ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන්ගේ ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වය මැන බැලීම තවත් දැඩි කිරීමට ඉල්ලීම්. (SBS සිංහල/වාර්තා)

international students.

Ob sich das Studium in Australien lohnt? Internationale Studenten bei der Diplomfeier Source: Flickr

ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල සඳහා පිවිසීමේදී ජාත්‍යන්තර සිසුන්ගේ ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවීණත්වය මැන බැලීම පිළිබඳ නැවත විමර්ශනයක් කරන ලෙස ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයට ඉල්ලීමක් සිදුකර තිබේ.


 

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”


 

වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රාන්ත අගමැති Daniel Andrews විසින් මේ සම්බන්ධව ලිපියක් National Tertiary Education Union (NTEU) හි වික්ටෝරියානු ශාඛාව වෙත යවා ඇති බව සඳහන්.
international students.
Source: AAP

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා සහ ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවීණත්වය

වර්තාමන නීති යටතේ ඔස්ට්‍රේලියානු ශිෂ්‍ය වීසා ලබාගැනීමට ජාත්‍යන්තර සිසුන්ට International English Language Testing හෙවත් IELTS ඉංග්‍රීසි විභාගයෙන් අවම වශයෙන් ලකුණු 5.5 ක් හෝ ලබාගත යුතුවේ.

බොහෝ විශ්ව විද්‍යාල වල පාඨ මාලාවන් සඳහා ප්‍රවේශ වීමට නම් ජාත්‍යන්තර සිසුන්ට IELTS ලකුණු 6 ත් 7 ත් අතර ප්‍රමාණයක් ලබාගත යුතුවේ.
කෙසේවෙතත්, ඉල්ලුම් කරන IELTS ලකුණු ප්‍රමාණයට වඩා අඩුවෙන් නමුත් IELTS ලකුණු 4.5 මට්ටමේ ඉංග්‍රීසි දැනුමක් තිබෙන ජාත්‍යන්තර සිසුන්ට කොන්දේසියක් මත ශිෂ්‍ය වීසා ලබා දීමට වර්තමානයේ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ක්‍රියා කරයි.

එනම් එම ශිෂ්‍යයින් Elicos හෙවත් අවම වශයෙන් සති 20 ක ඉංග්‍රීසි භාෂා පාඨ මාලාවකට ලියා පදිංචි විය යුතුය.

එම පාඨ මාලාව සමත්වන සිසුන්ට නැවතත් තමන්ගේ විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා අවශ්‍ය ඉංග්‍රීසි ලකුණු ප්‍රමාණය ලබාගැනීමට IELTS විභාගයට මුහුණ දිය යුතු නැත.
international students.
Source: Twitter

ජාත්‍යන්තර සිසුන්ට අසාධාරණයක්

විශ්ව විද්‍යාල වලට ජාත්‍යන්තර සිසුන් බඳවා ගැනීමේදී ඉංග්‍රීසි භාෂාව සම්බන්ධයෙන් වර්තාමානයේ පවතින නීති හා මැනුම් ක්‍රම නිසා ජාත්‍යන්තර සිසුන්ට අසාධාරණයක් වන බව වික්ටෝරියා ප්‍රාන්තයේ උසස් අධ්‍යාපන කටයුතු පිළිබඳ වැඩබලන අමාත්‍ය James Merlino පවසයි.

ජාත්‍යන්තර සිසුන් යනු වික්ටෝරියානු ප්‍රාන්තයේ අධ්‍යාපන ක්ෂේත්‍රයට අත්‍යවශ්‍යම කොටසක් වන නමුත් අවශ්‍ය ප්‍රමාණයේ ඉංග්‍රීසි දැනුමක් නොමැති සිසුන් පාඨ මාලාවලට ලියා පදිංචි වී ඔවුන් හට ඒවා සම්පූර්ණ කරගැනීමට නොහැකිව දැඩි අපහසුතාවන්ට පත්ව ඇති බව ඔහු පෙන්වා දෙයි.
මෙය එම සිසුන්ට මෙන්ම ඔවුන්ට ඉගැන්වීම් කරන ගුරුවරුන්ට ද කරන මහත්වූ අසාධාරණයක් බවද එනිසාම මේ ගැටළුව මධ්‍යම රජය විසින් විමසා බැලිය යුතු බවද අමාත්‍ය James Merlino පවසයි.

නමුත් අදාළ ජාත්‍යන්තර සිසුන්ට ඔවුන් ලියා පදිංචි වීමට යන පාඨ මාලාව සඳහා අවශ්‍ය ඉංග්‍රීසි භාෂා දැනුමක් තිබේදැයි පරීක්ෂා කිරීම අදාළ විශ්ව විද්‍යාල වල වගකීමක් බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අධ්‍යාපන අමාත්‍ය Dan Tehan නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.
international students.
Source: AAP

විශ්ව විද්‍යාල වල වගකීම

අදාළ පාඨ මාලාවන්ට අවශ්‍ය ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවීණත්වය ඇති ජාත්‍යන්තර සිසුන් පමණක් බඳවා ගැනීම විශ්ව විද්‍යාල වල වගකීමක් බව National Tertiary Education Union හි ජාතික සභාපතිනී ආචාර්ය Alison Barnes පවසයි.

නමුත් මේ වන විටත් ජාත්‍යන්තර සිසුන් උපාධි පාඨ මාලාවන්ට ඇතුළත් කරගැනීමේදී ඉහළ ඉංග්‍රීසි භාෂා දැනුමක් තිබිය යුතු වීම අත්‍යවශ්‍ය සාධකයක් ලෙස විශ්ව විද්‍යාල සලකන  බව ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර අධ්‍යාපන සංගමයේ ප්‍රධාන විධායක Phil Honeywood පැවසීය.
මේ අතර ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා ලබා දීමේදී සලකනු ලබන ඉංග්‍රීසි දැනුම පිළිබඳ නැවත විමර්ශනයකට සිදු කෙරෙන ඉල්ලීමට තම සංගමය සහය දෙන බව ජාත්‍යන්තර සිසුන්ගේ සභාව ප්‍රකාශ කළේය.

නමුත් එහිදී විශ්ව විද්‍යාලද තමන්ගේ වගකීම ඉටුකළ යුතු බව ජාත්‍යන්තර සිසුන්ගේ සභාවේ නියෝජිත Manfred Mletsin පැවසීය.

විශ්ව විද්‍යාල තමන් වෙත විශාල ජාත්‍යන්තර සිසුන් සංඛ්‍යාවක් බඳවා ගැනීම සහ අධික ලාභ ලැබීම යන අරමුණු ක්‍රියාත්මක කරන අතරතුර ගුණාත්මක අධ්‍යාපනයක් ජාත්‍යන්තර සිසුන්ට ලබාදීම පිළිබදවද අවධානය යොමු කළ යුතු බව ජාත්‍යන්තර සිසුන්ගේ සභාව පෙන්වා දෙයි.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

Share
Published 28 January 2019 1:58pm
Updated 28 January 2019 2:00pm
By Madhura Seneviratne
Source: SBS News, SBS Sinhala program

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service