ජනගනයට වඩා සංචාරකයින් වැඩි සහ අඩු රටවල නවතම ශ්‍රේණිගත කිරීම නිකුත් වේ. ශ්‍රී ලංකාවත් පළමු 10 ට. (SBS සිංහල/වාර්තා)

ඒ ඒ රටවල සිටින ස්ථිර ජනගහනය හා 2016 වසරේදී ඒ ඒ රටවලට පැමිණි සංචාරකයින්ගේ මුළු සංඛ්‍යාව සංසන්දනය කරමින් මෙම සංචාරක ඝනත්ව ශ්‍රේණිගත කිරීම නිර්මාණය කර තිබේ.

Countries with over tourism & under tourism

Source: Flickr

සංචාරකයින් අතිරික්තයක් පවතින රටවල් සහ ඌනතාවක් පවතින රටවල් පිළිබඳ නවතම සමීක්ෂණ වාර්තාවක් ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සංචාරක සමාගමක් වන Intrepid සමාගම විසින් එළිදක්වා තිබේ.

Tourism density index හෙවත් සංචාරක ඝනත්ව ශ්‍රේණිගත කිරීම ලෙස මෙය හඳුන්වා තිබේ.
Countries with over tourism & under tourism
Source: Flickr

සංචාරක ඝනත්ව ශ්‍රේණිගත කිරීම

ඒ ඒ රටවල සිටින ස්ථිර ජනගහනය හා 2016 වසරේදී ඒ ඒ රටවලට පැමිණි සංචාරකයින්ගේ මුළු සංඛ්‍යාව සංසන්දනය කරමින් මෙම සංචාරක ඝනත්ව ශ්‍රේණිගත කිරීම නිර්මාණය කර තිබේ.

ඒ අනුව මෙම සංචාරක ඝනත්ව ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයට ක්‍රොයේෂියාව තේරී පත්ව ඇති අතර 2016 වසරේදී ක්‍රොයේෂියාවට පැමිණි මුළු සංචාරකයින් ප්‍රමාණය 57,587,000 ලෙස වාර්තා වේ. එමෙන්ම ක්‍රොයේෂියාවේ දේශීය ජනගහනය 4,170,600 ක් ලෙස වාර්තා වන අතර ඒ අනුව සංචාරක ඝනත්ව ප්‍රතිශතය 1380.78% ක් ලෙස වාර්තා වේ.

මෙම ශ්‍රේණිගත කිරීම් හි දෙවැනි ස්ථානය ලබා ඇත්තේ අයිස්ලන්තයයි.

අයිස්ලන්තයේ 2016 සංචාරක ප්‍රමාණය 1,891,000  ක් වන අතර දේශීය ජනගහනය 334,250 ක් ලෙස වාර්තා වේ.

ඒ අනුව එහි සංචාරක ඝනත්ව ප්‍රතිශතය 565.74% ක් ලෙස වාර්තා වේ.

අයිස්ලන්තය මෙම ශ්‍රේණිගත කිරීම් හි දෙවැනි ස්ථානය ලැබුවත් 2016 වසරේදී ලොව ඉහළම සංචාරක පැමිණීම වාර්තා වන්නේ අයිස්ලන්තයෙනි.


 

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”


සංචාරක ඝනත්ව ශ්‍රේණිගත කිරීමේ තුන්වන ස්ථානය හංගේරියාව ලබා ඇති අතර 2016 වසරේදී හංගේරියාවේ සංචාරකයින් ප්‍රමාණය 52,890,000 ක් ලෙස සඳහන් වේ.

ඔවුන්ගේ දේශීය ජනගහනය  9,817,960 ක් ලෙස වාර්තා වන අතර ඒ අනුව සංචාරක ඝනත්ව ප්‍රතිශතය 538.71% ක් විය.

ඩෙන්මාර්කය, ප්‍රංශය, චෙක් ජනරජය, සිංගප්පූරුව, සයිප්‍රස්, ග්‍රීසිය සහ ස්පාඤ්ඤය පිළිවෙලින් සිව්වන ස්ථානයේ සිට දසවන ස්ථානය දක්වා සංචාරක ඝනත්ව ශ්‍රේණිගත කිරීමේ පත්ව ඇත.

Image ලොව ප්‍රසිද්ධ සංචාරක ස්ථාන වලට සංචාරකයින් වැඩි වීම නිසා අර්බුද

අධික සංචාරකයින් ප්‍රමාණ හේතුවෙන් ලොව ප්‍රසිද්ධ සංචාරක ස්ථාන වල අර්බුද හටගෙන ඇති බව The Age පුවත්පත වාර්තා කරයි.

වැනීසිය, බාර්සිලෝනා වැනි යුරෝපයේ ආකර්ශනීය සංචාරක නගර මේ අර්බුදයට මුහුණ පා ඇති බව වාර්තා වේ.

මෙම නගර වල ක්‍රියාත්මක වන සංචාරකයින් රැගෙන යන සංචාරක බස් රථ වලට පහර දීම් සහ ඒ ඒ නගර වල ප්‍රසිද්ධ ස්ථාන වල පිහිටි තාප්ප වල සංචාරකයින්ට තම රටවල් බලා ආපසු පිටත්ව යන ලෙස විවිධ කුරුටු වැකි දක්නට ලැබෙන බව වාර්තා වේ.

මේ හේතුවෙන්ම දේශීය ජනතාවට ඇතුළු විය නොහැකි සංචාරකයින්ට පමණක් ඇතුළු විය හැකි සංචාරක මාර්ග පවා වැනීසියේ ඉදි කර තිබේ.

මේ අතර නෙදර්ලන්තයේ අගනුවර වන Amsterdam නුවරද සංචාරකයින්ගේ අධික පැමිණීම නිසා අර්බුදයකට ලක්ව ඇත.

මේ හේතුවෙන් Amsterdam  හි තදබදයක් පවතින ප්‍රදේශ වල Airbnb කෙටි කාලීන කුලී නිවාස ලබා ගැනීම අත්හිටුවා ඇති බව සඳහන්.
Countries with over tourism & under tourism
Source: Flickr

සංචාරක ඝනත්වය අඩු රටවල්

මේ අතර දෙශීය ජනගහනයට සාපේක්ෂව ඒ ඒ රටවලට පැමිණෙන සංචාරකයින්ගේ ප්‍රමාණය අඩුවෙන් පවතින රටවල් හෙවත් සංචාරකයින්ගේ ඝනත්වය අඩු ප්‍රධාන රටවල් 10 ක්ද මෙම සමීක්ෂණයේදී අනාවරණය කර තිබේ.

මෙම රටවල 10 ට ශ්‍රී ලංකාවද ඇතුළත් වීම විශේෂත්වයකි.

2016 වසරේ සංචාරකයින්ගේ පැමිණීම අනුව සංචාරකයින්ගේ ඝනත්වය අඩු ප්‍රධාන රටවල් 10 පහත පරිදි වේ.

  1. ටැන්සානියාව
  2. පැපුවා නිව් ගිනීයාව
  3. කෙන්යාව
  4. ඉන්දුනීසියාව
  5. ඊජිප්තුව
  6. මොසැම්බික්
  7. ඉරානය
  8. කොලොම්බියාව
  9. ශ්‍රී ලංකාව
  10. චීනය
--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

Share
Published 21 June 2018 12:35pm
By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service