ඔස්ට්‍රේලියාවේ ලබන ජනවාරි 01 වන දින සිට විශ්‍රාම වැටුප වෙනස් වෙයි.(SBS සිංහල/වාර්තා)

දේපළ පරීක්ෂාව ක්‍රියාත්මක වූ විටම තම විශ්‍රාම වැටුප කපා හැර ඇති බවට ඔස්ට්‍රේලියානුවන් 330,000 ක් එළඹෙන ඉරිදා (01/01) සිට දැනගන්නා බවත් එම ප්‍රමාණයෙන් 90,000 කට විශ්‍රාම වැටුප මුළුමනින්ම අහිමිව යන බවත් වාර්තා වේ.

Australian dollars

Australian dollars Source: AAP

ඔස්ට්‍රේලියාවේ ලබන ජනවාරි 01 වන දින සිට වෙනස් වන විශ්‍රාම වැටුප් වැඩසටහන පිළිබඳ කම්කරු පක්ෂය භයානක ප්‍රවර්ධන ව්‍යාපෘතියක් ගෙන යන බවට ලිබරල් සන්ධාන රජය, කම්කරු පක්ෂයට චෝදනා කර සිටියි.

දේපළ පරීක්ෂාව ක්‍රියාත්මක වූ විටම තම විශ්‍රාම වැටුප කපා හැර ඇති බවට ඔස්ට්‍රේලියානුවන් 330,000 ක් එළඹෙන ඉරිදා (01/01) සිට දැනගන්නා බවත් එම ප්‍රමාණයෙන් 90,000 කට විශ්‍රාම වැටුප මුළුමනින්ම අහිමිව යන බවත් වාර්තා වේ.

මේ අතර විශ්‍රාමිකයින් 170,000 කට පමණ සතියකට ඩොලර් 15ක අමතර මුදලක් හිමිවේ.

The Australian Council of Trade Unions (ACTU), කම්කරු පක්ෂය සහ One Nation පක්ෂය මේ සම්බන්ධව ටර්න්බුල් රජයට දරුණු සටනක් ලබා දී තිබේ. ඔස්ට්‍රේලියානු වෘත්තීය සමිති මෙය විසඳීම සඳහා ඡන්දයකට යාමට බල කිරීමට සූදානම් වෙමින් පවතින බව ACTU හි සභාපති Ged Kearney පවසයි.

එමෙන්ම මෙම ගැටලුවෙන් අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල්ගේ නායකත්වය නැති වීමටද හැකි බව One Nation පක්ෂයේ සෙනට් සභික Brian Burston පවසයි.

මෙම පද්ධතිය සූරා කන්නන් හට පහර දෙනවා වෙනුවට රජය වියපත් ඔස්ට්‍රේලියානුවන් හට පහර දෙන බව ඔහු The Australian පුවත් පතට පැවසීය.

“මම හිතන විදියට superannuation වෙනස්කම් වගේම ක්‍රියාත්මක කිරීමට යන විශ්‍රාමික වැටුප් වෙනස්කම් වලින් අනාගතයේදී විශ්‍රාමිකත්වයට ඉතිරි කිරීමට  අනුබල නොදීමක් සිදු කරනවා.” One Nation පක්ෂයේ සෙනට් සභික Brian Burston වැඩි දුරටත් පැවසීය.

මෙම වෙනස්කම් නීත්‍යානුකූල කරනු ලැබුවේ මාස 18 කට පෙර බවත් එමගින් ඔස්ට්‍රේලියනුවන් හට මේ සඳහා සූදානම් වීමට කාලයක් ලබා දුන් බවත් කැබිනට් අමාත්‍ය Scott Ryan පැවසීය.

කම්කරු පක්ෂයේ නායක Bill Shorten සහ කම්කරු පක්ෂයේ භාණ්ඩාගාර කටයුතු පිළිබඳ නියෝජිත Chris Bowen ගේ ප්‍රකාශ වලට විරුද්ධත්වය පාමින් Scott Ryan පවසන්නේ මෙම ප්‍රතිපත්ති මැතිවරණයේදී පවා ප්‍රකාශ කළ බවයි.

