ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිළිබඳ දිනය නිමිත්තෙන් 5000 ක් ඔස්ට්‍රේලියානු පුරවැසිභාවයෙන් පිදුම් ලබයි.

පසුගිය සතියේදී විවිධ රවටල් 131 ක 5000 කට ආසන්න පිරිසක් ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබාගත් බව වාර්තා වේ.

Australian Citizenship Day

Source: SBS

මෙවර ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිළිබඳ දිනය නිමිති කර‍ගෙන 5000  කට ආසන්න පිරිසකට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිරිනැමීමට ඔස්ට්‍රේලියානු රජය විසින් පසුගිය සතියේදී කටයුතු කරනු ලැබීය.

සෑම වසරකම සැප්තැම්බර් 17 වන දිනට යෙදී තිබෙන  ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිළිබඳ දිනය ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය, ප්‍රාන්ත රජයන් ඇතුළු නගරසභා ඊයේ දිනයේදී උත්කර්ෂවත් අන්දමින් සමරනු ලැබීය.

ඒ අනුව පසුගිය සතියේදී විවිධ රවටල් 131 ක  5000  කට ආසන්න පිරිසක් ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබාගත් බව වාර්තා වේ.

ඉන් බහුතරය ඉන්දියාව, එක්සත් රාජධානිය සහ දකුණු අප්‍රිකාව වැනි රටවලින් පැමිණි පුද්ගලයින් බවද සඳහන්.

මෙවර ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිළිබඳ දිනය සැමරීමේ ප්‍රධාන නිල උත්සවය ඊයේ (17/09) බ්‍රිස්බන් හි Calamvale හි පැවැත්වූ අතර ඒ සඳහා ඔස්ට්‍රේලියාවේ ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය  Peter Dutton ද සහභාගී විය.

ඔහු අතින් පුද්ගලයින් 400 කට පමණ ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිරිනැමුණු බවද වාර්තා වේ.

මේ අතර මෙල්බන්, ඩාවින් සහ සිඩ්නි නුවර වලද ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිරිනැමීමේ ප්‍රධාන උත්සව ඊයේ (17/09) පැවැත්විණි.
පසුගිය  කාලයේදී මෙල්බන් නුවර නගරසභා තුනක් ජනවාරි 26 වන දින ඔස්ට්‍රේලියා දිනය සැමරීම අත්හැරීමට තම නගර සභා තුළ ඒකමතිකව සම්මත කරගත් අතර එදිනට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිරිනැමීමේ උත්සවද අහෝසි කිරීමට තීරණය කළ බව වාර්තා විය.

නමුත් ජනවාරි 26 දිනට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිරිනැමීමේ නිල උත්සවය තමන් පවත්වන බව ඉන් එක් නගර සභාවක් වන Moreland නගර සභාව ප්‍රකාශ කළේය.

කෙසේවෙතත්,  ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිරිනැමීමේ නිල උත්සවය දේශපාලනික හෝ ආගමික කටයුතු සහ මත ව්‍යාප්ත කිරීමට භාවිතා නොකළ යුතු බවට එම ආචාර ධර්ම ප්‍රතිපත්තියේ සටහන්ව ඇති බවත් එනිසා රජය Moreland නගර සභාව ට විරුද්ධව පියවර ගැනීමට අවධානය යොමු කරමින් සිටින බවත් සහකාර ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Alex Hawke පැවසීය.



*********************************************************************

!!! SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන !!!

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

 

 සජීවීව සහ පසුව online අහන්න

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

*********************************************************************



 


Share
Published 18 September 2017 11:52am
Updated 18 September 2017 11:54am
By Madhura Seneviratne
Source: AAP, SBS News


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service