ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය තුළ ඊයේ සිට ක්‍රියාත්මක ත්‍රස්තවාදයට එරෙහිවීමේ නව නීති මෙන්න. (SBS සිංහල/වාර්තා)

counter-terrorism

Source: AAP

ත්‍රස්තවාදයට එරෙහිවීමේ නව නීති ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය තුළ ඊයේ (01/10) සිට ක්‍රියාත්මක වේ.

ත්‍රස්ත ක්‍රියා සහ දරුණු ගණයේ අපරාධ මැඩ පවත්වාගනිමින් වික්ටෝරියානු ප්‍රාන්ත ජනතාවට බියෙන් තොරව ආරක්ෂාකාරීව ජීවත් වීමට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීමේ අරමුණින් වික්ටෝරියා ප්‍රාන්ත රජය මෙම නව නීති සම්මත කර තිබේ.
counter-terrorism
Source: AAP

ත්‍රස්තවාදයට එරෙහිවීමේ වික්ටෝරියානු ප්‍රාන්තයේ නව නීති

ත්‍රස්තවාදී ක්‍රියා වලට සැකපිට අත්අඩංගුවට ගන්නා සැකකරුවන් අධිකරණ නියෝගයක් නොමැතිව දින 4 ක් දක්වා බන්ධනාගාරගත කිරීමට වික්ටෝරියානු පොලීසියට බලය හිමිවේ.

එමෙන්ම ත්‍රස්තවාදී ක්‍රියා වලට සැකපිට අත්අඩංගුවට ගන්නා වයස අවුරුදු 14 හෝ ඊට වඩා වයසින් වැඩි දරුවන් පැය 36 දක්වා පොලිස් භාරයේ රඳවා තබාගැනීමට හැකියාව ලැබේ.

එමෙන්ම දරුණු අපරාධකරුවන් සහ ත්‍රස්ත ක්‍රියා මෙල්ල කිරීමේ අවදානම් අවස්ථා වලදී මරණය තෙක් වෙඩි තැබීමේ බලයද මෙමගින් පොලීසියට හිමිව තිබේ.

ත්‍රස්ත ක්‍රියා වලටඅතීතයේදී සමබන්ධ වී නොසිටි බවට තොරතුරු ඇති පුද්ගලයෙකු පවා  ත්‍රස්තවාදී ක්‍රියා වලට සැකපිට අත්අඩංගුවට ගතහොත් ඇප ලබා දීම ප්‍රතික්ෂේප කිරීමටද වික්ටෝරියානු පොලීසියට දැන් බලය හිමිවේ.


 

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”


 

ඕනෑම වෙලාවක පුද්ගලයින්ව, වාහන පරීක්ෂා කිරීමට මෙන්ම ඕනෑම ස්ථානයකට ඕනෑම වෙලාවක ඇතුළුවී එම ස්ථාන පරීක්ෂා කිරීමට සහ ඒවායේ පාලනය සියතට ගැනීමට වික්ටෝරියානු පොලීසියට මෙම නව බලතල යටතේ හැකියාව පවතී.

එලෙසම වික්ටෝරියානු ප්‍රාන්තයේ වැසියන්ගෙන් ඕනෑම වේලාවක අනන්‍යතාව තහවුරු කිරීම සඳහා අනන්‍යතා සහතිකයක් ඉල්ලීමටද වික්ටෝරියානු පොලීසියට මෙහිදී හැකියාව පවතී.

ත්‍රස්ත ක්‍රියාවකදී Protective Service Officers හෙවත් PSO නිලධාරීන් හටද වික්ටෝරියානු පොලීසිය සමග එක්ව කටයුතු කිරීමට හැකිවනු ඇත.
counter-terrorism
Source: AAP

නිමිත්ත

ත්‍රස්ත ක්‍රියාවන් සහ දරුණු ගණයේ අපරාධ සම්බන්ධ දැනුමක් ඇති විශේෂඥ මණ්ඩලයක් විසින් වික්ටෝරියානු ප්‍රාන්තයේ ත්‍රස්තවාදයට එරෙහිවීමේ මෙම නව නීති සම්පාදනය කිරීමට පියවරගත් බව වාර්තා වේ.

වික්ටෝරියානු ප්‍රාන්තයේ හිටපු ප්‍රධාන පොලිස් කොමසාරිස් Ken Lay සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු විනිසුරුවරයෙකු වූ David Harper එම විශේෂඥ මණ්ඩලයේ මුලසුන දරනු ලැබුවෝය.

වික්ටෝරියානු පොලීසියට මෙම නව බලතල හිමිකරදීමට ආසන්නතම සිදුවීම වුයේ පසුගිය වසරේ Brighton ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයකදී තුවක්කරුවෙකු සහ පොලීසිය අතර සිදුවූ වෙඩි හුවමාරුවීමය.

එහිදී අවසානයේ තුවක්කු කරු මරුමුවට පත්වූ අතර පොලිස් නිලධාරීන් තිදෙනෙකු තුවාල ලැබුහ.
counter-terrorism
Source: AAP

ත්‍රස්තවාදයට එරෙහිවීමේ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ නීති

ත්‍රස්තවාදයට එරෙහිවීමේ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ නීති මගින් පහත සඳහන් දේ පිළිබඳව අවධානය යොමු කරයි.

  • ත්‍රස්ත ක්‍රියා සම්බන්ධ අපරාධකරුවන්.
  • ත්‍රස්තවාදී සංවිධාන.
  • ත්‍රස්තවාදයට මුල්‍ය සහය සැපයීම සහ ඔවුන්ට සහය දැක්වීම.
  • ත්‍රස්ත ක්‍රියා වලට අනුබල දීම.
  • ත්‍රස්ත ක්‍රියා සම්බන්ධ විදෙස් ආක්‍රමණ.
--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

Share
Published 2 October 2018 11:16am
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service