ඔස්ට්‍රේලියාවේ අවම වැටුප 5% කින් වැඩි කරන ලෙස ඉල්ලීමට ඔස්ට්‍රේලියානු වෘත්තීය සමිති කවුන්සිලය සූදානම් (SBS සිංහල/ වාර්තා)

Fair Work කොමිසමේ වාර්ෂික වැටුප් සමාලෝචනයට මෙම යෝජනාව සාර්ථකව ඉදිරිපත් කළහොත් ඔස්ට්‍රේලියාවේ අවම පැයක වැටුප ඩොලර් 21.35 දක්වා ඉහළ යනු ඇත.

Australia's Minimum wage

Source: AAP

ඔස්ට්‍රේලියානු වෘත්තීය සමිති කවුන්සිලය අඩු වැටුප් ලබන ශ්‍රමිකයින් සඳහා 5% ක වැටුප් වැඩිවීමක් ඉල්ලා සිටීමට සූදානම් වේ.

කෙසේනමුත්, බලාපොරොත්තු වූවාට වඩා ඉහළ උද්ධමනය හේතුවෙන් මෙම වසරේ අගභාගයේදී සැබෑ ලෙස ඔස්ට්‍රේලියානු ශ්‍රමිකයින්ගේ වැටුප් වර්ධනය වනු ඇතැයි පසුගිය අඟහරුවාදා ඉදිරිපත් කළ මධ්‍යම රජයේ අය වැයේදී පුරෝකථනය කර නොමැත.


Highlights

  • ඔස්ට්‍රේලියානු වෘත්තීය සමිති කවුන්සිලය අඩු වැටුප් ලබන ශ්‍රමිකයින් සඳහා 5% ක වැටුප් වැඩිවීමක් ඉල්ලා සිටීමට සූදානම්.
  • මෙම යෝජනාව සාර්ථකව වුවහොත් ඔස්ට්‍රේලියාවේ අවම පැයක වැටුප ඩොලර් 21.35 දක්වා ඉහළ යනු ඇත.
  • 2020/21 වාර්ෂික වැටුප් සමාලෝචනය ඔස්ට්‍රේලියාවේ ශ්‍රමිකයින්ට 2.5% ක වැටුප් වැඩිවීමක් ලබා දුන්නේය.

අඩු වැටුප් ලබන ශ්‍රමිකයින්ට වැටුප් වැඩිවීමක් ඉල්ලයි

Fair Work කොමිසමේ වාර්ෂික වැටුප් සමාලෝචනයට මෙම යෝජනාව සාර්ථකව ඉදිරිපත් කළහොත් ඔස්ට්‍රේලියාවේ අවම පැයක වැටුප ඩොලර් 21.35 දක්වා ඉහළ යනු ඇත.

ඒ අනුව සම්පූර්ණ වසරක වැටුප ඩොලර් 42,183.96 දක්වා ඉහළ නගිනු ඇත.

සෑම ශ්‍රමිකයින් සිව් දෙනෙකුගෙන් එක් අයෙක් හෝ මිලියන 2.5කට වැඩි ශ්‍රමිකයින් තම වැටුප් වැඩිවීම් සම්බන්ධව මෙම වාර්ෂික වැටුප් සමාලෝචනය මත රඳා සිටිති.
ඉහල යන උද්ධමනය සහ ජීවන වියදම් වලට මුහුණ දීමට ඔස්ට්‍රේලියාවේ ශ්‍රමිකයින්ට 5% ක වැටුප් වැඩිවීමක් අවශ්‍ය බව ඔස්ට්‍රේලියානු වෘත්තීය සමිති කවුන්සිලයේ (ACTU) ලේකම් Sally McManus පැවසුවාය.

ඔස්ට්‍රේලියාවේ ශ්‍රමිකයින්ට සහය වන ලෙස සහ මෙම වැටුප් වැඩිවීමට සහය වන ලෙස ඔස්ට්‍රේලියානු අගමැති Scott Morrison ගෙන් ඉල්ලා සිටින බව ද ඇය ප්‍රකාශ කළාය.

