ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය ජාත්‍යන්තර සිසුන්ට දොරටු විවෘත කිරීමේ සූදානමක් (SBS සිංහල/ වාර්තා)

මෙම සැලැස්ම තවමත් අවසන් කර නොමැති නමුත් විශ්ව විද්‍යාල අංශය අවම වශයෙන් අර්ධ වශයෙන් හෝ මෙම සැලැස්මට අරමුදල් සැපයීමට අපේක්ෂා කරන බව Monash විශ්ව විද්‍යාලයේ කුලපති Margaret Gardener, ABC මෙල්බර්න් ගුවන් විදුලියට පැවසීය.

Students

Source: AAP

ජාත්‍යන්තර සිසුන්ට සහ ඇතැම් ජාත්‍යන්තර සංචාරකයින්ට වික්ටෝරියානු ප්‍රාන්තයට පැමිණීමට අවසර ලබා දීම සඳහා වික්ටෝරියානු ප්‍රාන්ත රජය සැලසුම් කරයි.

මෙය ලබන මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට ඔවුන් අපේක්ෂා කරයි.


Highlights

  • ලබන මයි 24 සිට ජාත්‍යන්තර සිසුන්ට සහ ඇතැම් ජාත්‍යන්තර සංචාරකයින්ට වික්ටෝරියානු ප්‍රාන්තයට ඇතුළු වීමට අවසර ලබාදීම සඳහා වික්ටෝරියානු ප්‍රාන්ත රජය, මධ්‍යම රජයෙන් ඉල්ලා තිබේ.
  • ජාත්‍යන්තර සිසුන්, රංගන ශිල්පීන්, චිත්‍රපට නිෂ්පාදන කණ්ඩායම්, ප්‍රධාන උත්සව සහ ප්‍රසංග සංවිධානය කරන පුද්ගලයින් එම පිරිසට අයත්වේ.
  • මෙම සැලසුම අගය කරන නමුත් එය ඉදිරිපත් කිරීමට මාස 6 ක් පමණ ප්‍රමාද වූ බව වික්ටෝරියානු ප්‍රාන්තයේ උසස් අධ්‍යාපනය පිළිබඳ විපක්ෂයේ නියෝජිතවරයා පැවසීය.

ජාත්‍යන්තර සිසුන්ට සහ ඇතැම් ජාත්‍යන්තර සංචාරකයින්ට වික්ටෝරියානු ප්‍රාන්තය විවෘත කිරීම

ජාත්‍යන්තර සිසුන්ට සහ ඇතැම් ජාත්‍යන්තර සංචාරකයින්ට වික්ටෝරියානු ප්‍රාන්තයට ඇතුළු වීමට ලබන මාසයේ සිට අවසර ලබාදීමට සූදනම් බව වික්ටෝරියානු ප්‍රාන්ත රජය පවසයි.

ABC පුවත් වෙබ් අඩවිය වාර්තා කරන අයුරින් ඒ සඳහා අවසර ඉල්ලා වික්ටෝරියානු ප්‍රාන්තයේ වැඩ බලන ප්‍රාන්ත අගමැති James Merlino, ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Scott Morrison ගෙන් ලිඛිත ඉල්ලීමක් සිදුකර තිබේ.

එම පිරිසට වික්ටෝරියානු මෙන්ම ඔස්ට්‍රේලියානු ආර්ථිකයට ද ප්‍රතිලාභ ගෙන ඒමට හැකි බව අදාළ ලිපියේ පෙන්වා දී ඇත.

ජාත්‍යන්තර සිසුන්, රංගන ශිල්පීන්, චිත්‍රපට නිෂ්පාදන කණ්ඩායම්, ප්‍රධාන උත්සව සහ ප්‍රසංග සංවිධානය කරන පුද්ගලයින් හට වික්ටෝරියානු ප්‍රාන්තයේ සැලසුමට අනුව සිය ප්‍රාන්තයට ඇතුළු වීමට අවසර ලබා දීමට සූදානම් වේ.


 

SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download) 


 

ඒ අනුව සතියකට එවැනි පුද්ගලයින් 120 දෙනෙකු ගෙන්වා ගැනීමටත් දැනට වික්ටෝරියානු ප්‍රාන්තයේ නිරෝධායනය සිදුකරන ස්ථාන වලින් බැහැරව වෙනත්ම හෝටලයක ඔවුන්ව නිරෝධායනය කිරීමටත් වික්ටෝරියානු ප්‍රාන්ත රජය සැලසුම් ඉදරිපත් කර තිබේ.

එම හෝටලය විදෙස් ගතව සිට ඔස්ට්‍රේලියාවට පැමිණෙන අනෙක් සංචාරකයින් හට විවෘත නොකරන බවද සඳහන්.

මෙම සැලසුම මැයි 24 සිට ක්‍රියාත්මක කිරීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය සැලසුම් කර ඇති නමුත් ඒ සඳහා තවමත් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අනුමැතිය ලැබී නැත.

මේ වන විට විදෙස්ගතව සිට පැමිණෙන ඕස්ට්‍රේලියානුවන් හෝ ස්ථිර පදිංචිකරුවන් 1,000 දෙනෙකු බැගින් සතිපතා වික්ටෝරියානු ප්‍රාන්තයට පැමිණීමට අවසර ලබා ඇත.
Applications for Australia Awards Scholarships will open from next week
Applications for Australia Awards Scholarships will open from next week Source: Getty Images/urbazon

ජාත්‍යන්තර සිසුන් ගෙන්වා ගැනීමට විශ්ව විද්‍යාලවලින් ද සහය

මෙම සැලැස්ම තවමත් අවසන් කර නොමැති නමුත් විශ්ව විද්‍යාල අංශය අවම වශයෙන් අර්ධ වශයෙන් හෝ මෙම සැලැස්මට අරමුදල් සැපයීමට අපේක්ෂා කරන බව Monash විශ්ව විද්‍යාලයේ කුලපති Margaret Gardener, ABC මෙල්බර්න් ගුවන් විදුලියට පැවසීය.

"අප විශ්ව විද්‍යාලය හා සම්බන්ධව අන්තර්ජාලය ඔස්සේ මේ වන විට අධ්‍යාපනය ලබන සිසුන්ව මේ හරහා සැබෑවටම විශ්ව විද්‍යාලයට ගෙන්වා ගැනීමට හැකිවෙතැයි ඇය පැවසුවාය.

මෙම සැලසුම අගය කරන නමුත් එය ඉදිරිපත් කිරීමට මාස 6 ක් පමණ ප්‍රමාද වූ බවත් වික්ටෝරියානු ප්‍රාන්තයේ උසස් අධ්‍යාපනය පිළිබඳ විපක්ෂයේ නියෝජිත  Matt Bach පැවසීය.

ජාත්‍යන්තර සිසුන් යනු වික්ටෝරියානු ප්‍රාන්තයේ අතිශය වැදගත්ම අපනයන ආර්ථිකයක් වන බවත් එහි වටිනාමක වසරකට ඩොලර් බිලියන 14 ක් වන බවත් ඔහු සඳහන් කළේය.

Share
Published 27 April 2021 3:33pm
By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service