සුපිරි වෙළෙඳ සැල් වෙත ගිය විට “junk food” මිලට නොගෙන සිටින්නේ කෙසේද? (SBS සිංහල/වාර්තා)

ඔබ කුසගින්නේ සිටින විට ඔබේ මොළය ඔබ කුසගින්නේ සිටිනවා යන පණිවිඩය ඔබට පවසයි. ඒ අනුව ඔබ ක්ෂණිකව ශක්තිය ලබා ගැනීමට හැකි සීනි, ලුණු, පිෂ්ඨය අධික ආහාර පාන වර්ග ගැනීමට පෙළඹෙයි.

Avoid Buying Junk Food

Source: Getty Images

ඔබ ආහාර පාන මිලදී ගැනීමට සුපිරි වෙළෙඳ සැල් වෙත ගිය විට ඔබට අවශ්‍යකරන දේවල් වෙනුවට ඔබ බොහෝ විට මිලට ගෙන ඇත්තේ  “junk food” හෙවත් අනවශ්‍ය සෞඛ්‍යට අහිතකර ආහාර පාන බව ඔබට පසුව වැටහුණු වාර අනන්තවත් ඇත.

මෙය අවම කරගැනීමට හෝ නවත්වා ගැනීමට ඔබ කෙතරම් වෙහසක් ගත් නමුත් එය ඉතා අපහසු කටයුත්තක් බව ඔබට සිතෙන්නට හැකිය.

ආහාර පාන මිලදී ගැනීමට සුපිරි වෙළෙඳ සැල් වෙත ගිය විට, අවශ්‍යම ආහාර පාන පමණක් මිලට ගෙන “junk food” මිලට නොගෙන සිටීමට උපකාරී වන ඔස්ට්‍රේලියාවේ ප්‍රසිද්ධ පෝෂණවේදිනියක් වන Zoe Bingley-Pullin පැවසු සරල උපදෙස් 5 ක් මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරේ.

1. කුස පිරෙන්න ආහාර ගත් පසු ආහාර පාන මිලට ගැනීමට යන්න.

කුසගින්නේ ආහාර පාන මිලට ගැනීමට සුපිරි වෙළෙඳ සැල් වෙත ගිය විට, ඔබ නොදැනුවත්ම ඔබගේ බිලට අනවශ්‍ය ආහාරපාන රාශියක් එකතුවනු ඇත.

ඔබ කුසගින්නේ සිටින විට ඔබේ මොළය ඔබ කුසගින්නේ සිටිනවා යන පණිවිඩය ඔබට පවසයි.

ඒ අනුව ඔබ ක්ෂණිකව ශක්තිය ලබා ගැනීමට හැකි සීනි, ලුණු, පිෂ්ඨය අධික ආහාර පාන වර්ග ගැනීමට පෙළඹෙයි.

එය ඔබගේ සෞඛ්‍යයටද එතරම් සුබ දායී නොවනු ඇත.

2. විස්තරාත්මක සැලැස්මක් සහිතව යන්න.

සැමවිටම භාණ්ඩ මිලට ගැනීමට යාමේදී ඔබට අවශ්‍ය මොනවාද යන්න සහ ඔබ මිලට ගැනීමට අපේක්ෂිත දේවල් මොනවාද යන්න සටහන් කරගත් ලැයිස්තුවක් සකස්කරගෙන යාමට මතක තබා ගන්න.

ඔබට අවශ්‍ය සෞඛ්‍ය සම්පන්න ආහාර පාන පමණක් එම ලැයිස්තුවට ඇතුළත් කරන්න.

ඔබට හැකියාවක් ඇත්නම් “චොකලට් අඩු කරන්න” වැනි ඔබේ අනාගත සෞඛ්‍ය  සඳහා බලපාන කරුණක්ද ඊට ඇතුළත් කරන්න.

සතියේ දින කිහිපයක ආහාර වේල් පිළිබඳ පෙරාතුව සැලසුම් කිරීමෙන් ඔබට මෙම කටයුත්ත වඩාත් පහසුවෙන් සිදු කරගත හැකිවේ.

3. සන්සුන් මනසින් සාප්පු සවාරි යන්න.

ඔබ දීර්ඝ දිනයකින්, විඩාපත් මනසකින් හෝ මානසික පීඩාවට පත් මොහොතකදී ආහාර පාන මිලට ගැනීමෙන් ඔබ සෞඛ්‍යයට අහිතකර ආහාර පාන මිලට ගැනීමේ සම්භාවිතාව ඉහළය.

මෙවැනි අවස්ථාවලදී විශාල ප්‍රමාණයේ බිස්කට් පැකට්ටු, විශාල ප්‍රමාණයේ අයිස් ක්‍රීම් මිලට ගැනීමට ඔබ නිරායාසයෙන් පෙළඹේ.

4. සතියකට වරක් සාප්පු සවාරියේ යන්න.

ඔබ ඉතා සැලසුම්ව සියලු භාණ්ඩ සතියකට එක් වරක් මිලට ගැනීමට සුපිරි වෙළෙඳ සැල් වෙත ගිය විට ඔබ අනවශ්‍ය භාණ්ඩ මිලට ගැනීමෙන් වළකිනු ඇත.

එමෙන්ම කුඩා කුඩා මගහැරුණු භාණ්ඩ මිලට ගැනීමට ඔබට විටින් විට සුපිරි වෙළෙඳ සැල් වෙත යාමට අවශ්‍ය වන්නේද නැත.

එමගින් සිදුවන්නේ සෞඛ්‍යට අහිතකර තවත් අමතර ආහාර පාන වර්ග මිලට ගැනීමට ඉඩ සැලසීමය.

5. “Junk food” ඇසුරූ රාක්ක ඇති ප්‍රදේශ වලට ගමන් නොකරන්න.

නැවුම් එළවලු, පළතුරු, කිරි, බිත්තර සහ අනෙක් පෝෂ්‍යදායී ආහාර පාන වර්ග ඇසුරූ රාක්ක අසල පමණක් ඔබේ සාප්පු සවාරිය යොදාගන්න.

Share
Published 18 June 2017 6:33pm
Updated 18 June 2017 6:36pm
By Madhura Seneviratne


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service