"මෙම මොරිසන් රජය ජීවන වියදම් පීඩනය ගැන බැරෑරුම් ලෙස සලකන්නේ නම්, ඊට විසඳුමක් ලෙස වැටුප් වර්ධනය කළ යුතුයි" යනුවෙන්ද ඔස්ට්‍රේලියානු වෘත්තීය සමිති කවුන්සිලයේ (ACTU) ලේකම් Sally McManus සඳහන් කළාය.
Australian Council of Trade Unions (ACTU) Secretary Sally McManus at Parliament House in Canberra.
Australian Council of Trade Unions (ACTU) Secretary Sally McManus at Parliament House in Canberra. Source: AAP

ජීවන වියදම සහ 2022/2 මධ්‍යම රජයේ අය වැය

පසුගිය අඟහරුවාදා (29/03) වත්මන් ලිබරල් සන්ධාන රජය 2022/23 මූල්‍ය වර්ෂය සඳහා සිය අයවැය ඉදිරිපත් කළේ ජීවන වියදම් පීඩනය ලිහිල් කිරීම සඳහා නව ක්‍රියාමාර්ග අවධාරණය කරමිනි.

ඉන්ධන ලීටරයකින් ශත 22 ක් අඩු කිරීම, අඩු සහ මධ්‍යම ආදායම් ලබන්නන්ට ඔවුන්ගේ වාර්ෂික tax return එකේදී අමතර ඩොලර් 420ක් ආපසු ලබා දීම, විශ්‍රාමිකයන් ඇතුළු අනෙකුත් සුදුසුකම් ලත් concession කාඩ්පත් හිමියන්ට ඩොලර් 250 ක එකවර පමණක් ගෙවනු ලබන දීමනාවක් ලබාදීම ඒවායින් ප්‍රධාන පියවර ලෙස හැඳින්විය හැකිය.
2020/21 වාර්ෂික වැටුප් සමාලෝචනය ඔස්ට්‍රේලියාවේ ශ්‍රමිකයින්ට 2.5% ක වැටුප් වැඩිවීමක් ලබා දුන් අතර එය පැයකට ඩොලර් 20.33කට හෝ සතියකට ඩොලර් 772.60 කට සමාන විය.

එම සමාලෝචනයේදී, ඔස්ට්‍රේලියානු වෘත්තීය සමිති කවුන්සිලය විසින් 3.5% ක වැඩිවීමක් සඳහා සටන් කළ අතර ව්‍යාපාරික කණ්ඩායම් විසින් 1.1% ක වැඩිවීමක් යෝජනා කරන ලදී.


 

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:  

SBS සිංහල Facebook පිටුව: 

SBS Radio App:  හෝ  වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


 

මේ අතර වැඩිවන උද්ධමන පුරෝකථනයන් අනුව වැටුප් වර්ධනය පසුගාමී බවත් මේ වසරේ මුල් මාස හය තුළ සාමාන්‍ය ශ්‍රමිකයකු සඳහා ගෙවන වැටුප ඩොලර් 500 කින් කපාහැර ඇති බවත් ඔස්ට්‍රේලියානු වෘත්තීය සමිති කවුන්සිලයේ (ACTU) ලේකම් Sally McManus පැවසුවාය.

පසුගියදා අය වැයෙන් ලබාදුන් එකවරක් පමණක් ගෙවන දීමනාවෙන් ශ්‍රමිකයින්ට අවශ්‍ය වන දිගු කාලීන, තිරසාර වැටුප් වර්ධනයක් උත්පාදනය කිරීමට හෝ සැබෑ වැටුප් කප්පාදුවකින් ශ්‍රමිකයින් තවත් වසරක් දුක් විඳිමින් සිටීම නැවැත්වීමට කිසිවක් නොකරනු ඇතැයි ද ඇය ප්‍රකාශ කළාය.

කෙසේවෙතත්, මෙම ක්‍රියාමාර්ග සැබෑ මිනිසුන්ගේ ජීවිත වෙනස් කිරීමට උපකාරී වන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ භාණ්ඩාගාරික අමාත්‍ය Josh Frydenberg පැවසීය.



Share
Published 31 March 2022 2:40pm
Updated 31 March 2022 2:43pm
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service