මේ අතර රට වැසියන්ව බිය ගැන්වීමෙන් වලක්වන්න අවශ්‍ය නම් ප්‍රතිපත්ති වෙනස් නොකර සිටින ලෙස කම්කරු පක්ෂයේ භාණ්ඩාගාර කටයුතු පිළිබඳ නියෝජිත Chris Bowen පැවසීය.

ලිබරල්, නැෂනල් සහ ග්‍රීන්ස් පක්ෂ මෙයට පක්ෂව ඡන්දය නොදුන්නා නම් හෝ අපට බහුතරයක් තිබුනා නම් මෙම කප්පාදුව නීතියක් බවට පත් නොවනු ඇතැයිද Chris Bowen සිඩ්නි නුවරදී මාධ්‍ය වෙත අදහස් පළ කළේය.

ඔක්තෝබර් සහ දෙසැම්බර් මාස අතරදී වයස 50 ට වැඩි ඔස්ට්‍රේලියානුවන් ලිබරල් සන්ධාන රජය අතහැර යාම 7%කින් වැඩිවී ඇති බවද Newspoll සමීක්ෂණ වාර්තා විමර්ශනයෙන් පැහැදිලි වේ.

එසේ වෙනස්වූ ඡන්ද වලින් තුනෙන් දෙකක් කම්කරු පක්ෂය වෙතටද ඉතිරි තුනෙන් එක ස්වාධීන සහ සුළු පක්ෂ වලටද බෙදී ගොස් ඇති බව පෙනී යයි.

විශ්‍රාමික වැටුප් වෙනස් වන්නේ කෙසේද?
assets test free area හෙවත් විශ්‍රාමිකය ක්‍රියාත්මක වීමට පෙර අදාළ පුද්ගලයාට හිමි දේපළ වල වටිනාකම ඉහළ යමින් පවතියි.

නමුත් taper අනුපාතිකය දෙගුණ කිරීමෙන් assets test free area ප්‍රමාණය ඉක්මවා යන උදවියගේ විශ්‍රාමික වැටුප ඉතා ඉක්මණින් කප්පාදු වේ.

මෙය බලපාන්නේ කාටද?
මෙයින් විශ්‍රාමිකයින් 171,658 ප්‍රමාණයකට සතියකට ඩොලර් 15 බැගින් අමතර මුදලක් හිමිවේ. ඔවුන්ගේ දේපළ අදාළ ගණනය කිරීම් වලට හසු නොවීම ඊට හේතුව වේ. නමුත් 235,756 ගේ විශ්‍රාම වැටුප් අඩුවීමක් සිදු වන අතර 91,378 කගේ විශ්‍රාමික වැටුප් සම්පූර්ණයෙන් අහිමි වේ.

මෙය සිදු වන්නේ කවදාද?
අගමැති මැල්කම් ටර්න්බුල් හට මේ සඳහා විවේචන එල්ල වුවත් මෙය 2015 මැයි මාසයේ ටෝනි ඇබට් අගමැතිව සිටියදී අය - වැයකදී ගෙනාවකි. එය නීති කෙටුම්පත් වුයේ ටර්න්බුල් අගමැති වීමට මාස තුනකට පෙරාතුවය.

MY HEALTH CARE කාඩ් පතට කුමක් වේද?
Commonwealth ජ්‍යෙෂ්ඨ සෞඛ්‍ය කාඩ් පතින් හෝ Health Care කාඩ් පතින් ස්වයංක්‍රීයව මෙම වෙනස්කම් ග්‍රහණය කරගැනීම හේතුවෙන් වියපත් ඔස්ට්‍රේලියානුවන් ගේ විශ්‍රාමික වැටුප අහිමි වේ.

------------------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

------------------------------------------------------------------------------------------------------------------

Share
Published 28 December 2016 11:57pm
Updated 29 December 2016 12:20pm
By Madhura Seneviratne
Source: SBS News


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service