වික්ටෝරියා ප්‍රාන්තයේ සුළි කුණාටු තත්ත්වයෙන් විදුලිය නොමැතිව සිටින නිවැසියන්ට සතිපතා විශේෂ ආපදා දීමනාවක් (SBS සිංහල/ වාර්තා)

මෙම ආපදාවෙන් Dandenong Ranges කලාපයේ නිවාස 7,000 කට පමණ විදුලිය සැපයීම බිඳ වැටී ඇති බවත් ජූලි 10 තෙක් විදුලිය සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට නොහැකිවනු ඇති බවත් වික්ටෝරියානු ප්‍රාන්තයේ වැඩබලන අගමැති James Merlino ප්‍රකාශ කළේය.

A damaged house is seen in Olinda, Melbourne, Tuesday, June 15, 2021. (AAP Image/Daniel Pockett) NO ARCHIVING

A damaged house is seen in Olinda, Melbourne, Tuesday, June 15, 2021. Source: AAP

පසුගියදා වික්ටෝරියා ප්‍රාන්තයේ ඇතිවූ සුළි කුණාටු තත්ත්වය නිසා සති ගණනක් විදුලිය නොමැතිව සිටින වැසියන්ට ආපදා දීමනාවක් ගෙවීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය තීරණය කරයි.

ඒ අනුව විදුලිය නොමැතිව අර්බුද වලට මුහුණ පා සිටින වික්ටෝරියානු වැසියන් ඩොලර් 1680 දක්වා සතිපතා ගෙවීමක් සඳහා සුදුසුකම් ලබයි.


Highlights

  • සුළි කුණාටු තත්ත්වය නිසා විදුලිය නොමැතිව සිටින සුදුසුකම් ලත් සියලුම වික්ටෝරියානු ප්‍රාන්තයේ නිවාස සඳහා සතියකට ඩොලර් 1,680 ක් දක්වා  දීර්ග කාලීන විදුලිය ඇනහිටීම් දීමනාවක් ලැබේ.
  • මෙම විශේෂ ආපදා ගෙවීම ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සහ වික්ටෝරියානු ප්‍රාන්ත රජය  එක්ව ලබාදෙන අතර එය Ausnet හරහා ලබාදෙනු ඇත.
  • Kallista, Sherbrooke හෝ The Patch යන උප නගරවල ජීවත් වන හෝ සේවය කරන පුද්ගලයින්ට නළ ජලය පානය නොකරන ලෙස සෞඛ්‍ය දෙපාර්තමේන්තුව බදාදා (16/06) උදෑසන හදිසි අනතුරු ඇඟවීමක් කළේය.

විදුලිය නොමැතිව සිටින පුද්ගලයින් සඳහා වූ ආපදා ගෙවීම

මෙම විශේෂ ආපදා ගෙවීම පිළිබඳ අද (17/06) දිනයේ වික්ටෝරියානු ප්‍රාන්තයේ වැඩබලන අගමැති James Merlino නිවේදනය කළේය.

පසුගිය සතියේදී වික්ටෝරියානු ප්‍රාන්තයට සුළි කුණාටු තත්ත්වයකට මුහුණ දීමට සිදුවූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ගස් කඩාගෙන වැටීම් හා ජල ගැලීම් ඇතිවී  නැගෙනහිර ප්‍රදේශ වල විදුලිය සැපයීම බිඳ වැටුණි.

"මම මගේ මුළු ජීවිත කාලයම මේ කලාපයේ ජීවත් වුණා. මෙම සුළි කුණාටු තත්ත්වය නිසා Dandenong Ranges කලාපයට අත්වී ඇති හානියේ තරම මා මින් පෙර කිසිදා දැක නැහැ." යනුවෙන් වික්ටෝරියානු ප්‍රාන්තයේ වැඩබලන අගමැතිවරයා Olinda ප්‍රදේශයේදී අද (17/06) පැවති මාධ්‍ය හමුවේදී පැවසීය.

මෙම ආපදාවෙන් Dandenong Ranges කලාපයේ නිවාස 7,000 කට පමණ විදුලිය සැපයීම බිඳ වැටී ඇති බවත් ජූලි 10 තෙක් විදුලිය සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට නොහැකිවනු ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.

