ඔස්ට්‍රේලියාවේ මෙල්බන් සහ පර්ත් ගුවන් තොටුපොළවලට පැමිණි අලුත්ම තාක්ෂණය මෙන්න. (SBS සිංහල/වාර්තා)

මේ ඉහළ තාක්ෂණය හේතුවෙන් ගොඩ බස්සවන ගුවන් යානයක සිටින ගුවන් නියමුවකු හට අහස පැහැදිලි නොවන අවස්ථාවක ගුවන් ධාවන පථයට මීටර් 75 ක් තිබියදී පවා වුවත් ආරක්ෂාකාරීව ගොඩ බැස්සවීමේ කටයුත්ත කළ හැකිවේ.

The latest technology introduced to Melbourne & Perth airports.

Source: AAP

ලොව ඕනෑම ගුවන් යානයක බරපතලම සහ භයානකම කාර්යයන් ද්විත්වය ලෙස ගුවන් යානය අහසට නැග්ගවීම සහ ගොඩ බැස්සවීම බව ප්‍රකට කියමනකි.

ගුවන් තොටුපොළක් ආශ්‍රිතව ඝන මීදුම් වළාවන් තිබීමෙන් ගුවන් නියමුවන්ට ඒ කාර්යයන් ඊටත් වඩා බැරෑරුම් වන බව නොරහසකි.

ඇතැම් වෙලාවට මීදුම් තත්ත්වය පහවී අහස පැහැදිලි වන තෙක් ගුවන් යානා ගොඩ බැස්සවීමට හෝ අහසට නැග්ගවීමට අවකාශ නොදී ගුවන් තොටුපොළවල් තාවකාලිකව වසා දැමෙන අවස්ථාද අපට අසන්නට ලැබේ.


 

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”


 

නමුත් දැන් මෙල්බන් සහ පර්ත් ගුවන් තොටුපොළ වලට එම ගැටළුවෙන් මිදීමට නව තාක්ෂණයක් සහිතව අවසරයක් ලැබී තිබෙන බව ABC පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.

එය CatIII B සහතික පත ලෙස හැඳින්වේ.

මේ ඉහළ තාක්ෂණය හේතුවෙන් ගොඩ බස්සවන ගුවන් යානයක සිටින ගුවන් නියමුවකු හට අහස පැහැදිලි නොවන අවස්ථාවක ගුවන් ධාවන පථයට  මීටර් 75 ක් තිබියදී පවා වුවත් ආරක්ෂාකාරීව ගොඩ බැස්සවීමේ කටයුත්ත කළ හැකිවේ.
The latest technology introduced to Melbourne airport.
Source: Flickr

මොකද්ද මේ CatIII B ?

මෙය බිම් මට්ටමේ සිට ක්‍රියාත්මක කරන ක්‍රියාවලියක් වන අතර රේඩියෝ සංඥා, අධි බලැති අකුණුසැර හා මීදුම් තත්ත්වයන් හසු කරගන්නා උපකරණ වලින් එය සමන්විතය.

පාරිසරික බාධක මධ්‍යයේ වුවද ගුවන් යානයක් ගුවන් ධාවන පථය කරා ආරක්ෂාකාරීව මෙමගින් යොමු කළ හැකිවේ.
The latest technology introduced to Melbourne & Perth airports.
Source: Flickr

CatIII B හි ක්‍රියාකාරිත්වය

මෙම පද්ධතියේ ඇන්ටනා දෙකක් ඇත.

ඒවා ගුවන් ධාවන පථයේ දෙකෙළවර සවි කර ඇති අතර ඒවා මගින් ගුවන් ධාවන පථයේ නිවැරදි දිශානතිය පිළිබඳව ගොඩ බැස්සවීමට යන ගුවන් යානයේ ගුවන් නියමු කුටිය වෙත සංඥා සපයයි.

මේ අතර ගුවන් ධාවන පථයේ දෘශ්‍යභාවය පෙන්වීම සඳහා ගුවන් ධාවන පථය මත විදුලි බුබුළු 8,000 ක් පමණ සවි කර ඇති අතර එමගින් ගුවන් නියමුවාට යානය ගොඩ බැස්සවීම සඳහා නිවැරදි දිශානතිය පෙන්නුම් කරයි.
The latest technology introduced to Melbourne & Perth airports.
CatIII B Landing Source: YouTube

CatIII B තාක්ෂණය ඔස්ට්‍රේලියාවේ අනෙකුත් ගුවන් තොටුපොළ වලට නැත්තේ ඇයි?

මෙල්බන් සහ පර්ත් ගුවන් තොටුපොළවල් සතුව ගුවන් ධාවන පථ දෙක බැගින් තිබෙන බව ABC පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.

නමුත් එම ගුවන් තොටුපොළ දෙකේම එක් ගුවන් ධාවන පථය බැගින්  සඳහා පමණක් මෙම CatIII B තාක්ෂණ සහතිකය ලබාගෙන තිබේ.

පර්ත් ගුවන් තොටුපොළට මෙම සහතිකය හිමිවුයේ පසුගිය මැයි මස අවසානයේ වන අතර පර්ත් ගුවන් තොටුපොළ හා සම්බන්ධ සියලුම ගුවන් නියමුවන් මේ තාක්ෂණය පිළිබඳ සම්පූර්ණ පුහුණුව ලබා නැති බවද වාර්තා වේ.

Airservices Australia ආයතනයට අනුව වසරේ දින 365 න දින 15 ක් පමණ මෙල්බන් සහ පර්ත් ගුවන් තොටුපොළවල් ඝන මීදුමෙන් වැසෙන බව වාර්තා වේ.

නමුත් සිඩ්නි ගුවන් තොටුපොළේ එම තත්ත්වය දක්නට ලැබෙන්නේ වසරකට දින 5 ක පමණ කාලයකදී පමණි.

කෙසේවෙතත්, මෙම තාක්ෂණය ස්ථාපිත කිරීම සඳහා අධික පිරිවැයක් දැරීමට සිදුවන නිසාත් ඝන මීදුම් තත්ත්වයන්ට වසරේ වැඩි කාලයක් මුහුණ නොදීම නිසාත් අනෙක් ගුවන් තොටුපොල වලට මෙය තවමත් භාවිතා කිරීමට අදහස් කර නොමැති බවද සඳහන්.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

Share
Published 26 June 2018 10:35am
By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service