ඕස්ට්‍රේලියාවේ ත්‍රස්ත ක්‍රියාවලට චෝදනා ලැබුවන් දින නියමයකින් තොරව සිරගත කිරීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය (SBS සිංහල / වාර්තා )

ත්‍රස්ත ක්‍රියාවලට චෝදනා ලැබුවන්ට අධිකරණයෙන් නියමවන සිර දඩුවමෙන් අනතුරුවද, අවශ්‍යනම් ඔවුන් රදවා තබා ගැනීමට මෙමගින් රජයට මෙම නව නීති මගින් නීතිමය අවසරය ලැබෙන බව සදහන්.

Stock picture of a statue of 'Lady Justice'

Source: AAP

ත්‍රස්ත ක්‍රියාවලට චෝදනා ලැබුවන් දින නියමයකින් තොරව සිරගත කිරීමට හැකි නව නීති සදහා ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවී තිබේ. ත්‍රස්ත ක්‍රියාවලට චෝදනා ලැබුවන්ට අධිකරණයෙන් නියමවන සිර දඩුවමෙන් අනතුරුවද, අවශ්‍යනම් ඔවුන් රදවා තබා ගැනීමට මෙමගින් රජයට නීතිමය අවසරය ලැබෙන බව සදහන්. අදාල නීති යෝජනා සදහා පසුගිය බ්‍රහස්පතින්දා (දෙසැම්බර් 1දා ) පාර්ලිමේන්තු අනුමැතිය ලැබුණු අතර අන්තවාදී කණඩායම් වලින් එල්ලවී ඇති තර්ජන මැඩලීමට මෙම නව නීති ඉවහල් වනු ඇති බව සදහන්.

 

පසුගිය වකවානුව තුල ලොව විවධ විවිධ රටවලින් නිරන්තරයෙන් වාර්තා වූ ත්‍රස්ත ප්‍රහාර සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව රජය මෙම පියවර ගත්  බව ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මීට  ප්‍රකාශ කර තිබිණි.

 

මෙම නව නීති අනුව, ත්‍රස්ත කටයුතු වලට චෝදනා ලැබූ යම් සැකකරුවෙකු හට අධිකරණයෙන් නියම වූ සිර කාලය නිමාවට පත් වීමට පෙර, එය තවත් මාස  12කින් දීර්ඝ කිරීමට නීතිපතිවරයාට  බලය හිමි වන බව වාර්තා වෙයි. මෙය ක්‍රියාත්මක කිරීමට, අදාල තීරණය පිළිබදව ශ්‍රේෂ්ඨාධිකරණය සෑහීමට  පත් වීමද අත්‍යවශ්‍ය කාරණයක්. අදාල පුද්ගලයා සමාජයට මුදා හැරියහොත් ඔහු හෝ ඇය  සමාජය තර්ජනයක් විය හැකි බව අධිකරණ පිළිගත යුතු බව වැඩි දුරටත් සදහන් කාරණයක්. මෙම නව නීති වලට සමාන නීති, ලිංගික හිංසන ක්‍රියාවලට සහ විවිධ ප්‍රචණ්ඩ ක්‍රියා සදහා චෝදනා ලැබුවන්ට එරෙහිව දැනටමත් සමහරක් ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත වල ක්‍රියාත්මක බව සදහන්.

 

මෙම නව නීති ප්‍රතිපාදන වලටGreens පක්ෂය සහ  Liberal Democrat සාමාජික David Leyonhjelm විරුද්ධව ජන්දය ලබාදුන් නමුත්, ඒ සදහා සෙනෙට් අනුමැතිය ලබාගැනීමට අවශ්‍ය චන්ද සංඛ්‍යාව හිමි වූ බව වැඩි දුරටත් වාර්තා වෙයි. මෙම නීති සිවිල් නිදහස සීමා  කිරීමක් ලෙස තමන් දකින බව David Leyonhjelm මහතා පවසයි.

 

ඕස්ට්‍රේලියානු අධිකරණ කටයුතු අමාත්‍ය Michael Keenan මහතාට අනුව, 2014 වසරේ සැප්තැම්බර් මාසයේ  සිට මේ දක්වා ත්‍රස්ත කටයුතු මැඩලීම සදහා සිදුකල මෙහෙයුම් වලදී 55 දෙනෙකු අත්  අඩංගුවට ගෙන ඇති බව සදහන්. තවද මෙම වකවානුව තුල ඕස්ට්‍රේලියාව  තුල ප්‍රහාර 4 ක් වාර්තා වූ බවත්, ආරක්ෂක අංශ වල සහායෙන්  ප්‍රහාර 11 වලක්වාලීමට හැකි වූ බවත් ඔහු වැඩි දුරටත් පැවසීය.

Share
Published 2 December 2016 8:54am
Updated 2 December 2016 9:24am
By Sanjaya Dissanayake
Source: AFP, SBS


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service