මාර්ග අනතුරු හේතුවෙන් ඕස්ට්‍රේලියානු ආර්ථිකයට වාර්ෂිකව ඩොලර් බිලියන 27ක පිරිවැයක්.(SBS සිංහල/ වාර්තා)

වාර්ෂිකව ඕස්ට්‍රේලියාව තුල මාර්ග අනතුරු හේතුවෙන් සැලකිය යුතු ජීවිත සංඛ්‍යාවක් අහිමිවීමත්, ආර්ථිකයට එය විශාල පිරිවැයක් බවට පත් වීමත් හේතුවෙන් රිය පැදවීමේදී මීට වඩා ආරක්ෂාකාරී වීම වැදගත් බව රජය පෙන්වා දී තිබේ.

road safety sign

Road safety sign Source: AAP/Allan Porritt

මීට  වසර කීපයකට පෙර මාර්ග අනතුරු හේතුවෙන් මිය යන සංඛ්‍යාව සැලකිය යුතු ලෙස අඩු මට්ටමක පැවතියද, මේ වන විට නැවතත් එම සංඛ්‍යාව ඉහල යෑම පිලිබදව රජයේ අවධානය යොමු වී තිබේ. මාර්ග ආරක්ෂාව පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහන් වල අඩු පාඩුවක් හේතුවෙන් මෙම තත්වය ඇති වී තිබේදැයි, සමහරෙක් මෙහිදී විමසන ප්‍රශ්නයක්.

ඕස්ට්‍රේලියානු ෆෙඩරල් රජයේ දත්ත වලට අනුව, මාර්ග අනතුරු හේතුවෙන් ඕස්ට්‍රේලියානු ආර්ථිකයට වාර්ෂිකව දැරීමට සිදුවන වියදම ඩොලර් බිලියන 27ක් බව සදහන්.

තම 23 හැවිරිදි දියණිය මාර්ග අනතුරකින් මියගිය පියෙකු වූ Peter Frazer යොදාගෙන, මාර්ග අනතුරු පිලිබදව දැනුවත් කිරීමට ගෙන ගිය වැඩසටහන වැනි වැඩසටහන් වලින් ජනතාව අතරට ගෙන යන්නට උත්සහ ගත්  පණිවිඩය නිසි අයුරින් ජනතාව අතරට ගොස් නැති බව පොලීසිය  පවසයි.

Frazer මහතාගේ දියණිය, මෝටර් රථයේ කාර්මික දෝෂයක් හේතුවෙන් මහා මාර්ගයේ තම මෝටර් රථය නවතාගෙන සිටින විට, ට්‍රක් රථයක ගැටීමෙන් 2012 වසරේදී ඇය ජිවිතක්ෂයට පත් වී ඇති බව සදහන්.

තම 23 හැවිරිදි දියණිය මෙම මාර්ග අනතුරින් ජිවිතක්ෂයට පත් වීමෙන් පසුව තම ජීවිතය සම්පුර්ණයෙන් වෙනස් වූ බව Frazer මහතා පවසයි. මාර්ග ආරක්ෂණ සතිය තුල ඕස්ට්‍රේලියාව  තුල සහ ජාත්‍යන්තරව ක්‍රියාත්මක වැඩසටහන් වලට තමන් දායකත්වය ලබාදුන් බවත්, ඒවායේ ප්‍රථිපල  පිලිබදව තමන් සෑහීමට  පත්වන බවත්  Peter Frazer සදහන් කරයි.


ඕස්ට්‍රේලියාවේ සමහරක් ප්‍රාන්ත වල මාර්ග අනතුරු සැලකිය යුතු ලෙස 2014 වසරේදී අඩු වී තිබුනත්, පසුගිය මාස 18ත් 12ත් අතර කාලය තුල මෙම සංඛ්‍යාව සැලකිය යුතු ලෙස වැඩි වී ඇති බව සදහන්.

New South Wales ප්‍රාන්තයේ ස්නායු ශල්‍ය  වෛද්‍ය වරයෙක් වන මහාචාර්ය Brian Owler පවසන්නේ මාර්ග අනතුරු හේතුවෙන් තුවාල ලබන අයට  ප්‍රතිකාර කිරීම සදහාද රජයට සැලකිය යුතු ලෙස ඉහල පිරිවැයක් දැරීමට සිදු වී ඇති බවයි. අප ජිවිත වල අපට සමීප අය අනතුරට ලක් වීමෙන් සිදුවන සිත් තැවුල මෙන්ම, ආර්ථික පිරිවැයද  සලකා  බැලීම මෙහිදී වැදගත් කරුණක් බව මහාචාර්ය Brian Owler පවසයි.

දත්ත වලට අනුව වික්ටෝරියානු ප්‍රාන්තයේ සෑම පැය  දෙකකට වරක්ම කෙනෙකු මාර්ග අනතුරු හේතුවෙන් තුවාල ලබන බවත්, සෑම  දින එකහමාරකට වරක් කෙනෙකු ජිවිතක්ෂයට පත් වන බවත් වාර්තා වෙයි.


වික්ටෝරියානු ප්‍රාන්ත Road Policing Command හී නියෝජ්‍ය කොමසාරිස් Doug Fryer පවසන ආකාරයට වික්ටෝරියානු ප්‍රාන්තය තුල මාර්ග අනතුරු හේතුවෙන් වාර්ෂිකව දැරීමට සිදුවන වියදම ඩොලර් බිලියන 3ත් 4ත් අතර බව සදහන්.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ මාර්ග අනතුරු හේතුවෙන් වාර්ෂිකව දැරීමට සිදුවන පිරිවැය ඩොලර් බිලියන 7ක් බව වාර්තා වෙයි. මෙහිදී බිලියන 3.5ක  මුදලක් වැයකිරීමට සිදුව තිබෙන්නේ මාර්ග අනතුරුවලින් තුවාල ලබන අයට  ප්‍රතිකාර කිරීම සදහා බව සදහන්. තවද 12,000 ආසන්න පිරිසක් වාර්ෂිකව මාර්ග අනතුරු හේතුවෙන් තුවාල ලැබීම නිසා එම ප්‍රාන්තයේ රෝහල් වලට ඇතුලත් වන බව වාර්තා සදහන් කරයි.


ඕස්ට්‍රේලියානු ජාතික මාර්ග ආරක්ෂණ උපාය මාර්ගය  (The National Road Safety Strategy)  මගින් 2020 වන විට මාර්ග අනතුරු 30%කින් අඩු කිරීම ඉලක්කය වී ඇති බව වැඩි දුරටත් සදහන්.

Share
Published 3 January 2017 7:17am
Updated 3 January 2017 1:50pm
By Sanjaya Dissanayake


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service