ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය තුළ ප්‍රතිචක්‍රීකරණ අපද්‍රව්‍ය සඳහා බද්දක් හඳුන්වා දීමට සැරසෙයි.
ක්වීන්ලන්තයේ ඇතැම් නගර සභා තම ප්‍රතිචක්‍රීකරණ වැඩසටහන් නතර කිරීම හේතුවෙන් අදාළ කලාප වල ප්‍රතිචක්‍රීකරණ අපද්‍රව්‍ය ගොඩගැසීමේ අවදානමක් පවතින බව වාර්තා වේ.
ක්වීන්ස්ලන්තයේ Ipswich නගර සභාව ඊයේ (19/04) සිට තම ප්‍රතිචක්‍රීකරණ වැඩසටහන් නතර කිරීමට තීරණය කළේය.
ඒ අනුව ඊයේ සිට Ipswich නගර සභාව තමන්ට ලැබෙන සියලු ප්‍රතිචක්‍රීකරණ අපද්‍රව්‍ය, landfill හෙවත් බිම්ගොඩ කිරීමේ අපද්‍රව්‍ය ගොඩටම එක් කිරීමට කටයුතු කළේය.

Source: AAP
මූලික හේතුව
මෙතෙක් කලක් ඔස්ට්‍රේලියාවේ ප්‍රතිචක්‍රීකරණ අපද්‍රව්‍ය වල විශාලතම ගැනුම්කරුවා බවට පත්ව සිටියේ චීනය වන නමුත් පසුගිය ජනවාරි මස සිට ඔස්ට්‍රේලියාවේ ප්‍රතිචක්‍රීකරණ අපද්‍රව්‍ය ආනයනය කිරීම චීනය විසින් සීමා කරනු ලැබීය.
ඔස්ට්‍රේලියාවේ ප්‍රතිචක්‍රීකරණ අපද්‍රව්‍ය වල දූෂිත මට්ටම ඉහළ අගයක් ගැනීම මෙන්ම ප්‍රතිචක්‍රීකරණ අපද්‍රව්‍ය අතර ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි අපද්‍රව්‍යද අඩංගුව තිබීම ඊට හේතු ලෙස දැක්වේ.

Source: SBS
විසඳුම් සහ යෝජනා
ඔස්ට්‍රේලියාවේ ප්‍රතිචක්‍රීකරණ අපද්‍රව්‍ය වැඩසටහන් සඳහා සහනාධාර සැපයීම අරමුණු කරගනිමින් මීට පෙර යෝජිත අපද්‍රව්‍ය බද්ද නැවත ගෙන ආ යුතු බව ක්වීන්ස්ල්නත ප්‍රාන්තයේ නියෝජ්‍ය ප්‍රාන්ත අගමැතිනී Jackie Trad පැවසුවාය.
එසේ පනවනු ලබන අපද්‍රව්‍ය බදු මගින් ප්‍රාන්තයේ අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහන් සහ බලශක්ති වැඩසටහන් සඳහා මුල්‍ය දායකත්වයක් ලබා ගැනීමට හැක බව ක්වීන්ස්ලන්තයේ පළාත් පාලන සංගමයේ ප්‍රධානී Greg Hallam, SBS පුවත් සේවයට පැවසීය.
චීනයේ මෙම සීමා කිරීම් හේතුවෙන් ඔස්ට්‍රේලියාව තුළ ප්‍රතිචක්‍රීකරණ වියදම 400% ත් 500% ත් ඉහළ යන අතර නගර සභා වලට එම පිරිවැය දරාගැනීමට අපහසුවීම තුළින් සෙසු නගර සභා ද Ipswich නගර සභාව අනුගමනය කිරීමට වැඩි ඉඩක් ඇති බව ඔහු ප්‍රකාශ කළේය.

Source: pinterest
මෙයට විසඳුම අපද්‍රව්‍ය සඳහා බද්දක් පැනවීමද?
මෙලෙස අපද්‍රව්‍ය සඳහා බද්දක් පැනවීම ඉතා අශෝබන කටයුත්තක් බවත් ඒ සඳහා වෙනත් විසඳුමක් සෙවිය යුතු බවත් ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ විපක්ෂ නායිකා Deb Frecklington පවසයි.
කිසිදු උපදේශනයකින් හෝ දැනුම්දීමකින් තොරව මෙවැනි වූ බදු පැනවීමට යාම අනුමත කළ නොහැකි ක්‍රියාවක් බව ඇය පෙන්වා දෙයි.
මේ අතර චීනයේ තීරණය තම නගර සභා වලට මුල්‍යමය වශයෙන් බලපෑමක් සිදු නොකරන බව Gold Coast සහ Brisbane නගර සභා ප්‍රකාශ කර ඇත.
කෙසේවෙතත්, චීනය ගත් මෙම නව තීන්දුවත් සමග ඔස්ට්‍රේලියාවේ සෑම ප්‍රාන්තයක්ම සහ ටෙරිටරියක්ම ප්‍රතිචක්‍රීකරණ අපද්‍රව්‍ය පිළිබඳ දැවැන්ත ගැටළුවකට මුහුණ දෙන බවත් ඒ සඳහා ඉක්මන් විසඳුම් සෙවිය යුතු බවත් නිව් සවුත් වේල්ස් හා වික්ටෝරියානු ප්‍රාන්ත ප්‍රකාශ කර ඇත.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------