ක්වීන්ස්ලන්තයෙන් කිසිදු කොරෝනා ආසාදිතයෙකු හමු නොවූවත් නව Covid ප්‍රභේදය බ්‍රිස්බේන් නුවර තවමත් තිබේදැයි සැකයක් (SBS සිංහල/ වාර්තා)

People are seen returning to the CBD in Brisbane after the three-day lockdown, Tuesday 12 January, 2021.

People are seen returning to the CBD in Brisbane after the three-day lockdown, Tuesday 12 January, 2021. Source: AAP

බ්‍රිස්බේන් නුවර කිසිදු කොරෝනා ආසාදිතයෙකු හමු නොවූ බව වාර්තා වන නමුත් එක්සත් රාජාධානියේ නව කොරෝනා වයිරස ප්‍රභේදය වැළඳුනු ක්වීන්ස්ලන්ත වැසියන් දෙදෙනා සමග සමීපව ගැවසුණු පුද්ගලයින් සොයා මේ වන විටත් ක්වීන්ස්ලන්ත සෞඛ්‍ය බලධාරීන් මෙහෙයුමක යෙදී සිටියි.

පසුගිය දින 5 ඇතුළත ක්වීන්ස්ලන්තයෙන් වාර්තා වූ එකම නව ආසාදිතයා වන්නේ එක්සත් රාජාධානියේ නව කොරෝනා වයිරස ප්‍රභේදය වැළඳුනු බ්‍රිස්බේන් නුවර පිරිසිදු කිරීමේ සේවිකාවගේ සහකරුය.

අදාළ පුද්ගලයා මුලින් මුහුණ දුන් කොරෝනා පරීක්ෂණයේ ප්‍රතිඵල negative ලෙස පැමිණියද පසුව සිදුකළ පරීක්ෂණයේ ප්‍රතිඵල positive වූ බව ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිනී වෛද්‍ය Jeannette Young පැවසුවාය.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


 

අදාළ පුද්ගලයා ගොස් ඇති පහත සඳහන් ස්ථාන වලට පහත සඳහන් දින හා වේලාවලදී ගිය පිරිස් ඇත්නම් ඔවුන්ට වහාම කොරෝනා පරීක්ෂණ සිදුකරගන්නා ලෙස ඇය දැනුම් දුන්නාය.

  • Bunnings Warehouse (Acacia Ridge) - ජනවාරි 05 පස්වරු 2.00 සිට පස්වරු 2.15 දක්වා
  • Sunnybank Cellars - ජනවාරි 06 පස්වරු 2.05 සිට පස්වරු 2.15 දක්වා
බ්‍රිස්බේන් නුවරින් තවමත් වාර්තා වන්නේ කොරෝනා ආසාදිතයින් දෙදෙනකු වුවද Greater Brisbane කලාපය සුපුරුදු පරිදි යථා තත්ත්වයට පත් කිරීමට තවමත් කල් වැඩි බව ද වෛද්‍ය Jeannette Young පැවසුවාය.
"වයිරසය යම් අයෙකුට වැළඳෙනවාද යන්න පිළිබඳ තක්සේරු කාලය දින 14 ක්, මෙම නව ප්‍රභේදය සඳහා එම තක්සේරු කාලය වෙනස් බවට කිසිදු සාක්ෂියක් නැහැ. එනිසා මෙම නව ප්‍රභේදය ප්‍රජාව තුළ සම්ප්‍රේෂණය නොවීමට සිදුකළ හැකි සෑම දෙයක්ම අප විසින් කළ යුතුයි." යනුවෙන්ද ඇය සඳහන් කළාය.

මේ අතර වික්ටෝරියානු ප්‍රාන්තයේ සිට පැමිණෙන සංචාරකයින් ක්වීන්ස්ලන්තයට පැමිණීමේදී කොරෝනා පරීක්ෂාවක් සිදුකරගත යුතු අතර COVID-19 රෝග ලක්ෂණ ඇත්නම් පමණක් ස්වයං නිරෝධායනය විය යුතු බවද ඇය පැවසුවාය.

