කොරෝනා ආසාදිතයින් ශීග්‍ර ලෙස ඉහළ යාම නිසා වික්ටෝරියානු ප්‍රාන්ත වාසීන්ට මුව ආවරණ පැළඳීමට නිර්දේශ (SBS සිංහල/ වාර්තා)

People with Facemask

People are seen walking with face masks on to prevent virus infection. Source: AAP

COVID-19 වයිරසය ආසාදනය වීම වළක්වා ගැනීම උදෙසා මුව ආවරණ පැළඳීමට ප්‍රාන්ත රජය විසින් වික්ටෝරියානුවන් දිරිමත් කරනු ලැබේ.


 

SBS සිංහල සේවය

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download)


 

විශේෂයෙන්ම මේ වන විට සති හයක් පුරා locked-down කර ඇති මෙල්බර්න් නගර සභා 31 සහ Mitchell Shire කලාපයේ වැසියන්ට මුව ආවරණ පැළඳීම දිරිමත් කිරීමට ප්‍රාන්ත රජය උත්සුක වී තිබේ.
People wear masks in Melbourne on Thursday.
People wear masks in Melbourne Source: AAP

මෙල්බර්න් වැසියන්ට මුව ආවරණ පැළඳීමට නිර්දේශ

මුව ආවරණ පැළඳීමෙන් ලැබෙන ප්‍රතිලාභ පිළිබඳ තවමත් මත ගැටුම් පැවතියද මේ වන විට lockdown කළ මෙල්බර්න් කලාප වල වැසියන්ට මුව ආවරණ පැළඳීමට ප්‍රාන්ත සෞඛ්‍ය බලධාරීන් නිර්දේශ කරයි.

විශේෂයෙන්ම පුද්ගල දුරස්ථභාවය රැකීමට අපහසු ස්ථාන වලදී මෙලෙස මුව ආවරණ පැළඳීම යෝග්‍ය බව ප්‍රාන්ත සෞඛ්‍ය බලධාරීහු පවසති.


 

SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)


lockdown කළ පෙදෙස් වල වෙසෙන ඔබට අවසර ලබා දී ඇති හේතු හතරින් එකකට හෝ තම නිවසින් පිටතට යාමට අවශ්‍ය නම් එම ස්ථාන වල මීටර් 1.5 ක පුද්ගල දුරස්තභාවයක් සැමවිටම පවත්වාගැනීමට අපොහොසත් නම් මුව ආවරණයක් පැළඳීම ඉතා යෝග්‍ය බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ නියෝජ්‍ය ප්‍රධාන සෞඛ්‍ය නිලධාරි  Nick Coatsworth  පවසයි.
People leave Flinders Street Station while while wearing face masks (AAP).
People leave Flinders Street Station while while wearing face masks. Source: AAP

තමන්ටම මුව ආවරණයක් සාදා ගැනීමට උපදෙස්

වික්ටෝරියානු ප්‍රාන්ත වැසියන්ට නැවත නැවතත් සේදිය හැකි සහ නැවත භාවිතා කළ හැකි තමන්ගේම මුව ආවරණයක් සාදා ගන්නා ලෙස වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරි Brett Sutton යෝජනා කළේය.

වික්ටෝරියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුව එවැනි ආකාරයේ මුව ආවරණයක් සෑදීමට උපදෙස් ලබදෙන බවද ඔහු සඳහන් කළේය.

මුව ආවරණ පැළඳීමට නිර්දේශ කිරීමත් සමග ලහි ලහියේ ගොස් මුව ආවරණ මිලදී ගැනීමට නොයා තමන්ටම කියා ගුණාත්මක මට්ටමේ මුව් ආවරණයක් නිර්මාණය කරගැනීම ඉතා වැදගත් බව Brett Sutton පැවසීය.

එමෙන්ම මේ වන විට වෙළෙඳ පොළේ අලෙවියට ඇති ඇතැම් මුව ආවරණ වල තත්ත්වය එතරම් උසස් නොවන බවද ඔහු පෙන්වා දුන්නේය.
මුව ආවරණ භාවිතය පිළිබඳව වෛද්‍ය විශේෂඥයන් අතර බෙදීමක් ඇතිවී ඇති අතර ඇතැමුන් පවසන්නේ එම මුව ආවරණ ලබා දෙන්නේ ආන්තික ප්‍රතිලාභයක් පමණක් බවය.

