහනය ශීග්‍රව ඉහළ යාම පිළිබඳ පමණක් පසුගිය සමයේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය දැඩි ලෙස අවධානය යොමු කර තිබුණි.

මේ හේතුවෙන්ම නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට බාරගන්නා වාර්ෂික සංක්‍රමණික ප්‍රමාණය අඩකින් කප්පාදු කිරීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිනියට අවශ්‍ය වී තිබේ.

මේ අතර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ නව කම්කරු පක්ෂ නායක Michael Daley හටද සිඩ්නි නුවර පිළිබඳ එතරම් සුබදායී දැක්මක් නැති බව පෙනෙන්නට ඇති බව The Roar වෙබ් අඩවිය වාර්තා කරයි.

සිඩ්නි නුවර පිහිටි ප්‍රධාන ක්‍රීඩාංගන දෙකක් වන Allianz හා ANZ ක්‍රීඩාංගන නැවත ඉදිකිරීමට හෝ ප්‍රතිසංස්කරණය කිරීමට කම්කරු පක්ෂ ප්‍රාන්ත රජයක් යටතේ අපේක්ෂාවක් නොමැති බව Michael Daley පැවසු බව The Roar වෙබ් අඩවිය පවසයි.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය

--------------------------------------------------------------------------------------------------------

Share
Published 19 December 2018 12:24am
By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service