ක්‍රිකට් ක්‍රීඩාවේදී ආරක්‍ෂිත හිස් වැසුම් පැළදීමට අදාල නව නීති ICC ය විසින් ප්‍රකාශයට පත් කරයි. (SBS සිංහල / වාර්තා)

2017 වසරේ පෙබරවාරි පළමුවැනිදා සිට මෙම නව නිතිය ජාත්‍යන්තර ක්‍රිකට් තරග වලදී ක්‍රියාත්මක අතර අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ඇදුම් සහ උපකරණ වලට අදාල නීති (ICC Clothing and Equipment Regulations) යටතේ මෙම නිතිය හදුන්වාදී ඇති බව සදහන්.

Phil Hughes

The NSW coroner has urged a review of 'ambiguous' bowling laws in the wake of Phillip Hughes' death. (AAP) Source: Press Association



පිරිමි සහ කාන්තා අන්තර්ජාතික ක්‍රිකට් තරගවලදී ආරක්‍ෂිත හිස් වැසුම් (Helmet ) පැළදීම පිළිබද නව නීති අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් ප්‍රකාශයට පත් කර තිබේ.  මෙම නව නිතීය අනුව ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකදී ආරක්‍ෂිත හිස් වැසුම නොමැතිව ක්‍රීඩා කළහොත් අදාල ක්‍රීඩකයාට හෝ ක්‍රීඩිකාවට දෙවතාවක් ඒ සදහා අවවාද හිමි වන අතර, තවදුරටත් එය පිළිපදින්නේ නැතිනම් එක් තරගයක් අදාල ක්‍රීඩකයාට තහනම් කිරීමට හැකි බව සදහන්.

2017 වසරේ පෙබරවාරි පළමුවැනිදා සිට මෙම නව නිතිය ජාත්‍යන්තර ක්‍රිකට් තරග වලදී ක්‍රියාත්මක අතර අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ඇදුම් සහ උපකරණ වලට අදාල නීති (ICC Clothing and Equipment Regulations) යටතේ මෙම නිතිය හදුන්වාදී ඇති බව සදහන්.
 2014 වසරේදී Sheffield Shield ක්‍රිකට් තරගයක් අතරතුරදී පන්දුවක් හිසේ වැදීමෙන් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක Phillip Hughes ජිවිතක්ෂයට පත් වූ අතර, ඉන් අනතුරැව නිසි හිස් වැසුම් පැලදීම පිළිබද නීති ක්‍රිකට් ක්‍රීඩාවට ගෙන එන ලෙස ක්‍රිකට් ප්‍රවීනයින් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයට යෝජනා ඉදිරිපත් කර තිබිණි. Phillip Hughes මෙම තරගයේදී ආරක්‍ෂිත හිස් වැසුමක් පැළද  සිටියද ඔහුගේ බෙල්ල සහ හිස අතර ප්‍රදේශය නිසි අයුරින් ආවරණය නොවීම නිසා ඔහු මෙම අනතුරට ලක් විය. බ්‍රිතාන්‍ය ප්‍රමිතියට අනුකුල (British Standard BS7928:2013) හිස් වැසුම් වල ආරක්‍ෂිත දැලක් ඇති නිසා එවැනි අනතුරු සිදුවීමේ අවධානම අඩු අතර, ක්‍රීඩකයින්ට පැළදිය හැකි ආරක්ෂිතම හිස් වැසුම පැළදීමට උනන්දු කරන බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සාමාන්‍යධිකාරී Geoff Allardice පවසයි. බොහෝ ජාත්‍යන්තර කණ්ඩායම් වල ක්‍රීඩක ක්‍රීඩිකාවන් බ්‍රිතාන්‍ය ප්‍රමිතීන් වලට අදාල හිස් වැසුම් මේ වන විටත් පළදින බවත් සමහරක් කණ්ඩායම් පුර්ණ ආරක්‍ෂිත හිස් වැසුම් වලට මාරු වීමට තවත් කල් ඉල්ලා ඇති බවත් ඔහු වැඩි දුරටත් සදහන් කරයි. මේ සදහා මෙම කණ්ඩායම් වලට කල් ලබා දීමට ICC ය තීරණය කර ඇති බවත් එම කාල  සිමාවෙන් අනතුරුව අදාල නිතිය තදින් ක්‍රියාත්මක වන බවත් Geoff Allardice පවසයි.

Share
Published 17 January 2017 9:44am
Updated 17 January 2017 12:18pm
By Sanjaya Dissanayake
Source: espncricinfo


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service