උදාවී ඇති ශීත සෘතුවේ දැඩි සීතලත් විදුලිය නොමැතිව සිටීමට සිදුවීමත් පෙර නොවූ විරූ හදිසි අවස්ථාවක් බව ද වික්ටෝරියානු ප්‍රාන්තයේ වැඩබලන අගමැති James Merlino පැවසීය.
Victorian Acting Premier James Merlino speaks to the media during a press conference in Olinda, Victoria, Thursday, 17 June, 2021.
Victorian Acting Premier James Merlino speaks to the media during a press conference in Olinda, Victoria, Thursday, 17 June, 2021. Source: AAP

ආපදා ගෙවීම Ausnet වෙතින්

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සමඟ දැනට පවතින ආපදා ප්‍රතිසාධන අරමුදල් සම්පාදන විධිවිධාන මගින් තත්ත්වය ආවරණය නොවන බව ද ඔහු පැවසීය.

ඒ අනුව බ්‍රහස්පතින්දා සිට විදුලිය නොමැතිව සිටින සුදුසුකම් ලත් සියලුම නිවාස සඳහා සතියකට ඩොලර් 1,680 ක් දක්වා  දීර්ග කාලීන විදුලිය ඇනහිටීම්දී මනාවක් ලබා දීමට කටයුතු කර ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.


 

SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download) 


 

මෙම විශේෂ ආපදා ගෙවීම ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සහ වික්ටෝරියානු ප්‍රාන්ත රජය  එක්ව ලබාදෙන අතර එය Ausnet හරහා ලබාදෙනු ඇත.

එය පවුල්වලට මූලික භාණ්ඩ මිලදී ගැනීමට සහ ඉදිරි සති තුන සඳහා විකල්ප නවාතැන් සොයා ගැනීමට උපකාරී වනු ඇත.

සුළි කුණාටුවෙන් ආපදාවට පත් ප්‍රදේශ පිරිසිදු කිරීමේ කටයුතු සහ ඒවා යථා තත්ත්වයට පත් කිරීම Bushfire Recovery Victoria විසින් සිදුකරන බව වික්ටෝරියානු ප්‍රාන්තයේ වැඩබලන අගමැති James Merlino පැවසීය.

ඒ අතර Dandenong Ranges, Traralgon සහ Gippsland කලාපයට ඔස්ට්‍රේලියානු ආරක්ෂක බලකාය පැමිණ සිදුව ඇති හානිය තක්සේරු කරනු ඇති බවද ඔහු පැවසීය.

ඉන් අනතුරුව උපකාර අවශ්‍යනම් තවත් ඉල්ලීම් කිරීමට අපේක්ෂා කෙරේ.

පානීය ජලය පිළිබඳ අනතුරු ඇඟවීමක්

සුළි කුණාටුවෙන් ආපදාවට පත් Yarra Ranges තදාසන්න ප්‍රදේශවල පදිංචිකරුවන්ට නැවත දැනුම් දෙන තුරු නළ ජලය පානය නොකරන ලෙස පවසා තිබේ.

Kallista, Sherbrooke හෝ The Patch යන උප නගරවල ජීවත් වන හෝ සේවය කරන පුද්ගලයින්ට නළ ජලය පානය නොකරන ලෙස සෞඛ්‍ය දෙපාර්තමේන්තුව බදාදා (16/06) උදෑසන හදිසි අනතුරු ඇඟවීමක් කළේය.

සුළි කුණාටුව නිසා එම ජලය දූෂණය වීම හේතුවෙන් උණුකර නිවාගෙන වුවද ජලය පානය නොකරන ලෙස පවසා ඇත.

මෙම අනතුරු ඇඟවීම තවත් දින දෙකක් පමණ ගතවනතුරු ක්‍රියාත්මක විය හැකිය.

පසුගිය සතියේ සිදුවූ මෙම දරුණු ආපදා තත්ත්වය නිසා පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

Share
Published 17 June 2021 4:00pm
By Madhura Seneviratne
Source: AAP, SBS


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service