ප්‍රවේශම් වන්න : ඔබත් ඔස්ට්‍රේලියාවේ සංචාරක ස්ථාන නැරඹීමට WeChat හරහා ප්‍රවේශ පත්‍ර මිලට ගන්නා අයෙක්ද? (SBS සිංහල/ වාර්තා)

මෑතකදී වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රමුඛතම සංචාරක ව්‍යාපාර 9 කට මෙම ක්‍රෙඩිට් කාඩ් වංචාවන් හේතුවෙන් ඩොලර් 400,000 ක් පමණ අදාළ පාරිභෝගිකයින් හට නැවත ගෙවීමට සිදුව ඇති බව සඳහන්.

Top Australian tourist sites hit by stolen credit card scam

Source: SBS

සොරාගත් ක්‍රෙඩිට් කාඩ් සහ ලොව ජනප්‍රිය සමාජ මාධ්‍ය ජාලයක් වන WeChat හරහා ඩොලර් මිලියන ගණනක ප්‍රවේශ පත්‍ර වංචාවන් සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් සිදු කරමින් සිටින බවට තොරතුරු හෙළිවී තිබේ.

මෙම ප්‍රවේශ පත්‍ර වංචාවන් සිදු වන්නේ ඔස්ට්‍රේලියාවේ  ප්‍රමුඛ පෙළේ සංචාරක ස්ථාන ඉලක්ක කරගනිමින් වීම මෙහි ඇති විශේෂත්වයකි.

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත වල පිහිටි ප්‍රසිද්ධ සංචාරක ස්ථාන කිහිපයක බලධාරීන් විසින් මෙම වංචාව පිළිබඳ තොරතුරු මෑතකදී සොයා ගෙන ඇති බව වාර්තා වේ.

නමුත් මේ දක්වා වංචා කර ඇති මුදල් ප්‍රමාණය අති විශාල එකක් බැවින් ඒ සම්බන්ධව ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම සංචාරක ආයතන බිය වී සිටියි.

මෑතකදී වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රමුඛතම සංචාරක ව්‍යාපාර 9 කට මෙම ක්‍රෙඩිට් කාඩ් වංචාවන් හේතුවෙන් ඩොලර් 400,000 ක් පමණ අදාළ පාරිභෝගිකයින් හට නැවත ගෙවීමට සිදුව ඇති බව සඳහන්.
මෙල්බන් නුවර Eureka Skydeck, බැලරාට් හි Sovereign Hill සහ Rye ප්‍රදේශයට සමීප Peninsula උණු දිය උල්පත් යන ස්ථාන මෙම වංචාවට හසුව ඇත.
මෙලෙස මුදල් හා ප්‍රවේශපත්‍ර වංචාවන්ට හසුව ඇති යම් සංචාරක ආයතනයක් වෙතොත් හැකි ඉක්මනින් පොලීසියට දන්වන ලෙස වික්ටෝරියානු වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ ප්‍රධාන විධායක Mark Stone පවසයි.
මෙම සංවිධානාත්මක අපරාධ කල්ලි සිඩ්නි නුවර සංචාරක ස්ථාන කිහිපයකටද මෙලෙස ක්‍රෙඩිට් කාඩ් හා ප්‍රවේශ පත්‍ර වංචාවන් සිදු කර ඇත. සිඩ්නි නුවර වරාය පාලම ඉන් ප්‍රධාන ස්ථානයකි.
පසුගිය වසරේ පමණක් සිඩ්නි නුවර වරාය පාලම අධිකාරිය ඩොලර් දස දහසක් පමණ මුදල් නැවත ලබා දුන්බව සඳහන්.

මෙය ඩොලර් මිලියන ගණනක පාඩුවක් හේතුවෙන් ඔස්ට්‍රේලියවේම ක්‍රියාත්මක සංචාරක ආයතන හා ස්ථාන මේ පිළිබඳ දැනුවත් විය යුතු බව සිඩ්නි නුවර වරාය පාලම අධිකාරියේ ප්‍රධාන මුල්‍ය නිලධාරී Max Futeran පවසයි.

මෙලෙස මුදල් හා ක්‍රෙඩිට් කාඩ් වංචා සඳහා සම්බන්ධ කණ්ඩායම් තම සගයන්ව ඔස්ට්‍රේලියාවේ වීසා ලබා දී මෙරටට එවන බව හෙළිවී ඇති අතර එම පුද්ගලයින් සොයා ඔස්ට්‍රේලියාවේ නීති ආයතන මෙහෙයුම් දියත් කර තිබේ.

එවැනි වංචාකාරී පුද්ගලයින් හට අන්තර්ජාතික ශිෂ්‍ය වීසා පිරිනමා ඇති බවද හෙළිව ඇත.

ඔස්ට්‍රේලියාවේ සිටින චීන ජාතික අන්තර් ජාතික සිසුන් හරහා මෙම වංචාව ගෙන යන බව Fairfax මාධ්‍ය ආයතනය පෙන්වා දෙන අතර ඔවුන් අතර ඉතාමත් ජනප්‍රිය WeChat සමාජ ජාලය හරහා වංචාකාරී ප්‍රවේශ පත්‍ර ප්‍රවර්ධනය කිරීම සිදුවන බවටද තොරතුරු හෙළිව තිබේ.

මෙම WeChat සමාජ ජාලය මිලියන 800 ක් පමණ වූ චීන ජාතිකයින් භාවිත කරන බවද පැවසේ.

  • මෙල්බන් නුවර Eureka Skydeck හට මෙලෙස ක්‍රෙඩිට් කාඩ් වංචා නිසා ඩොලර් 44,000 ක අලාභයක් සිදුව ඇති බව එහි සාමාන්‍යධිකාරී John Forman පැවසීය. මෙම ක්‍රියාව සිදු කරන පිරිස් එය නවත්වන හැඩක් නොපෙන්වන බවද ඔහු පවසයි.
  • මෙම වංචාව හේතුවෙන් Peninsula උණු දිය උල්පත් සඳහා ඩොලර් 30,000  ක පමණ අලාභයක් සිදුව ඇති බව එහි මෙහෙයුම් ප්‍රධානී Brook Ramage පැවසීය.
මේ හේතුවෙන්ම ඔස්ට්‍රේලියාවේ ඇති සංචාර ස්ථාන ගණනාවකටම ඇතුල්  වීමේදී චීන ජාතිකයින් හට තම අනන්‍යතාව ඔප්පු කිරීමට ද සිදුව තිබේ.

Share
Published 6 April 2017 12:59pm
Updated 6 April 2017 1:01pm
By Madhura Seneviratne
Source: The Age


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service