2018 ලොව හොඳම සහ නරකම ගුවන් තොටුපොළවල් හා ගුවන් සේවාවන් මෙන්න. (SBS සිංහල/වාර්තා)

නියමිත වේලාවට ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීම, ගුවන් සේවාවේ තත්ත්වය සහ ඒ ඒ ගුවන් සේවා වල පාරිභෝගික සේවාවන් (විශේෂයෙන් පාරිභෝගික පැමිණිලි මෙහෙයවීම) යන ප්‍රධාන මානයන් තුන ඔස්සේ මෙම සමීක්ෂණය සිදු කර තිබේ.

The best and worst airlines and airports of 2018.

Source: Flickr

ගුවන් ගමන් ප්‍රමාදවීම් සහ අවලංගුවීම් සම්බන්ධව පීඩාවට පත් ගුවන් මගීන් හට සහය සේවා සපයන ලොව ප්‍රමුඛතම සමාගමක් වන AirHelp සමාගමේ ගුවන් සේවාවන් පිළිබඳ වාර්ෂික සමීක්ෂණයේ 2018 වාර්තාව පසුගියදා එළිදැක්විණි.

එම වාර්තාවට අනුව තත්ත්වයෙන් උසස් සේවාවන් පිරිනමන ලොව හොඳම ගුවන් සේවා 10 මෙන්ම ලොව අවර ගනයේ ගුවන් සේවා 10 පිළිබඳ අනාවරණය කර තිබේ.
The best and worst airlines and airports of 2018.
Source: Flickr

තේරීම් සිදු කළ මානයන්

AirHelp සමාගමේ 2018 ගුවන් සේවාවන් පිළිබඳ වාර්ෂික සමීක්ෂණය සඳහා ලොව ප්‍රසිද්ධ සහ ප්‍රමුඛ පෙළේ ගුවන් සේවාවන් 72 ක් යොදාගෙන තිබේ.

ඒ සෑම එකක්ම ප්‍රධාන මානයන් තුනක් ඔස්සේ මනින ලද බව ඔවුන් පවසයි.

නියමිත වේලාවට ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීම, ගුවන් සේවාවේ තත්ත්වය සහ ඒ ඒ ගුවන් සේවා වල පාරිභෝගික සේවාවන් (විශේෂයෙන් පාරිභෝගික පැමිණිලි මෙහෙයවීම) යන ප්‍රධාන මානයන් තුන ඔස්සේ මෙම සමීක්ෂණය සිදු කර තිබේ.
The best and worst airlines and airports of 2018.
Source: Pixabay

හොඳම ගුවන් සේවාවන්

AirHelp සමාගමේ ගුවන් සේවාවන් පිළිබඳ වාර්ෂික සමීක්ෂණයේ 2018 වාර්තාවට අනුව හොඳම ගුවන් සේවාව ලෙස කටාර් ගුවන් සේවාව තේරී පත්ව ඇත.

වර්ගීකරණයේ දෙවැනි ස්ථානය හිමිව ඇත්තේ ජර්මනියේ මෙන්ම යුරෝපයේද විශාලතම ගුවන් සේවාව වන Lufthansa ගුවන් සේවය වේ.

තුන්වන ස්ථානය Etihad  ගුවන් සේවයටද සිංගප්පුරු ගුවන් සේවය සිව්වන ස්ථානයටද දකුණු අප්‍රිකානු ගුවන් සේවය පස්වන ස්ථානයටද තේරී පත්ව ඇත.

ඔස්ට්‍රේලියාවේ ජාතික ගුවන් සේවය වන Qantas ගුවන් සේවය මෙහි 8 වන ස්ථානයට පත්ව ඇත.

2018 හොඳම ගුවන් සේවා 10

  1. Qatar Airways
  2. Lufthansa
  3. Etihad Airways
  4. Singapore Airlines
  5. South African Airways
  6. Austrian Airlines
  7. Aegean Airlines
  8. Qantas
  9. Air Malta
  10. Virgin Atlantic

 

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”


2018 ලොව අවර ගනයේ ගුවන් සේවා 10

  1. Jet Airways
  2. Aerolineas Argentinas
  3. Iberia
  4. Korean Air
  5. Ryanair
  6. Air Mauritius
  7. EasyJet
  8. Pakistan International Airlines
  9. Royal Jordanian Airlines
  10. WOW Air
The best and worst airlines and airports of 2018.
Source: Flickr

හොඳම සහ නරකම ගුවන් තොටුපොළවල්

AirHelp සමාගම ලොව ගුවන් ගමනාන්ත 141 ක් පාදක කරගනිමින් ලොව හොඳම සහ නරකම ගුවන් තොටුපොළවල් නම් කර තිබෙන අතර එහි පළමු හොඳම ගුවන් තොටුපොළ 30 අතරට කිසිදු ඇමෙරිකානු ගුවන් තොටුපොළක් තේරී පත් නොවීම විශේෂ කරුණකි.

නියමිත වේලාවට ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීම, ගුවන් තොටුපොළේ සේවා තත්ත්වය සහ ගුවන් මගීන්ට අන්තර්ජාලය ඔස්සේ ලබා දෙන පහසුකම් යන ප්‍රධාන මානයන් තුන ඔස්සේ මෙම වර්ගීකරණය සිදු කර තිබේ.

AirHelp සමාගමේ වර්ගීකරණයට අනුව ලොව හොඳම සහ නරකම ගුවන් තොටුපොළවල් පහත පරිදි වේ.
The best and worst airlines and airports of 2018.
Source: Flickr

2018 ලොව හොඳම ගුවන් තොටුපොළ

  1. Hamad ජාත්‍යන්තර ගුවන් තොටුපොළ (Doha)
  2. Athens ජාත්‍යන්තර ගුවන් තොටුපොළ (Greece)
  3. Tokyo ජාත්‍යන්තර ගුවන් තොටුපොළ (Tokyo)
  4. Cologne Bonn ගුවන් තොටුපොළ (Germany)
  5. Singapore Changi ජාත්‍යන්තර ගුවන් තොටුපොළ (Singapore)
  6. Nagoya Chubu Centrair ගුවන් තොටුපොළ (Japan)
  7. Viracopos ජාත්‍යන්තර ගුවන් තොටුපොළ (Brazil)
  8. Amman Queen Alia ගුවන් තොටුපොළ (Jordan)
  9. Guararapes-Gilberto Freyre ජාත්‍යන්තර ගුවන් තොටුපොළ (Brazil)
  10. Quito ජාත්‍යන්තර ගුවන් තොටුපොළ (Ecuador)

2018 ලොව අවර ගනයේ ගුවන් තොටුපොළ

Eindhoven ගුවන් තොටුපොළ (Netherlands)

Bordeaux Merignac, ගුවන් තොටුපොළ (France)

Edinburgh  ගුවන් තොටුපොළ (Sweden)

Boryspil ජාත්‍යන්තර ගුවන් තොටුපොළ (Ukraine)

Manchester ගුවන් තොටුපොළ (United Kingdom)

Stockholm Bromma ගුවන් තොටුපොළ (Sweden)

Paris Orly ගුවන් තොටුපොළ (Paris)

Lyon-Saint-Exupery ගුවන් තොටුපොළ (France)

London Stansted ගුවන් තොටුපොළ (England )

Kuwait ජාත්‍යන්තර ගුවන් තොටුපොළ (Kuwait)

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

Share
Published 18 June 2018 2:14pm
By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service