6 වන දිනයටත් වික්ටෝරියානු ප්‍රාන්තයෙන් කිසිදු කොරෝනා ආසාදිතයෙකු හමු නොවෙයි

ගතවූ පැය 24 තුළ වික්ටෝරියානු ප්‍රාන්තයෙන් කිසිදු කොරෝනා ආසාදිතයෙකු වාර්තා වී නොමැත.

ඒ අනුව නොකඩවා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් කොරෝනා ආසාදිතයෙකු වාර්තා නොවූ හයවන දිනය ලෙස මෙය සටහන් වේ.

එමෙන්ම ගතවූ පැය 24 තුළ විදෙස් රටවල සිට වික්ටෝරියානු ප්‍රාන්තයට පැමිණි කිසිවෙකුට හෝ වයිරසය ආසාදනය වී නොමැති බවද වාර්තා වේ.

මේ අතර වික්ටෝරියා ප්‍රාන්තයට ඇතුළු වීමේදී "traffic light" system හෙවත් මාර්ග සංඥා එළි අයුරින් ක්‍රියාත්මක කරන පද්ධතියක් ක්‍රියාත්මක කිරීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය තීරණය කර තිබේ.

ඒ අනුව මෙම නව අවසර ලබා දීමේ ක්‍රියාවලිය ඊයේ  (11/01) පස්වරු 6 සිට ක්‍රියාත්මක වන බවත් කොරෝනා වයිරසය පැතිරී ඇති ස්වභාවය හා එහි අවදානම මත ඔස්ට්‍රේලියාවේ විවිධ කලාප කොළ, තැඹිලි හෝ රතු ලෙස නම් කෙරේ.

මෙම නව ක්‍රමය යටතේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රාදේශීය කලාප තැඹිලි ඛාණ්ඩයට අයත්වන බව සඳහන්.

එනිසා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රාදේශීය කලාප වලට වික්ටෝරියානු ප්‍රාන්තයට ඇතුළුවීමට අවසර ලැබෙන අතර ඒ සඳහා අදාළ අවසර පත්‍රයක් Services Victoria වෙබ් අඩවිය හරහා ලබාගත යුතුය.

සිඩ්නි හා බ්‍රිස්බේන් නගර රතු ඛාණ්ඩයට අයත්වන බවත් සඳහන්.


 

SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA

නැතිනම්  රූපවාහිනියේ channel 38


 

කෙසේවෙතත්, අදාළ අවසර පත්‍ර ලබාගැනීම සඳහා ඊයේ රාත්‍රී 8.55 පමණ වනතුරු අයදුම්කරුවන්ට හැකියාව නොලැබුණු බව වාර්තා වේ.

පද්ධතියේ සිදුවූ තාක්ෂණික දෝෂයක් නිසා එම ප්‍රමාද වීම සිදුවූ බව වික්ටෝරියානු ප්‍රාන්ත රජයේ නියෝජිතයෙකු පැවසීය.

මේ අතර අදාළ ප්‍රමාද වීමට හේතුව එම නව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා නිල වශයෙන් අත්සන් කිරීම ප්‍රමාද වීම බවට සමාජ මාධ්‍ය ජාලා වලින් නැගෙන චෝදනා වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය Brett Sutton ප්‍රතික්ෂේප කළේය.

කෙසේවෙතත්, අනුමැතිය ලත් අවසර පත්‍රයක් නොමැතිව වික්ටෝරියානු ප්‍රාන්තයට ඇතුළුවන පුද්ගලෙයකු හට  $4,957 ක දඩයක් නියම කළ හැකිය.

වික්ටෝරියානු ප්‍රාන්තයේ හදිසි නීතිය පවතින තාක් කල් මෙම බලපත්‍ර ක්‍රමය ක්‍රියාත්මක වන බව වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews පැවසීය.

Share
Published 12 January 2021 3:50pm
By Madhura Seneviratne
Source: AAP, SBS


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service