ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම සුපිරි වෙළෙඳ සැල් ජාලා ද්විත්වය ප්ලාස්ටික් බෑග් තහනම් කරයි. (SBS සිංහල/වාර්තා)

සෑම වසරකම ඔස්ට්‍රේලියනු පාරිභෝගිකයින් ප්ලාස්ටික් බෑග් බිලියන 3.92 ක් පමණ භාවිතා කරයි.

Supermarket giants step up war on plastic.

Source: AAP

ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම සුපිරි වෙළෙඳ සැල් ජාලා ද්විත්වය වන Woolworths සහ Coles සුපිරි වෙළෙඳ සැල් මෙම මස අවසානයේ පටන් එක් වරක් පමණක් භාවිතා කරන ප්ලාස්ටික් බෑග් ලබා දීම තහනම් කිරීමට පියවර ගෙන තිබේ.

ඔස්ට්‍රේලියාව පුරාම ජාතික මට්ටමින් ක්‍රියාත්මක කෙරෙන මෙම තහනම දීර්ග කාලීනව සැලසුම් කර ගත් තීරණයකි.

මෙහි නියමු මෙහෙයුම පසුගිය සතියේදී ආරම්භ විය.
Supermarket giants step up war on plastic.
Source: AAP

ප්ලාස්ටික් බෑග් තහනම

2018 ජුනි මස 20 වන දින සිට ඔස්ට්‍රේලියාව පුරාම පිහිටි Woolworths ශාඛා වල එක් වරක් පමණක් භාවිතා කරන ප්ලාස්ටික් බෑග් ලබා දීම තහනම් කෙරෙන අතර  2018 ජුනි 30 වන දින සිට Coles සුපිරි වෙළෙඳ සැල්ද එම තහනම ක්‍රියාත්මක කෙරේ.

ඊට අමතරව මෙම වසර අවසානය වන විට ඔස්ට්‍රේලියාව පුරාම පිහිටි Woolworths ශාඛා වල ප්ලාස්ටික් බට ද තහනම් කිරීමට යන අතර එළවලු සහ පලතුරු ඇතුළත් නිෂ්පාදන 80 ක පමණ ප්ලාස්ටික් ඇසුරුම් ද ඉවත් කිරීමට ඔවුන් සූදානම් වේ.


 

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”


 

එමෙන්ම එළවලු සහ පලතුරු වල ප්ලාස්ටික් ඇසුරුම් ද මස් සහ කුකුළු මස් ඇසිරීම සඳහා ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ප්ලාස්ටික් යොදා ගැනීමටද Coles සුපිරි වෙළෙඳ සැල් අපේක්ෂා කරයි.

ඔස්ට්‍රේලියාවේ ප්ලාස්ටික් භාවිතය

  • සෑම වසරකම ඔස්ට්‍රේලියනු පාරිභෝගිකයින් ප්ලාස්ටික් බෑග් බිලියන 3.92 ක් පමණ භාවිතා කරයි.
  • එනම් ඔස්ට්‍රේලියාවේ සෑම පුද්ගලයෙකුම වසරකට ප්ලාස්ටික් බෑග් 170 ක් පමණ භාවිතා කරයි.
  • ඔස්ට්‍රේලියානු මිනිත්තුවකට ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ප්ලාස්ටික් බෑග් 7,150 ක් ඉවත දමයි.
  • ප්ලාස්ටික් බෑග් අපද්‍රව්‍ය පිරිසිදු කිරීමට ඔස්ට්‍රේලියානු රජයට වසරකට ඩොලර් මිලියන 4 කට අධික වියදමක් දරයි.
  • වර්තමාන ඔස්ට්‍රේලියාවේ භාවිත කරන ප්ලාස්ටික් බෑග් වලින් 3% ක් පමණක් ප්‍රතිචක්‍රීකරණය කරයි.
  • දිනකට ඔස්ට්‍රේලියාව තුළ මිලියන 10 ක පමණ ප්ලාස්ටික් බට භාවිත කරයි.

ආදේශක

Woolworths ශාඛා වල සහ Coles ශාඛා වල එක් වරක් පමණක් භාවිතා කරන ප්ලාස්ටික් බෑග් ලබා දීම තහනම කෙරුණු නමුත් නැවත නැවත භාවිතා කළ හැකි ප්ලාස්ටික් බෑග් ඔබට ලබා ගත හැකි අතර නැතිනම් ඔබේම බෑග් ඔබට භාවිතා කළ හැකි වේ.

එය අදාළ පාරිභෝගිකයින්ගේ කැමැත්ත මත සිදුවනු ඇත.

මේ අතර Woolworths සහ Coles ගත් මෙම තීරණය පිළිබඳ ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම පරිසර සංවිධානයක් වන Greenpeace Australia සංවිධානය සිය ප්‍රසාදය පළ කර තිබේ.
Supermarket giants step up war on plastic.
Source: SBS News

ප්‍රාන්ත වල ප්ලාස්ටික් බෑග් තහනම

එළඹෙන ජූලි 01 වන දින සිට ක්වීන්ස්ලන්ත සහ බටහිර ඔස්ට්‍රේලියාව යන ප්‍රාන්ත වල එක් වරක් පමනක් භාවිත කරන ප්ලාස්ටික් බෑග් තහනම් කිරීමට යන අතර ACT, Northern Territory, දකුණු ඔස්ට්‍රේලියාව, වික්ටෝරියා සහ ටස්මෙනියාව ද පසුව ඊට එකතුවීමට නියමිතය.

නමුත් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තවමත් ඊට කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැත.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

Share
Published 10 June 2018 8:25pm
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service