ඔස්ට්‍රේලියාව තුළ ත්‍රස්ත ක්‍රියා සැලසුම් කරන පුද්ගලයින්ව හසු කරගැනීමට ජාතික ආරක්ෂාව සම්බන්ධ නව නීති ඉවහල් වන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පවසයි. (SBS සිංහල/වාර්තා)

encryption laws

Source: Flickr

කේතනය කළ (encrypted) පණිවිඩ සඳහා පිවිසීමට ආරක්ෂක අංශ වලට බලය ලබාදීමට ඔස්ට්‍රේලියාවේ නීති සම්පාදනය කිරීම හරහා ආරක්ෂක අංශ වලට සිය මෙහෙයුම් කටයුතු සිදු කිරීමට ඉතා පහසු වී ඇති බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ස්වදේශ කටයුතු අමාත්‍ය Peter Dutton පවසයි.

කේතනය කළ පණිවිඩ සඳහා පිවිසීමට අවසර ලබාදෙන නීති පසුගිය වසරේ අග භාගයේදී ඔස්ට්‍රේලියානු මධ්‍යම පාර්ලිමේන්තුවේදී සම්මත විය.
encryption laws
Source: SBS

ජාතික ආරක්ෂාව සම්බන්ධ නව නීති බලාත්මක කිරීම

ත්‍රස්ත ක්‍රියා සඳහා සම්බන්ධ සැකකරුවන් පිළිබඳ සෝදිසි මෙහෙයුම් වලදී මෙම නීති මහඟු ප්‍රයෝජනයක් වූ බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ස්වදේශ කටයුතු අමාත්‍ය Peter Dutton චැනල් 9 සේවයට පැවසීය.

පසුගිය සතියේදී IS සංවිධානය සමග සම්බන්ධ බවට සැක කෙරුණු පුද්ගලයින් තිදෙනෙකු සිඩ්නි නුවරදී අත්අඩංගුවට ගැනීමේදී පවා මේ නව නීති ඉවහල් වූ බව ඔහු පෙන්වා දුන්නේය.

එම සැකකරුවන් සිඩ්නි කලාපයේ පොලිස් ස්ථාන කිහිපයකට මෙන්ම කොන්සල් කාර්යාල සහ දේවස්ථාන කිහිපයකට ද ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කරමින් සිටි බව වාර්තා විය.

මෙම නව නීති වලින් ත්‍රස්ත ක්‍රියා, ළමා ලිංගික අපයෝජකයින් සහ දරුණු ගණයේ අපරාධ සඳහා සිදු කෙරෙන පණිවිඩ හුවමාරුව වටලමින් ඒවා මැඩලීම ප්‍රධාන අපේක්ෂාව වේ.
encryption laws
Minister for Home Affairs Peter Dutton Source: AAP

අන්තවාදයට සම්බන්ධිත ඔස්ට්‍රේලියානු පුරවැසියන්ට ඔස්ට්‍රේලියාව තහනම්

මේ අතර විදේශයන්හි අන්තවාදී ක්‍රියාවන්ට සම්බන්ධවී නැවතත් ඔස්ට්‍රේලියාවට පැමිණෙන ඔස්ට්‍රේලියානු පුරවැසියන් හට වසර දෙකක් යනතුරු ඔස්ට්‍රේලියාවට පැමිණීම තහනම් කිරීමට අදාළ නව නීති පසුගිය සතියේදී ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ඉදිරිපත් කළේය.

කම්කරු පක්ෂය මේ සඳහා සංශෝධන එක් කිරීමට යෝජනා කළ අතර බුද්ධිමය සහ ආරක්ෂක කටයුතු සම්බන්ධ පාර්ලිමේන්තු කමිටුව සංශෝධන 18 කට යටත්ව එම පනත් කෙටුම්පත සම්මත කිරීමට නිර්දේශ කළේය.

මේ අතර මේ සම්බන්ධ මධ්‍යම රජයේ ප්‍රතිචාරය පිලිබඳ කම්කරු පක්ෂය බලා සිටින බව ස්වදේශ කටයුතු පිළිබඳ විපක්ෂයේ නියෝජිතවරිය වන Kristina Keneally පැවසුවාය.
encryption laws
Source: SBS Sinhala

Share
Published 10 July 2019 6:48pm
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service