ඔස්ට්‍රේලියානු ආර්ථිකය මුහුණ දෙමින් සිටින විශාලතම අභියෝගය අඩු වැටුප් වර්ධනය බව රජය පවසයි. (SBS සිංහල/වාර්තා)

1990 දශකයේ අග භාගයේදී සිට මේ දක්වා වාර්තා වූ ඔස්ට්‍රේලියාවේ අඩුම වැටුප් වර්ධනය වේගය මේ වසරේ තිබෙන බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය ප්‍රකාශ කර පැය 24 ක් ගතවීමෙන් පසුව penalty දීමනා කප්පාදුව පිළිබඳ Fair Work කොමිසමේ තීරණය එළි දැක්විණි.

Low wage growth Australian economy's biggest challenge

(Photo illustration by Christopher Furlong/Getty Images) Source: Getty Images Europe

ඔස්ට්‍රේලියානු ආර්ථිකය මුහුණ දෙමින් සිටින විශාලතම අභියෝගය අඩු වැටුප් වර්ධනය බව ඔස්ට්‍රේලියානු භාණ්ඩාගාරික අමාත්‍ය  Scott Morrison පැවසීය.

ඉරිදා දිනවල penalty දීමනා කප්පාදු කිරීමට Fair Work කොමිසම ගත් තීරණය එකහෙලා අනුමත කිරීමෙන් පසුව Scott Morrison විසින් මෙම ප්‍රකාශය සිදු කිරීම විශේෂත්වයකි.

Fair Work කොමිසම ස්වාධීන ආයතනයක් බවත් එනිසා එහි තීරණ සඳහා බලපෑම් සිදු නොකළ හැකි බවත් රජය පැවසීය.

මේ සමග ඔස්ට්‍රේලියානු දේශපාලනයේ රජය සහ විපක්ෂය අතර ප්‍රබල සටනක් ඇතිවූ අතර දහස් ගණනක් වූ අඩු ආදායම් ලාභී සති අන්ත සේවකයින්ගේ ආදායම සුරක්ෂිත කිරීමට රජය අපොහොසත් වූ බව පවසමින් කම්කරු පක්ෂය රජයට චෝදනා කරයි.

නමුත් සේවකයින් සෑම සතියකම වැඩි මුදල් ප්‍රමාණයක් නිවෙසට ගෙන යාවි යැයි තමන් තහවුරු කරන බව භාණ්ඩාගාරික අමාත්‍ය  Scott Morrison පවසා තිබේ.

“ඔස්ට්‍රේලියානුවන් සතිපතා උපයන ආදායම වර්ධනය කිරීම අප සතුව ඇති විශාලතම අභියෝගයයි. අපිට ඇත්තේ සමතල වැටුප්. ඇතැම් කාල වකවානු වල අපගේ වැටුප් දර්ශකය සමතල බවක් උසුලයි.” භාණ්ඩාගාරික අමාත්‍ය  Scott Morrison පැහැදිලි කළේය.

සති අන්ත penalty දීමනා කප්පාදුව මගින් ආර්ථික ප්‍රතිලාභ අත් වන බව Fair Work කොමිසම පෙන්වා දෙයි.

සේවා ස්ථාන වසා දමා ඇති විටෙක හෝ සේවායෝජකයින් ලාභ ඉපයීමට අරගල කරන විට සේවකයින් හට වැඩි ආදායමක් ඉපයීමට හැකියාවක් නොමැති බව ද Scott Morrison අමත්‍යවරයා පැවසීය.

“එනිසා, සුළු, මාධ්‍ය හා මහා පරිමාණ ව්‍යාපාර වල ලාභ ඉපයීම ඔස්ට්‍රේලියානුවන්ගේ ආදායමට සෘජුවම බලපාන නිසා අපි ඒ සම්බන්ධයෙන් වඩාත් උනන්දුයි.” Scott Morrison තව දුරටත් පැවසීය.

1990 දශකයේ අග භාගයේදී සිට මේ දක්වා වාර්තා වූ ඔස්ට්‍රේලියාවේ අඩුම වැටුප් වර්ධනය වේගය මේ වසරේ තිබෙන බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය ප්‍රකාශ කර පැය 24 ක් ගතවීමෙන් පසුව  penalty දීමනා කප්පාදුව පිළිබඳ Fair Work කොමිසමේ තීරණය එළි දැක්විණි.

ඉරිදා දිනවල ගෙවන දීමනා අඩු කිරීමෙන් ව්‍යාපාර වලට වැඩිපුර ඔස්ට්‍රේලියානුවන් බඳවා ගත හැකි බවත් එමගින් රට පුරා සේවා නියුක්තිය ඉහළ දැමිය හැකි බවත් ඔස්ට්‍රේලියානු අග්‍රමාත්‍ය Malcolm Turnbull මීට පෙර සඳහන් කර තිබුණි.

Penalty දීමනා කප්පාදුව පිළිබඳ තීරණයට කම්කරු පක්ෂයේ අවධානය.

Penalty දීමනා කප්පාදුව පිළිබඳ Fair Work කොමිසමේ තීරණයට කම්කරු පක්ෂයේ දැඩි විරෝධය එල්ල වී ඇති අතර එය හුදෙක් වැටුප් කප්පාදුවක් බව ඔවුන් පෙන්වා දෙයි.

එමගින් මිලයන ගණනක ඔස්ට්‍රේලියානුවන්ගේ ජීවන් තත්ත්වය පහත වැටෙන බවද කම්කරු පක්ෂය පවසයි.

“මෙය බොහොම සරළව වැටුප් කප්පාදුවක්. පඩි පතෙහි වෙනයම් කිසිදු අයුරකින් වැටුප් වැඩි වීමක් දක්නට නැහැ.”කම්කරු පක්ෂයේ නායක Bill Shorten පැවසීය.

Fair Work කොමිසමේ තීරණය බලාත්මක කිරීම වැළක්වීමට නව කෙටුම්පතක් හඳුන්වා දෙන බව කම්කරු පක්ෂයේ රැකියා පිළිබඳ නියෝජිත Brendan O'Connor මේ වන විටත් නිවේදනය කර තිබේ.

Share
Published 14 March 2017 2:26am
By Madhura Seneviratne
Source: ABC Australia


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service