ඔස්ට්‍රේලියාවේ කුලී නිවෙසක ඔබට වෙනස් කළ සහ නොකළ හැකි දේ මොනවාද? (SBS සිංහල/වාර්තා)

What you can and can’t change in a rental property in Australia

Source: Getty Images

ඔස්ට්‍රේලියාවේ කුලී නිවෙසක වාසය කිරීමට යාමේදී එය ලබාගන්නා ආකාරයටම බාර දිය යුතු බව ප්‍රසිද්ධ රෙගුලාසියකි.

එනම් කුලී නිවෙස් හිමියාගේ අවසරයකින් තොරව එම කුලී නිවසේ හෝ ගෙවත්තේ සැලකිය යුතු ලෙස වෙනස්කම් කිරීම කුලී නිවැසියන්ට තහනම් වේ.


 

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”


 

ඔස්ට්‍රේලියාවේ කුලී නිවෙසක ඔබට වෙනස් කළ හැකි දේ සහ නොකළ හැකි දේ මොනවාද යන්න මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරේ.
What you can and can’t change in a rental property in Australia
Source: Getty Images

කුලී නිවෙසක වෙනස් කම් සිදුකිරීම

කුලී නිවෙසක යම් වෙනස් කමක් සිදුකිරීමට පෙර අදාළ කුලී නිවැසියා කුලී නිවෙස් හිමියාගෙන් හෝ අදාළ දේපළ වෙළෙඳාම් ඒජන්තවරයාගෙන් අවසර ගත යුතුය.

එම වෙනස්කම නිවසේ ආරක්ෂාව වැඩි කරන කටයුත්තක් හෝ නිවසේ අලංකාරය වැඩි කරන කටයුත්තක් හෝ විය හැකි නමුදු ඔබ එය ඔවුන් වෙත දන්වා අවසර ලබා ගත යුතුව පවතී.

උදාහරණ ලෙස නිවසේ බිත්ති වල තීන්ත ආලේප කිරීම, කේබල් රූපවාහිනී සම්බන්ධයක් ලබා ගැනීම, වායු සමීකරණයක් සවි කිරීම වැනි ක්‍රියා දැක්විය හැකිය.
බොහෝ ප්‍රාන්ත වල පවතින නීති අනුව කුලී නිවැසියන්ට අවසරයකින් තොරව ඡායාරූපයක් බිත්තියේ එල්ලීම සඳහා ඇණයක් හෝ ගැසීමට නොහැක.

නමුත් පසුගිය වසරේදී කුලී නිවාස සම්බන්ධ වික්ටෝරියානු ප්‍රාන්තයේ පවතින නීති සංශෝධනය කිරීමත් සමග වික්ටෝරියානු ප්‍රාන්තයේ මේ තත්ත්වය මදක් වෙනස් විය.
What you can and can’t change in a rental property in Australia
Source: Domain

කුලී නිවසක බිත්තියේ යමක් එල්ලිය හැකිද?

සාමන්‍යයෙන් අලංකාරය උදෙසා නිවෙසක බිත්තියේ ඡායාරූප හෝ වෙනත් විසිතුරු භාණ්ඩ එල්ලීම සුලබව සිදුකරන කටයුත්තකි.

නමුත් ඔබ ඔස්ට්‍රේලියාවේ කුලී නිවසක ජීවත්වන විටදී එසේ යමක් බිත්තියේ එල්ලීමට පෙර ඔබගේ නිවෙස් හිමියාගෙන් හෝ අදාළ දේපළ ඒජන්තවරයාගෙන් අවසර ගත යුතුය.
මෙහිදී බිත්තියේ ඡායාරූපයක් එල්ලීම යනු කුඩා ප්‍රමාණයේ කටයුත්තක් (minor alteration) බැවින් බොහෝ කුලී නිවෙස් හිමියන් ඒ සඳහා අනුමැතිය ලබා දෙයි.

නමුත් Blu Tack, washi tape සහ adhesive hooks වැනි විකල්ප ක්‍රම මගින් බිත්තියේ යමක් එල්ලීමට බොහෝ කුලී නිවාස ගිවිසුම් වල අවසර ලබා නොදෙයි.

මේ අතර පසුගිය වසරේදී වික්ටෝරියානු ප්‍රාන්තයේ කුලී නිවාස සම්බන්ධ නීති පිළිබඳ සිදුකළ සංශෝධනයේදී ඇණයක් හෝ කොක්කක් මගින් ඡායාරූපයක් බිත්තියේ එල්ලීම වැනි සුළු වෙනස්කම් සඳහා කුලී නිවෙස් හිමියාගෙන් හෝ ඒජන්තවරයාගෙන් අවසර ලබා නොගත යුතු බව පැවසේ.

නමුත් ඔබ එම කුලී නිවසින් පිටවන දිනෙක එය බාරගත් අයුරින්ම නැවත බාර දිය යුතුය.

What you can and can’t change in a rental property in Australia
Source: Flickr

කුලී නිවෙසක ගෙවත්ත

කුලී නිවෙසක ගෙවත්තටද නිවෙසට අදාළ නීති රීති පවතී.

කුලී නිවසට අදාළ ගෙවත්ත අලංකාරව සහ මනාව පවත්වාගෙන යාමේ සම්පූර්ණ වගකීම කුලී නිවසියාට බාර වෙයි.

එහි හැඩය වෙනස් කිරීම හෝ යම් යම් විශාල වෙනස් කම් සිදුකිරීමට කුලී නිවැසියන්ට අයිතියක් නොමැති නමුත් කුලී නිවෙස් හිමියාගේ හෝ ඒජන්තවරයාගේ අවසරය මත අලංකාරය වැඩි කිරීම සඳහා අලුතින් පැල සිටුවීම වැනි දේවල් සිදු කළ හැකිය.

එහිදී ඔබට පොළොව හැරීම හෝ පාත්ති දැමීම වැනි කටයුතු වලදී අවසර ගත යුතුය.

ඔබ එම කුලී නිවසින් පිටවන දිනෙක එහි ගෙවත්තද බාරගත් අයුරින්ම නැවත බාර දිය යුතුය.

එහිදී ඔබට පෝච්චි වල හෝ රැගෙන යා හැකි පාත්ති ආකෘති වල පැල සිටුවිය හැකිය.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

Share
Published 31 January 2019 1:11pm
By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service