නව නීති සහ දඩ සමගින් මෙල්බන් දුම්රිය සහ ට්‍රෑම් කොන්ත්‍රාත්තු අලුත් කරයි. (SBS සිංහල/වාර්තා)

පරිගණක දෝෂයක් හේතුවෙන් පසුගිය ජූලි මාසයේදී මෙල්බන් නුවර Metro දුම්රිය සේවාවන් තාවකාලිකව ඇනහිටීම හේතුවෙන් Metro සමාගමට ඩොලර් මිලියන 1.2 ක දඩයක් පැනවූ බව වික්ටෝරියානු ප්‍රාන්ත රජය හෙළි කළේය.

Melbourne public transport contracts renewed

A Metro train approaches Parliament station in the underground city loop in Melbourne, Thursday, Aug. 1, 2013. Source: AAP

මෙල්බන් නුවර ක්‍රියාත්මක වන Metro දුම්රිය සේවාවේ සහ Yarra ට්‍රෑම් සේවාවේ කොන්ත්‍රාත් කාලය තව දුරටත් දිගු කිරීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය තීරණය කර තිබේ.

ඒ අනුව Metro සහ Yarra සමාගම් ද්විත්වයේ මෙම නව කොන්ත්‍රාත්තුවේ මුළු වටිනාකම ඩොලර් බිලියන 7 ක් බව සඳහන්.

මෙම නව කොන්ත්‍රාත්තුවත් සමග ගුණාත්මක හා කාර්යක්ෂම ප්‍රවාහන සේවාවක් ලබා දීම පිණිස අදාළ සමාගම් දෙකේ සේවාවන් සඳහා නව මට්ටම් හඳුන්වා දී තිබේ.

ඒ අනුව Hong Kong හි  MTR Corporation සමාගම පාර්ශවික හිමිකම් කියන Metro සමාගමේ දුම්රිය සේවාවන් හට නව රෙගුලාසියක් පනවා තිබේ.
එනම්, නියමිත කාලයට අදාළ දුම්රිය සේවා පවත්වාගෙන යායුතු බවත් ප්‍රමාද වීම් නිසා කිසිදු දුම්රියකට කිසිදු දුම්රිය ස්ථානයක් අතහැර ධාවනය කිරීමට අවසර නොලැබෙන බවත් ප්‍රකාශ කර ඇත.
ප්‍රමාදවීම් හේතුවෙන් ඇතැම් දුම්රිය, ඇතැම් දුම්රිය ස්ථානවල නොනවත්වා තම ගමන් මග වෙනස් කරමින් මේ දිනවල ධාවනය කිරීම බොහෝ මෙල්බන් දුම්රිය මගීන්ගේ චෝදනාවට ලක්ව තිබේ.

මීට අමතරව ඉතා දැඩි කාර්ය සාධන ඉලක්ක සහ දඩ මුදල් පැනවීමද මේ සමගම ප්‍රාන්ත රජය හඳුන්වා දී ඇත.

  • මේ වන විට ක්‍රියාත්මක, නියමිත වෙලාවට දුම්රිය පැමිණීමේ 88% ප්‍රතිශතය 92% දක්වා ඉහළ දැමීම;
  • මේ වන විට ක්‍රියාත්මක, නියමිත වෙලාවට ට්‍රෑම් රථ පැමිණීමේ 77% ප්‍රතිශතය 82% දක්වා ඉහළ දැමීම;
  • දුම්රිය පද්ධතියෙන් අඩක් ක්‍රියා විරහිත වුවහොත් Metro සමාගමට ඩොලර් 700,000 ක් දක්වා දඩ මුදලක් පැනවීම;
  • දුම්රිය ස්ථාන, දුම්රිය සහ ප්‍රධාන ට්‍රෑම් නැවතුම්පොළ වල දෛනික සෝදිසි මෙහෙයුම් දියත් කිරීම  ඒ අතර ප්‍රධාන වේ.
මීට අමතරව ට්‍රෑම් රථ වසාගෙන දර්ශනය කරනු ලබන වෙළෙඳ ප්‍රචාරක දැන්වීම් අත්හිටුවීම ද මෙම නව නීති යටතේ හඳුන්වා දී තිබේ.

එමෙන්ම ප්‍රමාදවීම් හේතුවෙන් තම සේවාවන් වෙනස් කිරීම Yarra ට්‍රෑම් රථ වලටද තහනම් කර තිබේ.

මේ අතර මෙල්බන් දුම්රිය සහ ට්‍රෑම් සේවා ආශ්‍රිතව නව රැකියා 700 ක් බිහි කිරීමටද මෙමගින් අරමුණු කරයි.
නව දුම්රිය රියදුරන් 150 ක් මගීන්ට සහය දක්වන සහය සේවා නිලධාරීන් 270 ක් සහ නඩත්තු සේවකයින් 90 දෙනෙකු ඉදිරියේදී බඳවා ගැනීමට ප්‍රාන්ත රජය අපේක්ෂා කරයි.
මෙම නව කොන්ත්‍රාත්තු නිර්මාණය කරනු ලැබුවේ මගීන්ව ප්‍රමුඛත්වයේ තබාගෙන බව වික්ටෝරියානු ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන අමාත්‍ය Jacinta Allan පැවසුවාය.
ප්‍රමාදවීම් හේතුවෙන් City Loop හා ඇතැම් දුම්රිය ස්ථාන මග හරවා ධාවනය කිරීම් මෙන්ම සංඛ්‍යාත්මකව අඩු දුම්රිය හා ට්‍රෑම් සේවාවන් ක්‍රියාත්මක වීම ට එරෙහිව මෙම නීති ගෙන ආ බව ඇය ප්‍රකාශ කළාය.

දඩ ගැසීම්.

දුම්රිය පද්ධතිය නිසියාකාරව නඩත්තු නොකළහොත් ඩොලර් මිලයන 10 ක දඩයක් නියම කිරීමටද මෙම නව කොන්ත්‍රාත්තු වලට යටත්ව සිදුවේ.

පරිගණක දෝෂයක් හේතුවෙන් පසුගිය ජූලි මාසයේදී  මෙල්බන් නුවර Metro දුම්රිය සේවාවන් තාවකාලිකව ඇනහිටීම හේතුවෙන් Metro සමාගමට ඩොලර් මිලියන 1.2 ක දඩයක් පැනවූ බව වික්ටෝරියානු ප්‍රාන්ත රජය හෙළි කළේය.

Share
Published 12 September 2017 9:48pm
By Madhura Seneviratne
Source: ABC Australia

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service