ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියානු ප්‍රාන්ත වාසීන්ට ප්‍රාන්ත රජයෙන් ලැබෙන අලුත්ම බෝනස් එක මෙන්න. (SBS සිංහල/වාර්තා)

ලබන මාසයේ පවත්වන්නට නියමිත වික්ටෝරියානු අය වැයේ දී මෙම පාරිතෝෂික දීමනා පිරි නැමීම සඳහා ඩොලර් මිලියන 48 ක මුදලක් වෙන් කිරීමට ප්‍රාන්ත රජය සූදානමින් සිටියි.

Vic homes to get $50 power bonus in budget

Source: SBS

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියානු රජයේ energy deal comparison website හෙවත් බලශක්ති ගණුදෙනු සංසන්දනය කෙරෙන වෙබ් අඩවිය භාවිත කරනු ලබන වික්ටෝරියානු ප්‍රාන්තයේ නිවැසියන් හට පාරිතෝෂික දීමනාවක් පිරි නැමීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය තීරණය කරයි.

ලබන මාසයේ පවත්වන්නට නියමිත වික්ටෝරියානු අය වැයේ දී මෙම පාරිතෝෂික දීමනා පිරි නැමීම සඳහා ඩොලර් මිලියන 48 ක මුදලක් වෙන් කිරීමට ප්‍රාන්ත රජය සූදානමින් සිටියි.

ඒ අනුව වික්ටෝරියානු ප්‍රාන්තයේ නිවැසියන් හට ඩොලර් 50 බැගින්වූ පාරිතෝෂික දීමනාවක් හිමිවීමට නියමිතය.

නමුත් මේ සඳහා සුදුසුකම් ලැබීමට අදාළ නිවැසියන් vic.gov.au/victorianenergycompare  යන වෙබ් ලිපිනයේ ඇති වික්ටෝරියානු රජයේ energy deal comparison website හෙවත් බලශක්ති ගණුදෙනු සංසන්දනය කෙරෙන වෙබ් අඩවිය භාවිත කළ යුතු වෙයි.

2018 වසරේ ජූලි 01 වන දින සිට 2018 දෙසැම්බර් 31 දක්වා වූ කාලය තුළදී එම වෙබ් අඩවිය භාවිතා කළ යුතු වන අතර එහි ඇති කිසිදු ඉල්ලීමක් අනුමත කිරීමට හෝ තමන්ගේ නිවසේ දැනට ක්‍රියාත්මක වන බලශක්ති ගිවිසුම වෙනස් කිරීමට හෝ අවශ්‍ය නොවන බවද වාර්තා වේ.
Vic homes to get $50 power bonus in budget
Source: www.compare.switchon.vic.gov.au
මෙම පාරිතෝෂික දීමනාව ලබා ගන්නා අතරේදී වික්ටෝරියානු නිවැසියන් හට තම බලශක්ති බිල්පත් වලින් මුදල් ඉතිරි කරගැනීමට ද හැකි බව වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews පැවසීය.

“වික්ටෝරියානු ප්‍රාන්තයේ බොහෝ පාරිභෝගිකයින් බලශක්ති සමාගම් වලින් හෝ බැංකු වලින් හෝ තමන්ට වාසි සැලසෙන හොඳම දේ තෝරාගන්න දන්නේ නැහැ. වික්ටෝරියානු ප්‍රාන්තය තුළ ඉතා හොඳ දීමනා තිබෙනවා. අපගේ මෙම වෙබ් අඩවිය මගින් එම අනගි දීමනා වික්ටෝරියානු ප්‍රාන්ත වාසීන් හට හඳුන්වා දෙනවා.” යනුවෙන් වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews වැඩි දුරටත් පැවසීය.
Vic homes to get $50 power bonus in budget
Source: AAP

සමාජ සාධාරණත්වය පිළිබඳ වික්ටෝරියානු සභාවේ ප්‍රසාදය.

සමාජ සාධාරණත්වය පිළිබඳ වික්ටෝරියානු සභාව මෙම ක්‍රියාව සඳහා තම ප්‍රසාදය පළ කර තිබේ.

මෙමගින් බලශක්ති සමාගම් වලට පාරිභෝගිකයින් හට අවංක වීමට සිදුවන අතරම බලශක්ති ගාස්තු ද දැරිය හැකි මට්ටමේ පත්වාගෙන යාමට සිදුවන බව ඔවුන් පෙන්වා දෙයි.

බොහෝ කාලයක් බලශක්ති ක්ෂේත්‍රයේ දැවැන්තයින් සාමන්‍ය පාරිභෝගිකයින්ව සූරාගෙන කෑ බවත් මෙම නව පියවර නිසා එම සමාගම් වලට දෙවරක් සිතීමට සිදුව ඇති බවත් සමාජ සාධාරණත්වය පිළිබඳ වික්ටෝරියානු සභාවේ ප්‍රධාන විධායිකා Emma King පැවසුවාය.
Vic homes to get $50 power bonus in budget
Source: SBS

පාරිතෝෂික දීමනාව ලබා ගත හැක්කේ කාටද?

මෙම පාරිතෝෂික දීමනාව හුදෙක් අදාළ දේපළ වලට පමණක් ලබා දෙන අතර එය එක් එක් පුද්ගලයින්ට පිරි නැමෙන්නේ නැති බව පැවසේ.

එමෙන්ම vic.gov.au/victorianenergycompare  යන වෙබ් ලිපිනයේ ඇති වික්ටෝරියානු රජයේ energy deal comparison website හෙවත් බලශක්ති ගණුදෙනු සංසන්දනය කෙරෙන වෙබ් අඩවියේ ලියා පදිංචි වූ අයට පමණක් මෙය පිරිනැමේ.

වික්ටෝරියානු ප්‍රාන්තයේ සියලු බලශක්ති සමාගම් තම පාරිභෝගික බලශක්ති සැලසුම් පිළිබඳ තොරතුරු අදාළ වෙබ් අඩවිය වෙත ලබා දිය යුතු වන අතර එමගින් පාරිභෝගිකයින් හට විවිධ සමාගම් අතර මනා සංසන්දනයක් කිරීමට හැකි වන බව ප්‍රාන්ත රජය පවසයි.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

Share
Published 23 April 2018 8:53am
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service