නමුත් ඒවායේ භාවිතය වඩාත් පුළුල් ලෙස ව්‍යාප්ත කිරීමට සිඩ්නි හි නිව් සවුත් වේල්ස් විශ්ව විද්‍යාලයේ බෝවන රෝග පිළිබඳ බුද්ධි වැඩසටහනේ අධ්‍යක්ෂක, ආචාර්ය Alex Polyakov හට අවශ්‍යවී තිබේ.

"විශේෂයෙන්ම මෙල්බර්න් හි කොරෝනා වයිරසය පැතිරී ඇති අවදානම් කලාප වල සහ විශාල ලෙස ජනාකීර්ණ ස්ථාන වල මුව ආවරණ භාවිතය  අනිවාර්ය විය යුතු යැයි මම සිතමි" යනුවෙන් ආචාර්ය Alex Polyakov පවසයි.
A public housing tower in North Melbourne.
A public housing tower in North Melbourne. Source: AAP

නිවෙස් වලින් පිටවීම තහනම් කර තිබූ මෙල්බර්න් නුවර මහජන නිවාස සංකීර්ණ 9 න් 8 ක තහනම ඉවතට

නිවෙස් වලින් පිටවීම පවා තහනම් කර තිබූ මෙල්බර්න් නුවර මහජන නිවාස සංකීර්ණ නවයෙන් 8 ක නිවැසියන් හට අද සිට මෙල්බර්න් නුවර අනෙකුත් තදාසන්න ප්‍රදේශ වලට පනවා ඇති 3 වන මට්ටමේ කොරෝනා නීති බල පැවැත්වේ.

නමුත් උතුරු මෙල්බර්න් හි Alfred වීදියේ පිහිටි එක් මහජන නිවාස සංකීර්ණයක් තවත් දින 9 ක් ස්වයං හුදකලා කිරීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය පියවර ගෙන තිබේ.

කොරෝනා ආසාදිතයින් 53 දෙනෙකු එම මහල් නිවාස සංකීර්ණය ආශ්‍රිතව සොයා ගැනීම නිසා එම තීරණය ගත් බව සඳහන්.

ඒ අනුව අද සිට තහනම ඉවත් කෙරෙන මහජන නිවාස සංකීර්ණ අටෙහි නිවැසියන්ට lockdown කළ අනෙක් ප්‍රදේශ වල මෙන් තම නිවසින් පිටතට යා හැක්කේ රැකියා හෝ අධ්‍යාපන කටයුතු වලට, සෞඛ්‍ය හෝ වෛද්‍ය පහසුකම් ලබාගැනීමට, ආහාර පාන හෝ අත්‍යවශ්‍ය භාණ්ඩ මිලට ගැනීමට හෝ ව්‍යායාම් කිරීමට පමණි.

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ දිනයේදී තවත් කොරෝනා ආසාදිතයින් 165 ක් වාර්තා විය.

මේ හේතුවෙන් අදාළ නිවැසියන්ගෙන් හතරෙන් එකක් පමණ ආසාදනය විය හැකි බවට බලධාරීන් සැලකිලිමත් වේ.

නැවුම් වාතාශ්‍රය ලබා දීම සහ ව්‍යායාම සඳහා ප්‍රතිපාදන ඇතුළුව ගොඩනැගිල්ලේ සිරවී සිටින අයට ලබා දෙන ආධාර වැඩි කිරීමටද වික්ටෝරියානු ප්‍රාන්ත රජය කටයුතු කරමින් සිටියි.

ඉදිරි දින කිහිපය තුළ අනෙක් ගොඩනැගිලිවල තවත් මෙවැනි අවස්ථා මතු වීමට ඉඩ ඇති බව වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරි Brett Sutton පැවසීය.
Sinhalese
Source: SBS Sinhala

Share
Published 10 July 2020 11:04am
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service