ඔස්ට්‍රේලියාවේ වෙසෙන පුද්ගලයින් පීඩා විඳින රෝගාබාධ හා අයහපත් සෞඛ්‍ය පුරුදු ලැයිස්තුව මෙන්න. (SBS සිංහල/වාර්තා)

ඔස්ට්‍රේලියාවේ වාසය කරන ළමුන්ගෙන් 99% ක් හා වැඩිහිටි පුද්ගලයින්ගෙන් 96% ක් දිනකට නිර්දේශිත එළවලු ප්‍රමාණය (දිනකට එළවලු වේල් 5ක්) නොගන්නා බව එම වාර්තාව දක්වයි.

The latest disease list which Australians are suffering.

Source: Flickr

2018 වසර සඳහා ඔස්ට්‍රේලියාවේ සෞඛ්‍ය වාර්තාව පසුගිය සතියේදී නිකුත් විය.

එයින් ඔස්ට්‍රේලියානු වාසීන් බහුලවම මුහුණ පාන රොගාබාධ මෙන්ම යහපත් සහ අයහපත් සෞඛ්‍ය පුරුදු පිළිබඳ අනාවරණය කර තිබිණි.
The latest disease list which Australians are suffering.
Source: Flickr

අයහපත් සෞඛ්‍ය පුරුදු

ආසන්න වශයෙන් ඔස්ට්‍රේලියානු වාසීන් සෑම දෙනාම පාහේ සැලකිය යුතු මට්ටමේ එළවලු ආහාරයට නොගන්නා බව 2018 වසර සඳහා ඔස්ට්‍රේලියාවේ සෞඛ්‍ය වාර්තාව පවසයි.

ඔස්ට්‍රේලියාවේ වාසය කරන ළමුන්ගෙන් 99% ක් හා වැඩිහිටි පුද්ගලයින්ගෙන් 96% ක් දිනකට නිර්දේශිත එළවලු ප්‍රමාණය (දිනකට එළවලු වේල් 5ක්) නොගන්නා බව එම වාර්තාව දක්වයි.

මේ අනුව කුඩා කාලයේ සිටම වැඩිපුර කාබෝහයිඩ්රෙඩ් සහිත ආහාර සහ කඩචෝරු ආහාර (junk food) ගැනීම වැනි අයහපත් සෞඛ්‍ය පුරුදු වලට හුරු වීම නිසා පසුකාලීනව විවිධ සෞඛ්‍ය ගැටළු වලට ඔවුන් මුහුණ දෙන බව ඔස්ට්‍රේලියාවේ සෞඛ්‍ය පිළිබඳ ජනමාධ්‍යවේදී Michael Mosley පැවසීය.


 

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”


 

මේ අතර අයහපත් ආහාර පුරුදු හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ වෙසෙන වැඩිහිටියන්ගෙන් තුනෙන් දෙකක්ම සහ ළමුන්ගෙන් හතරෙන් එකකට වැඩි ප්‍රමාණයක් ස්ථුලතාවයෙන් පෙළෙන බවද 2018 වසර සඳහා ඔස්ට්‍රේලියාවේ සෞඛ්‍ය වාර්තාව පවසයි.

මේ හේතුවෙන් දියවැඩියාව, හෘදයාබාධ, ආඝාතය සහ බොහෝ පිළිකා වලට මේ තත්ත්වය බලපාන බව වෛද්‍ය Adrian Sartoretto පවසයි.
The latest disease list which Australians are suffering.
Source: SBS

ප්‍රධාන සොයාගැනීම්

  • ඔස්ට්‍රේලියාවේ පිරිමි පුද්ගලයින්ට ප්‍රධාන වශයෙන් මරු කැඳවන්නේ හෘදයාබාධය.
  • ඔස්ට්‍රේලියාවේ කාන්තාවන්ට ප්‍රධාන වශයෙන් මරු කැඳවන්නේ ඇල්ෂයිමර් සහ ඩිමෙන්ෂියා රෝගී තත්ත්වයන්ය.
  • වයස අවුරුදු 16 ට වැඩි ඔස්ට්‍රේලියානු වාසීන්ගෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් මානසික ආබාධ වලින් පෙළෙයි.
  • ඔස්ට්‍රේලියාවේ වෙසෙන වැඩිහිටියන්ගෙන් තුනෙන් දෙකක්ම සහ ළමුන්ගෙන් හතරෙන් එකකට වැඩි ප්‍රමාණයක් ස්ථුලතාවයෙන් පෙළෙයි.
  • ඔස්ට්‍රේලියාවේ වාසය කරන ළමුන්ගෙන් 99% ක් හා වැඩිහිටි පුද්ගලයින්ගෙන් 96% ක් දිනකට නිර්දේශිත එළවලු ප්‍රමාණය (දිනකට එළවලු වේල් 5ක්) නොගනියි.
  • ඔස්ට්‍රේලියානුවාසීන් සැලකිය යුතු ප්‍රමාණයට ව්‍යායාම නොකරයි.
  • යොවුන් වියෙහි පසුවන අයගෙන් 92% ක්ම තම වයසට නිර්දේශිත ව්‍යායාම් නොකරයි.
  • සාමාන්‍යයෙන් දිනකට උපත් 850ක්, මරණ 440ක්, පිළිකාවන් සොයාගැනීම් 380ක් සහ හෘදයාබාධ 170 ක් වාර්තා වෙයි.
  • සාමාන්‍යයෙන් දිනකට 406,000 ක් තමන්ගේ වෛද්‍යවරයා මුණ ගැසීමට යයි.
  • OECD රටවල් අතරින් පිරිමි පුද්ගලයින් පිළිබඳ සැලකීමේදී ඉහළම ආයුෂ සහිත රවටල් අතරින් ඔස්ට්‍රේලියාව 5 වන තැන ගන්නා අතර කාන්තාවන් පිළිබඳ සැලකීමේදී ඉහළම ආයුෂ සහිත රවටල් අතරින් 8 වන තැන ඔස්ට්‍රේලියාවට හිමිවේ.
  • වර්ෂ 1890 උපන් පුද්ගලයින්ගේ ජීවන කාලයට සාපේක්ෂව වර්තමාන පුද්ගලයින් වසර 33 ක් වැඩියෙන් ජීවත් වෙයි.
(Source: Australia's Health 2018, Australian Institute of Health and Welfare)

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

Share
Published 27 June 2018 10:33pm
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service