ප්ලාස්ටික් බෑග් තහනම නිසා ඔස්ට්‍රේලියාවේ ප්ලාස්ටික් බෑග් භාවිතය 80% කින් පහළ යයි. (SBS සිංහල/වාර්තා)

plastic bag

Source: AAP

ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම සුපිරි වෙළෙඳ සැල් ජාලා ද්විත්වය එක් වරක් පමණක් භාවිත කරන ප්ලාස්ටික් බෑග් තම පාරිභෝගිකයින්ට ලබා දීම තහනම් කිරීම හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ පරිසරයට බිලියන 1.5 ක් පමණ ප්ලාස්ටික් බෑග් ප්‍රමාණයක් එකතුවීම වළක්වා ගැනීමට මෙතෙක් හැකියාව ලැබී ඇතැයි වාර්තා වේ.


 

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”


 

එමෙන්ම මෙම වැඩපිළිවෙල ඔස්ට්‍රේලියාවේ සිල්ලර වෙළෙඳ ක්ෂේත්‍රයේ නියුතු පුද්ගලයින්ද අනුගමනය කරනු ඇතැයි රජය විශ්වාස කරයි.
plastic bag
Source: AAP

ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළෙඳ සැල්වල ප්ලාස්ටික් බෑග් තහනම.

2018 ජුනි මස 20 වන දින සිට ඔස්ට්‍රේලියාව පුරාම පිහිටි Woolworths ශාඛා වල එක් වරක් පමණක් භාවිතා කරන ප්ලාස්ටික් බෑග් ලබා දීම තහනම් කෙරුණු අතර 2018 ජුනි 30 වන දින සිට Coles සුපිරි වෙළෙඳ සැල්ද එම තහනම ක්‍රියාත්මක කළේය.

ඊට අමතරව මෙම වසර අවසානය වන විට ඔස්ට්‍රේලියාව පුරාම පිහිටි Woolworths ශාඛා වල ප්ලාස්ටික් බට ද තහනම් කිරීමට යන අතර එළවලු සහ පලතුරු ඇතුළත් නිෂ්පාදන 80 ක පමණ ප්ලාස්ටික් ඇසුරුම් ද ඉවත් කිරීමට ඔවුන් සූදානම් වේ.

එමෙන්ම එළවලු සහ පලතුරු වල ප්ලාස්ටික් ඇසුරුම් ද මස් සහ කුකුළු මස් ඇසිරීම සඳහා ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ප්ලාස්ටික් යොදා ගැනීමටද Coles සුපිරි වෙළෙඳ සැල් අපේක්ෂා කරයි.
මේ අතර ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම සුපිරි වෙළෙඳ සැල් ජාලා ද්විත්වයේ මෙම ප්ලාස්ටික් බෑග් තහනම පනවා මාස 3ක් ගතවූ තැන එක්වරක් පමණක් භාවිතා කළ හැකි ප්ලාස්ටික් බෑග් භාවිතය 80% කින් පමණ ප්‍රතිශතයකින් සමස්ත ඔස්ට්‍රෙලියාවේම අඩුවී ඇති බව National Retail Association සිදුකළ නවතම සමීක්ෂණයෙන් සනාථ වී තිබේ.

ඔස්ට්‍රේලියාවේ ප්ලාස්ටික් භාවිතය

  • සෑම වසරකම ඔස්ට්‍රේලියනු පාරිභෝගිකයින් ප්ලාස්ටික් බෑග් බිලියන 3.92 ක් පමණ භාවිතා කරයි.
  • එනම් ඔස්ට්‍රේලියාවේ සෑම පුද්ගලයෙකුම වසරකට ප්ලාස්ටික් බෑග් 170 ක් පමණ භාවිතා කරයි.
  • ඔස්ට්‍රේලියානු මිනිත්තුවකට ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ප්ලාස්ටික් බෑග් 7,150 ක් ඉවත දමයි.
  • ප්ලාස්ටික් බෑග් අපද්‍රව්‍ය පිරිසිදු කිරීමට ඔස්ට්‍රේලියානු රජයට වසරකට ඩොලර් මිලියන 4 කට අධික වියදමක් දරයි.
  • වර්තමාන ඔස්ට්‍රේලියාවේ භාවිත කරන ප්ලාස්ටික් බෑග් වලින් 3% ක් පමණක් ප්‍රතිචක්‍රීකරණය කරයි.
  • දිනකට ඔස්ට්‍රේලියාව තුළ මිලියන 10 ක පමණ ප්ලාස්ටික් බට භාවිත කරයි.
plastic bag
Source: SBS

ප්‍රාන්ත වල ප්ලාස්ටික් බෑග් තහනම

පසුගිය ජූලි 01 වන දින සිට ක්වීන්ස්ලන්ත සහ බටහිර ඔස්ට්‍රේලියාව යන ප්‍රාන්ත වල එක් වරක් පමනක් භාවිත කරන ප්ලාස්ටික් බෑග් තහනම් කිරීමට යන අතර ACT, Northern Territory, දකුණු ඔස්ට්‍රේලියාව, වික්ටෝරියා සහ ටස්මෙනියාව ද පසුව ඊට එකතුවීමට නියමිතය.

නමුත් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තවමත් ඊට කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැත.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

Share
Published 13 December 2018 10:43am
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service