මේ උත්සව සමයේ සාද දැමීමට පෙර ඔස්ට්‍රේලියාවේ ඔබේ ප්‍රාන්තයට බලපාන Noise restrictions ගැන දැනගන්න. (SBS සිංහල/වාර්තා)

noise restrictions

Source: Getty Images

ඔස්ට්‍රේලියාවේ ග්‍රීෂ්ම කාලය ආරම්භ වීමත් සමග ඔස්ට්‍රේලියාවේ උත්සව සමය ආරම්භ වෙයි.

පාසල් නිවාඩු කාලය, නත්තල් උත්සවය, නව වසර උදාව වැනි ඉසව් හරහා ඔස්ට්‍රේලියාවේ උත්සව සමය වර්ණවත් වන අතරේම දැඩි කාර්ය බහුලත්වයක් පෙන්නුම් කරයි.

ග්‍රීෂ්ම කාලයේදී වැඩි වේලාවක් දිවා කාලය පැවතීම හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රාන්ත සඳහා හිරු බැස යාම සිදු  වන්නේ රාත්‍රී 8 ත් 9 ත් අතරය.


 

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”


 

මෙනිසාම බොහෝ ඔස්ට්‍රේලියානු වාසීන් විවිධ උත්සව තම නිවෙස් වලින් බැහැරව තම ගෙවත්තේ හෝ උද්‍යාන වල පැවැත්වීමට පෙළඹෙයි.

එම උත්සව හා සාද වලින් බොහොමයක් බොහෝ රෑ බෝවෙනතුරු පැවැත්වෙන අතර එහිදී තම අසල්වැසියන්ට කරදරයක් හෝ බාධාවක් නොවී සතුටු වීමට සියලුදෙනා වගබලාගත යුතු බව ඔස්ට්‍රේලියාවේ සියලු ප්‍රාන්ත හා ටෙරටරි රජයන් පවසයි.

රාත්‍රී කාලයේදී සංගීතය, අධික ශබ්දය මෙන්ම උස හඬින් කෑ ගැසීම් වැනි ක්‍රියා නිසා අසල්වැසි නිවෙස් වල වාසය කරන පුද්ගලයින්ට බාධා ඇතිවන හෙයින් තම ප්‍රාන්තයට හෝ ටෙරටරියට බල පැවැත්වෙන Noise restrictions හෙවත් ශබ්ද සීමාවන් පිළිබඳ දැනගැනීම මෙම උත්සව සමයේ අතිශය වැදගත් වේ.
noise restrictions
Source: Getty Images

නිව් සවුත් වේල්ස්

ඔබට අධික ලෙස සංගීතය වාදනය කිරීමට හෝ ශබ්ද නැගීමට පහත කාල වේලාවන් තුළදී තහනම් වෙයි.

සිකුරාදා, සෙනසුරාදා මෙන්ම ඕනෑම රජයේ නිවාඩු දිනයකට පෙර දින මධ්‍යම රාත්‍රී 12 සිට පසුදින පෙරවරු 8 දක්වා.

අනෙකුත් දිනවල රාත්‍රී 10 සිට පසුදින පෙරවරු 8 දක්වා.

වික්ටෝරියා

ඔබට අධික ලෙස සංගීතය වාදනය කිරීමට හෝ ශබ්ද නැගීමට පහත කාල වේලාවන් තුළදී තහනම් වෙයි.

සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 10 සිට පසුදින පෙරවරු 7 දක්වා.

සිකුරාදා රාත්‍රී 11 සිට පසුදින පෙරවරු 7 දක්වා.

සෙනසුරාදා සහ ඕනෑම රජයේ නිවාඩු දිනයක රාත්‍රී 11 සිට පසුදින පෙරවරු 9 දක්වා.

ඉරිදා රාත්‍රී 10 සිට පසුදින පෙරවරු 9 දක්වා.
noise restrictions
Source: SBS

ටස්මේනියාව

ඔබට අධික ලෙස සංගීතය වාදනය කිරීමට හෝ ශබ්ද නැගීමට පහත කාල වේලාවන් තුළදී තහනම් වෙයි.

සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 10 සිට පසුදින පෙරවරු 7 දක්වා.

සිකුරාදා මධ්‍යම රාත්‍රී 12 සිට පසුදින පෙරවරු 7 දක්වා.

සෙනසුරාදා මධ්‍යම රාත්‍රී 12 සිට පසුදින පෙරවරු 9 දක්වා.

ඉරිදා සහ ඕනෑම රජයේ නිවාඩු දිනයක රාත්‍රී 10 සිට පසුදින පෙරවරු 10 දක්වා.

Australian Capital Territory

ඔබට අධික ලෙස සංගීතය වාදනය කිරීමට හෝ ශබ්ද නැගීමට පහත කාල වේලාවන් තුළදී තහනම් වෙයි.

සඳුදා සිට සෙනසුරාදා දක්වා රාත්‍රී 10 සිට පසුදින පෙරවරු 7 දක්වා.

ඉරිදා සහ ඕනෑම රජයේ නිවාඩු දිනයක රාත්‍රී 10 සිට පසුදින පෙරවරු 8 දක්වා.

Northern Territory

ඔබට අධික ලෙස සංගීතය වාදනය කිරීමට හෝ ශබ්ද නැගීමට පහත කාල වේලාවන් තුළදී තහනම් වෙයි.

සිකුරාදා, සෙනසුරාදා මෙන්ම ඕනෑම රජයේ නිවාඩු දිනයකට පෙර දින මධ්‍යම රාත්‍රී 12 සිට පසුදින පෙරවරු 8 දක්වා.

අනෙකුත් දිනවල රාත්‍රී 10 සිට පසුදින පෙරවරු 8 දක්වා.
noise restrictions
Source: Flickr

ක්වීන්ස්ලන්තය

ඔබට අධික ලෙස සංගීතය වාදනය කිරීමට හෝ ශබ්ද නැගීමට පහත කාල වේලාවන් තුළදී තහනම් වෙයි.

සඳුදා සිට සෙනසුරාදා දක්වා රාත්‍රී 7 සිට පසුදින පෙරවරු 7 දක්වා.

ඉරිදා සහ ඕනෑම රජයේ නිවාඩු දිනයක රාත්‍රී 7 සිට පසුදින පෙරවරු 8 දක්වා.

බටහිර ඔස්ට්‍රේලියාව සහ දකුණු ඔස්ට්‍රේලියාව

සාමන්‍යයෙන් සතියේ සෑම දිනකම රාත්‍රී 8 සිට පසුදින පෙරවරු 8 දක්වා ඔබට අධික ලෙස ශබ්ද නැගීමට හැකියාව නොලැබෙයි.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

Share
Published 21 December 2018 12:01pm
By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service